Chapter 11

1 0 0
                                    

දවස් කිහිපයකට පසු..........

පාන්දරම නැගිටලා අම්මාට උදව් උනේ රොටි හදන්න , අද ඉස්කොලේ පොළ , පොල් ගලා දිලා අම්මා පිටි ටික අනනකන් ගයත්මා ලූණුමිරිසට ඔන ලූණු ටික කැපුවේ අඩ අඩ ,

" දැන් ගිහින් ලැස්ති වෙන්න , තව රොටි දෙකයිනේ තියෙන්නේ මන් හදලා තියන්නම් "
" අම්මාට පුලුවන්ද එහෙනම් මන් යනවා "

ගයත්මා අම්මාට කියාගෙන යන්න ගියේ තාත්තාත් නැගිටලා එද්දි , තාත්තා යන ගමන් ගයත්මාගේ ඔලුව අතගාන් ගියේ කිචන් එකට , ගයත්මා උඩට ඇව්ත් වොශ් රුම් එකට ගිහින් ඇවිත් ලැස්ති උනේ අද හත වෙද්දි ඉස්කොලේ ඉන්න කියලා ගෘප් එකට දාලා තිබ්බ නිසා , ඔක්කොම ලැස්ති වෙලා ගයත්මා පල්ලෙහාට ආවේ හයයි කාලට ,

" අම්මේ ලැස්ති ද "

ගයත්මා අහනගමන් බැග් එක සෝෆා එකෙන් අතඇරලා කිචන් එකට ගියේ බලන්න

" මන් මේ බකට් එකට දැම්මා , හරිනේ තාත්තා පරක්කු වෙයි කෙල්ලේ මාමා ඇහැරුනා එයත් එක්ක යන්න "
" හරි අම්මේ , තාත්තේ මන් යනවා "

ගයත්මා අම්මාටයි තාත්තාටයි වැදලා එන්න ආවේ බකට් එකත් අරන්එලියට එද්දි මාමා බයික් එකට නැගලා ලැස්ති වෙලා හිටිය නිසා ගයත්මා  ගිහින් නැගිද්දි, මාමා බයික් එක  පාරට දාන කොට බයික් එකක් නවත්තලා තිබිලා ගියේ එතකොටමයි, මාමා යන්න ගියේ ගනන් නොගෙන  යන වේගෙත් එක්ක ගයත්මා අත් ඇකිලුවේ  සීතල නිසා, ස්ටෙෂන් එක ගාවට ඇවිල්ලා මාමා බයික් එක නතර කරේ වේයන්ගොඩ පැත්තට එක්ප්‍රස් එකක් යද්දි ,

" බායි මන් යනවා "
" පොඩ්ඩ්ක් ඉන්න..., මෙන්න අද මොනාහරි අරන් කන්න "

මාමා වොලට් එකෙන් අරන් සල්ලි දුන්නේ පොළේ විකුනන එකට වඩා බඩුගන්න එක කියලා දන්න නිසා ගයත්මා මාමාටත් වැදලා සල්ලිත් අරන් ස්ටෙෂන් එකට යන්න ගියේ ට්‍රේන් එකකට සිග්නල් දාද්දි ,

" මෙච්චර උදෙන් ගිහින් මොනා කරන්නද දන්නැ නේද බන් "

ගයත්මා යනවාත් එක්කම
එතනට ආවේ ආශා , තව ඉස්කොලේ යන්න ලමයි හිටියේ වැඩිපුරම කොලඹ , ගණේමුල්ල යන්න බලන් ,

" අනේ මන්දා බන් , ඩේස් හදන්න  මොනාට හරි වෙන්නැති "
" ආපෝ දාඩිය දාපන්කෝ උදේ පාන්දර , ට්‍රේන් එක පරක්කුයිද බන් තවත් නැත්තේ "
" හයයි විස්ස ගිහින් නැද්ද කොහේ හයහාමර පරක්කු වෙලා එයි
" හයයි විස්ස ගිහිනුත් නැද්ද කොහෙද  සෙනග බලපන් "
" ඔව් නේ "

Dark Secret (ONGOING)Where stories live. Discover now