8 ☕

718 103 368
                                    

" අදීර වතුරට බහින්න එපා.. දැන් යමු.. "

" තව ටිකක් ඉමුකො.. "

" දැන් උබ වතුරට බැස්සොත් මෙතනින් යනවා බොරු.. "

" නෑ නෑ ටිකකින් එන්නම්.. අනේ.. හානේ..? "

" ඇදුම් තෙමාගෙන සීතලේ ගැහියන්කෝ!!! "

ඔරුවෙන් ඇවිත් ගල්පොත්තේ පත්තිනි දේවාලෙට අපි පඬුරක් ගැටගහලා භාරයක් වුනා..
අදීශායි දරුවයි දෙන්නම දරු උපතේදී කිසිම කරදරයක් නොවෙන්න කියලා.. භාර ඔප්පු කරන්න නවගමුවේ ශ්‍රී සත්පත්තිනි දේවාලෙට පලතුරු වට්ටියක් අරන් පූජා කරන්න එන්නම් කියලා..

ඒ කරලා මම හැදුවේ ඉතින් ආපු ගමනනේ කියලා වැවට බහින්න..
මේ ගමට ඇවිත් මාස දෙකක් වුනා වතුරකට බැස්සෙම නෑ.. එහෙමත් දවසක චූටි කුකුවත් අරන් අපි දෙන්නා පොකුණක් ඇලක් ලගට වෙලා මොනවාහරි කඩචෝරුවක් ගිල ගිල ඉර බහින හැටි බැලුවොත් ඇරෙන්න එහෙම වතුරකට බැස්සෙම නෑ..

ඉතින් ආසාව වැඩිම නිසා මම වැවට බැස්සා.. කොට කලිසම දනහිස ලගට නිසා ඒ හැටි ප්‍රශ්නයක් නෑ කියලා...
ඒත් කොහෙද ඉතින් සහනාගේ වැඩේ බෙරිහන් දෙන එක ගොඩට වරෙන් කිය කිය..

බෙරිහන් දුන්නට මම ඕවා කනට ගන්නවද?
නෑනේ..
ඒ නිසා ඇති තරම් කෑගහපන් කියලා මම වැවට බැස්සා..

බැස්සට මොකෝ,
වැවේ මාළු පැටව් කකුල් වලට කොටන්න ගද්දි තමා තරු විසි වුනේ..
මොකද ඒ දැනිච්ච අමුතු  කිතියට මම දඟලලා පය ලිස්සලා වැවටම පත බෑවුනා..

" අදීර!!! "

ඉවරායි....!!!

" තොට කිව්වා බහින්ඩ එපාය කියලා.. කනට ගත්තද කියාපුවා? ගහන්ඩ ඕනා උබේ පුක පැලෙන්ඩ! "

" සහන්.. නැගිටවන්නකෝ.. "

" මම එන්නේ නෑ.. තනියෙන් නැගිටපන්! "

" බූරු සහන්!! "

" අදීර!! "

ඇයි මඟුල වැටිච්ච එකාව නැගිට්ටවපන්, ඒකත් නෑ!
පුප්ප පුප්ප අඥීර ගාන්න විතරයි දන්නේ..

මම වැටිච්ච පාර ඇදන් හිටපු කොට කලිසමයි සුදුකමිසෙයි දෙකම තෙමුනා.. කොටින්ම කිව්වොත් මාව නෑවුනා.. මම අමාරුවෙන් නැගිටලා ගොඩට යන්න හැදුවේ ආයේ මාළු කොටයි කියලා බයට..

හුළු අත්ත ( ONGOING )Where stories live. Discover now