රාස්සිගේ අව් වැටෙන මහා ගිනි මධ්යමයේ වූවත් කාලවරණ වලව් පියස පුරාම ගැබ් උනේ කෘෂ්ණ මූස්තා බරිත වූ ස්වාභයක් . වලව් මධ්‍යයේම පිහිටි කහ වරණ ගත් යක්ෂයාගේ ගහ නොහොත් මහා රුක්කත්තන ගහ යට නිදි මරමින් හිටියේ දස මහා යෝධයෙක් හා සමාන ගතක් ඇති පිරිමි රුවක් .
නමින් කම්බිලි නුද්රාක්ශ කාලවරණ නොහොත් කාල වන යක්ෂ දේව නැකතින් උපන් අයෙක් . මීට අවුරුදු කීපයකට උඩකදී අවාසනාවන්ත ලෙස කාලවරණ වලව් පරම්පරාව පොලොවටම පස් ධූලි වෙලා ගියත් මරණයෙන් මතුවටත් වලව්ව ආරක්ෂා කරන්න කාල මැදිහත් උනා . අචින්තායි , හැගීම් වලින් තොර කාල වනාහි මජර ගති වලින් පිරුනු තුච්චැහි යක්ෂ පරාණයක් .
නමුත් කලයත් සමග බලහත්කාරයෙන්ම ඉණ බැදි යන්තරයත් එක්ක කාලගේ බල මෙහෙයන් ශේෂයක් බවට පත් උනා . ගුරුකම් ශාස්ත්‍රයෙන් බෙහෙවින් ප්‍රබල අරුන්දතී මැණිකේ වලව්වට ගොඩ වූ දා හිටම කාලට තමන්ගේ බලය හසුරුවන්න හැකියාවක් තිබුනේ නැහැ .
යක්ෂ පරාණයක් වූවත් කාලගේ හයි හක්තියත් අසුර බලයත් අරුන්දතී නිසාම ටැබ් බැහි උනා . කාල මෙතෙක් ජීවත් උනේ අරුන්දතී එක්ක මහා ගිනි පිපිරු වෛරයෙන් . යන්තරේ බිදුනු දාක අරුන්දතීගේ කද දෙකඩ කර තමන්ගේ ලේ පිපාසය සංසිදවා ගන්න කාල කල් මැරුවා .
අරුන්දතී ගේ ගුරුකම් බලෙන් කාල තමන්ගේම වලව්වේ බැල මෙහෙවර කම් කරමින් අරුන්දතී ලග දණ නැව්වා . අසීමිත වෛරයත් අසීමිත ක්‍රෝධයත් සමග කාලගේ හදවත කෘෂ්ණ පැහැ ගැන්වී තිබුනා . රක්ත පැහැයෙන් දිස් වෙන දුටු සැනින් බිය ගන්නා රක්තාමය ගිනි පුළිගු වැනි ඇස් කාල සතු උනා .
උරහිසෙන් පහලට අත් ගොබත් වළලු කර ගාවත් පිලිස්සුම් සහ මුවහත් පිහි තුඩකින් කැපි ගිය කැලැල් එහි උනා . වේදනාව ක්හීන වූවාත් පළිගැනීම දෝතට ගෙන කාල හෝරාවෙන් හෝරාව දින සති ගනන් හූමිටි තිබ්බා . එහෙත් කාලට ලං උනු එකම තැනැත්තා වුනේ අරුන්දතී මැණිකෙගේ එකම පුතා වන නුගේශ් චේතු පළිහවඩන .
යක්ෂ පරාණයක් උනත් කාල නිවුනේ සැනසීමේ හුස්මක් ගත්තේ චේතු ලග . දවසෙන් වැඩි හෝරාවක් වලව්ව මධ්‍යයේ ඇති කහවන් මහා රුක්කත්තන ගහ යට කාල හිදන් උන්නා . යක්කු ගස් නගින මහා ඝණ රාත්‍රියේ උනත් කාල නිදි නොනිදා රුක්කත්තන ගහේ කදට හේත්තු වී මල් කූමර වල සුවද විදින්නට උනා .
YOU ARE READING
කාල ( 𝐊𝐀𝐀𝐋𝐀 ) 𝐓𝐊
Não Ficçãoප්‍රේමයේ මග වෙනස් කෙරූ යක් මිනිස් ප්රේමාගමනයේ කඪෝරමය ඇවිලුම !! Start : 10 / 11 /2024