" උබ වලව්වට වෙලා නිස්කාරනේ කල් මරන්නේ නැතුව නරකද මා එක්ක දේවාලෙට ගිහින් වැඩ ටිකක් වත් පුරුදු උනෝතින් "
" මැණිකේ දන්නවනේ මම ඔය ගුරුකම් සාත්තරේ ඉගෙන ගන්න වැඩි මනාපයක් නැහැ කියලා .. "
" උබේ මනාප අමනාපකම් වලින් මට වැඩක් නැහැ .. මගෙන් පස්සේ පළිහවඩන පරම්පරාවේ උරුමේ අරන් යන්න උබ ඒවට සූජානම් වෙන්න ඕනේ "
" මැණිකෙයි අප්පච්චියි ගුරුකම් සාත්තරේ දැනන් උන්නා කියලා මමත් ඒ සාත්තරේම ඉගෙන ගන්න ඕනැයි කියලා නීතියක් කොහේ වත් ලියවිලා නැහැනේ "
ගෙවුනු දවස් කීපය මුලුල්ලේම අරුන්දතී චේතු හට තමන් එක්කලා දේවාලේ වැඩට යන්න කීප වතාවක්ම බල කලත් චේතු ගේ ඒ හැටි මනාපයක් නම් තිබුනේ නැහැ . තමන් දන්නා ගුරුකම් ශාත්රයෙහි මුල් අවදිය හොදටෝම ප්‍රමාණවත් යැයි කියමින් චේතු නිරන්තරේම අරුන්දතී එක්කලා දේවාලේ වැඩට යෑම සුලංගු කලා .
නමුත් අරුන්දතීට ඕනෑ කලේ චේතු තමන්ටත් වඩා ගුරුකම් හූනියම් ශාත්‍රය ප්‍රගුණ කර තමන් ගෙන් පසුව දේවාලයත් බලා ගනිමින් මේ වලව්වෙත් බලය පතුරුවනවා දකින්නටයි . එහෙත් චේතුට ඕනෑ උනේ තමන් උගත් ශාත්‍රය අයහපතක් නොවන අයුරින් පරිහරණය කරමින් තමන්ගේ ඉතුරු ජීවිත කාලයත් කාල සමගම ගෙවා දමන්න .
තවමත් අලුයමෙහි ඉස්තෝප්පුවෙහි හිදන් උන් අරුන්දතී ගෙත් චේතු ගෙත් මේ බහින් බස් වීම සාලයේ හිද ලෝකඩ පහණක් මදිමින් උන් කාලගේ කනට වැටුනා . තමන්ගේ වැඩට අවදානය දෙන අතරෙම කාල මේ කතා බහට හොදින් සවන් දුන්නා . අරුන්දතී කෙතරම් චේතු හට දේවාලයේ වැඩ බාර ගන්න කියා බල කෙරුවද මුරණ්ඩුකමද අතැති චේතු තම තීරණය වෙනස් නොකෙරුවා .
" මම තොගෙ අම්මා බොල .. වතාවක් මම දෙයක් කිව්වොතින් උබ ඒක කරන්න ලෑස්ති වෙයන් .. උබේ හොදටමයි මම දේවාලේ වැඩට එන්න කියන්නේ "
" මට මැණිකෙට වගේ එක එකාට වින කරලා පව් පුරව ගන්න ඕනේ නැහැ .. අප්පච්චි ජීවත් වෙලා උන්නු කාලේ මට දුන්නු සාත්තරේ හොදටම ඇති .. අප්පච්චි කවදාවත් එක එකාට හූනියන් කරන්න මට ඉගැන්නුවේ නැහැ .. "
YOU ARE READING
කාල ( 𝐊𝐀𝐀𝐋𝐀 ) 𝐓𝐊
No Ficciónප්‍රේමයේ මග වෙනස් කෙරූ යක් මිනිස් ප්රේමාගමනයේ කඪෝරමය ඇවිලුම !! Start : 10 / 11 /2024