Chapter 09

2 0 0
                                    

ගුඩ් මොනින්

ගයත්මා නින්දෙන්ම ඇද උඩ තිබ්බ ෆෝන් එක අරන් වෙලාව බැලුවේ ෆෝන් ස්ක්‍රින් එකේ 09.48 කියලා තියෙද්දි , ෆෝන් එක ආයේ පැත්තකට දාලා නිදාගත්තේ තව නිදාගන්න ,

" පුතාගේ ගෙවල් කොහෙද "
" මම කුරුණෑගල ආන්ටි "
" ආහ් මන් ආසම පැත්තක් , එතකොට පුතා විතරද ගෙදර ඉන්නේ "
" නැහැ අයියා ඉන්නවා , අම්මයි තාත්තයි නැහැ  "
" අනේ පුතේ සමාවෙන්න මන් දන්නවානම් අහන්නැ "
" කමක් නැහැ ආන්ටි "

අම්මාගෙයි ඕෂාන්ගෙයි කතාවට මැද්දට පනින්නේ නැතුව මාමායි රුවින්ද්‍යයි වෙනම කතාවක ,

" දැන් අම්මාට ටිකක් හොදයිනේහ් , මට ජොබ් එකක් හොයලා දියන්කෝ කොල්ලෝ කරන්න "
" ජොබ් එකක් .. ම්ම්ම් , මොන වගේ ජොබ් එකක්ද "
" එහේවගේ ලොකු එවා ඕනී නැහැ පොඩි වැඩක් සෙට් කරහන් "
" මන් හොයලා බලලා කියන්නම් කෝ මාමාට "
" හදිස්සියක් නැහැ හෙමිහිට හොයහන් , අක්කේ මේ එන්නේ නැගිටලා "

ගයත්මා ඇලි මැලි කඩනගමන් ආවේ ඒ පැත්තට, මාමා කියද්දි අම්මාත් හැරිලා බැලුවේ ලමිස්සියෙක් නැගිටින වෙලාවක්ද මේ කියන්න වගේ ,

" අම්මේ කිරි එකක් "
" කිරි.... මොන කිරිද පරක්කු වෙලා නැගිටින අයට මෙහේ කිරි නැහැ "

රුවින්ද්‍ය ගයත්මාට කිව්වේ දැන් දවල්ට කන වෙලාවත් ලන් වෙලා නිසා , මාමා රුවින්ද්‍යගේ පිටට හිමිට තට්ටුවක් දැම්මේ පොඩි එකිට ඔහේ ඉන්න දෙන්න කියන ගමන් ,

" අනේ මේ ඉන්නවාකෝ මන් කිව්වේ අම්මාට , අම්මේ "
" අද විතරයි මන් හදන්නේ , වෙලාවට නැගිටින්න බැරිනම් ආයේ නැහැ "
" අම්මා හැමදාම මෙයාට කියන්නේ එකම  එකනේ "

අම්මලා දුවලා පුතාලාගේ කතාව අහගෙන මාමායි ඔෂානුයි බලන් හිටියේ පැත්තට වෙලා , ඔෂාන් හිනා වෙන්නේ රුවින්ද්‍ය කොයිවෙලාවෙත් ගයත්මා එක්ක පැටලෙන්න යන්නේ පොඩි එකෙක් වගේ නිසා ,

" ඔන්න ඔහේ පොඩි එකිට කිරි එකක් හදලා දෙන්න , අම්මායි තාත්තයි ලග  ඉන්නකන් විතරනේ ඔය "
" ඒකනේ මාමාට විතරයි මන් ආදරේ , හැබැයි මන් නම් හැමදාම මෙහේ ඉන්නේ "

ගයත්මා මාමා ලගට ගියේ ඔඩොක්කුවෙන් ඉදගන්න , අම්මා දුන්න කිරි එකත් බොන ගමන් කට්ටිය කතාව අරන් යන්න පුලුවන් උනේ තාත්තා එනකන් විතරයි, අද සෙනසුරාදා තාත්තා වරුවයි වැඩ, තාත්තා ගේ ඇතුලට ආවේ  බැග් වගයක් එල්ලන් , මාසේ මුල් සතිය  ගෙදර බඩු ගෙනල්ලා තියෙන නිසා , ගයත්මා තාත්තා ගාවට දුවන් ගියේ මොනාද ගෙනත් තියෙන්නේ බලන්න ,

Dark Secret (ONGOING)Where stories live. Discover now