ටික දවසක් යනකන් අම්මා වෙනදා වගේ කතාබහ නොකලත් කාලය ගත උනේ ඔක්කෝම යථා තත්වෙට අරන් , රුවින්ද්ය මාස ගානක ඉදන් ඔෆිස් එකට ගියේ නැහැ , ඔෂානුත් දැන් නතර වෙන්න ඇවිල්ලා මාස පහක් හයක් වෙනවා , කෙවින්‍යා මල ගෙදර ආවාට පස්සේ ආයේ ගියේ මෙහේ නවතින්න එනවා කියලා උනත් තාම ආවේ නැහැ , ගයත්මාත් කාමරේට හිර උනේ තව මාස එකාමාරකින් එක්සැම් නිසා
සතියේ පටන්ගැන්මත් එක්ක ගයත්මා ඉස්කොලේ ගියේ ඇඩ්මිෂන් ගන්න එන්න කියලා දාලා ගෘප් තිබ්බේ එක්සැම් එකට මාසයක් තියෙද්දි , ඉරේෂා , ආකර්ශාත් එක්ක ඇඩ්මිෂන් සයින් කරේ තුන්දෙනාගෙම සියට අසුව සම්පුර්ණ වෙද්දී ,
" ඇති යන්තම එකත් හරි , මන් බයේ හිටියේ මුල්දවස් වල ආපු නැති නිසා සියට අසුව නැතුව ඇති කියලා"
" මමත් බන්, අපි සතිගනන් ආවෙත් නැහැනේ"ඉරේෂා කියනවාත් එක්ක ගයත්මා උත්තර දුන්නේ තුන්දෙනාම පඩිපෙලනැගලා කොරිඩොව දිගේ පන්තියට යද්දි , පන්තියට ගියත් ලමයි හිටියේ නැති නිසා ආයේ හැරිලා කැන්ටින් එක පැත්තට ගියේ මොනාහරි කාලා එන්න
" ඒ බන් අපිටත් එක්ක මොනාහරි ගනිම්කෝ , අන්තිම දවස් ටිකනේ "
" වරෙන් යමු, රොටියක්වත් අරන් දෙන්න "කැන්ටිමට යන අතර මග වෙතුම් කිව්වේ , ඉරේෂා ගානේ අද කැම නිසා , හතර පස්දෙනාත් එක්ක කාලා පිට්ටනිය පැත්තේ වටයක් දැම්මේ පන්තියට ගියත් උගන්වන්නේ නැතිනිසා , ඉස්කොලේ වෙලාව ඉවර වෙනවාත් එක්ක ආශායි ගයත්මායි බස් එකට නැග්ගේ ස්ටෙෂන් එකට යන්න
" අද අවුවේ සැර බලහන්කෝ බන් , පයින් යන්න ගිහාම එපා වෙනවා "
" එකනම් ඇත්ත , එත් සමහරවිට අද තාත්තා එයි බන් ස්ටෙෂන් එක ගාවට "ගයත්මා කිවුවේ අද තාත්තා නිවාඩු නිසා , ගාඩර් එක නැගලා ගම්පහ ස්ටෙෂන් එක ඇවිත් ඉදගත්තේ ටිකකට කලින් එකයි හතලිහ ට්‍රේන් එක ගිහින් තිබ්බ නිසා , දෙක පහුවෙනවාත් එක්ක ඉස්කොලේ ලමයි ස්ටෙෂන් එකේ පිරුනේ හරි ඉක්මනින් , කොලඹ පැත්තට යන්න ස්ලෝ එකක් නතර කරනවාත් එක්කම රඹුක්කන ඈත තියා හොන් ගැහුවේ සෙනග ඉන්න තැන් වලින් නැගිටිද්දි ,
YOU ARE READING
Dark Secret (ONGOING)
Romantikහිත බිදි කැඩිගියද සුවපත් කල හැකි මිතුදමට එහාගිය සහෝදරකමක්... ලියන්නට හිතුනද මග නැවතුන එකපාර්ශවික පෙමක්.... ආගන්තුක තැන්වලින් හුරුපුරුදු වෙද්දි ,අසල්වාසි හිත්වලින් නොදැනුනු තරමක් එය ,ප්‍රේමය පමණකි... ඉතින් ප්‍රේමිය.. අහසක් තරම් උසට පොත් ලියන්නට හේතු ගෙ...