27

116 13 5
                                    


සවස් යාමේ නින්දට වැටුණු ටෙහ්යුන්ග් නැවතත් අවදි වුනේ මධ්‍යම රාත්‍රිය ගෙවී ගිය පසුවයි. ධවල පැහැ සේද රෙදි යටින් සම්පුර්ණ නිරුවතින් සිටි ටෙහ්යුන්ග් කෙදිරි ගාමින් අනික් ඇලයට හැරුණුත් යහන මත තිබුණු උණුසුම තව දුරටත් නොමැති බව වැටහුණු විට ටෙහ්යුන්ග් හට තව දුරටත් නිදාගැනීමට හැකි වුනේ නැහැ..

ශරීරය වසාගෙන තිබුණු සේද සළුව පපුවට තද කරගෙන ටෙහ්යුන්ග් කෙලින් වුණා. සද එළියෙන් පමනක් අලෝකමත් වුනු කුටියේ තිබුණු අදුරට දෑස් හුරු කරගන්න ටෙහ්යුන්ග්ට මද වෙලාවක් ගත වුණා..

"ජන්කු..ක්‌..."

වෙහෙස පිරුණු හඩකින් ටෙහ්යුන්ග් කතා කරා. නමුත් කුටිය තුල තමන් හැරුණු විට කිසිවෙකු නැති බව ටෙහ්යුන්ග් දුටු විට නිදි මත පිරුණු දෑස් ඔහුගෙන් ඇතට ගියා. වේදනා දෙන යටිබඩ, ගැහෙන කලවා, ගිනි ගන්න යටිකය ගැන නොතකමින් ටෙහ්යුන්ග් යහනෙන් නැගිට්ටා..

සද පමනක් ඇති අදුරු රාත්‍රියේ ටෙහ්යුන්ග් ජන්කුක්ව සොයමින් වෙදනා දෙන ශරීරයත් සමග කුටියෙන් පිටතට ආවා..

උණ පදුරු අතරින් ගලගෙන එන තද සුලග සේද සළුවකින් පමනක් ආවරණය වුනු ටෙහ්යුන්ගේ මුළු ගතම වෙවුලන්න සමත් වුණා. අව්ල් වුනු හිස කෙස් සැහැල්ලුවෙන් එහා මෙහා වන විට ටෙහ්යුන්ග් නිවසින් පිටතට ආවා..

"ජන්කුක්!!! උතුමාන්නි!! ඇල්ෆා...!!"

නැවත වරක්.. නැවත වරක්.. ටෙහ්යුන්ග් තමන්ට පුළුවන් උපරිම හඩින් ජන්කුක් කතා කරා. ගන අදුරෙන් පිරුණු වනාන්තරය දෙස බලමින් ටෙහ්යුන්ග් ලි අත් වැටට බර දෙමින් හෙමින් හෙමින් පහලට ආවා..

පාවහන් නැති රෝස පැහැ යටි පතුල් සිතල පොළව ස්පර්ශ වනවත් සමග ටෙහ්යුන්ග් පිටුපසට විසි වුණා..

ලි පඩිපෙළ මතට විසි වුනු ටෙහ්යුන්ග් තමන්ගේ කුස බොහොම තදින් අල්ලාගත්ත. ටෙහ්යුන්ගේ පපුව අසාමන්‍ය ලෙස ඉහල පහල වුණා. වේගෙන් හුස්ම ගනිමින් ටෙහ්යුන්ග් ලි පොලොව මත ගුලි වුණා..

සිතලයි..මුළු වටපිටාවම සීතලයි. සේද රෙදි යටින් නිරුවත් ශරීරයට ඒ සිතල දැනුනා. ටෙහ්යුන්ග්ට දැනුනා දරාගන්න බැරි අධික සීතලක්..

𝑻𝒉𝒆 𝑼𝒏𝒔𝒖𝒃𝒎𝒊𝒔𝒔𝒊𝒗𝒆 𝑳𝒚𝒄𝒂𝒏 (ꪜ𝘬) ᵒⁿᵍᵒⁱⁿᵍWhere stories live. Discover now