• 8 කොටස •

270 49 26
                                    

අලුයම් යාමයේම කඩ මණ්ඩියට ගොස් උන් කාලත් චේතුත් කඩ මණ්ඩිය ඉදිරියෙහි සාදා තිබුනු තේක්ක බංකුවෙන් හිදන් උන්නා . උණු උණුවෙන්ම දුම් දාන හොද ඉගුරු දැමූ කහට කෝප්පයක් තොල ගාමින් උන් චේතු ඉද හිට කඩේ මුදලාලි උනු තරමක් මහලු පෙනුමක් ගත් සීමන් ගොයියා එක්කලා කතා බස් කරන්න අමතක කලේ නැහැ .

චේතු සීමන් එක්කලා කතා කරන අතරෙම කාල ඥානකතා කීපයක්ම තමන් ගේ බඩට දා ගත්තා . කාල කඩ මණ්ඩියේ තිබුනු පුංචි පුංචි පැණි රස ජාති එක දෙක හිස් කලත් ඒ වගක් නම් මුදලාලි මහත්තයා නොදුටුවේ චේතු එක්කලා බර කතාවක උන් නිසා . දුම් දාන ඉගුරු කහට කෝප්පය හමාර කෙරුව චේතු හිස් කෝප්පය තමන්ට එහායින් තිබුනු බංකුව මතින් තබන්නට උනා .

" එතකොට සීමන් මාමේ අපේ ගමේ තියන්න යන ඔය නාඩගම බලන්න එහා ගමේ එවුනුත් එනවද ?? "

චේතු තේක්ක බංකුවෙන් හරි බරි ගැහිලා වාඩි වෙන කොට කඩ මණ්ඩිය ඉදිරියෙහි හිටන් උන් සීමන් චේතුට එහායින් හිද ගත්තා .

" නැතුව නැතුව බොල .. එහා ගමේ එවුන් විතරක් නෙමෙයි ඊට එපිට ගමේ එවුනුත් එනවලු .. මෙදා පොටේ ආරච්චි හාමු අපේ ගමේ නාඩගම ලොකුවටම කරන්න යනවලු "

" දැන් නාඩගමට රග පාන්න එවුනුත් හොයන්න වෙයි නේද ?? "

" උබ දැක්කේ නැද්ද කොලුවෝ ගමේ පෝස්ටර් එහෙම ගහලා තියෙන්නේ නාඩගමට රග පාන්න පුලුවන් එවුන් ඉන්නවා නම් එන්නය කියලා "

" හැබෑට .. ?? "

" නැතුව ඉතිම් .. මං උබට එහෙම බොරුවක් කියනවද කියහන්කෝ ?? "

කඩ මණ්ඩිය මධ්‍යයෙමේ තිබුනු බිලිං ගහට හේත්තු උනු කාල තවත් ඥානකතා එකක් කන අතරෙම චේතු ගෙත් සීමන් ගෙත් මේ කතාවට කන් යෙමුවා . නුදුරුම දවසකින් ගමේ ලොකු නාඩගමක් කරන්න යන විස්තිය කාල හට නම් කිසිදු උද්‍යෝගිමත් බවක් නම් ඇති කලේ නැහැ . මීට එපිට වතාවේ තිබුනු නාඩගම වගේම මෙවර නාඩගමත් මහා විජ්ජුම්බරයක් වේවී කියා කාල දැන්මම සහතික උනා .

තව තවත් නාඩගමෙහි විස්තර එහෙම සීමන් චේතු හට කියන කොට චේතු හරි උනන්දුවෙන් ඒ ගැන අහන් හිටියා . ගිය වතාවේ තිබුනු නාඩගමෙහි චරිතයක් අර ගන්න චේතු වෙර ගත්තත් චේතුව පළමු පරීක්ෂණයෙන්ම අසමත් උනු නිසා මෙවර නාඩගමට වත් තමන් හට චරිතයක් රග දක්වන්නට හැකියාව ලැබෙත්වා කියලා චේතු පෙරුම් පිරුවා .

කාල ( 𝐊𝐀𝐀𝐋𝐀 ) 𝐓𝐊 Where stories live. Discover now