24 කොටහා

44 9 16
                                    

" අප්පච්චි.... ඉන්ඩ ඩිංගක් "

" කලූ පුතාට විජහට එන්ඩ කියන්ඩ ළමයෝ "

දින සති මාස දෙක තුන ගොහිල්ලා අහවර වෙද්දී මයේ අන්ගු අයියගේ ලොකු විභාගෙත් පටන් ගත්තා නොවෑ අපෙ ඉස්කෝලේ නිවාඩුවත් එක්කලා.

මන් අප්පච්චි එක්කලා කරෝලිස් උන් හැයියෙලායේ දිහා යන්ඩ කියලා. යනින් ගමන් කලූවත් දාන් යන්ඩ ඕනි . ඒකත් යන්ඩ ඕනි යන්ඩ ඕනි කිය කියනේ හිටියේ මාත් එක්කලා කොහේ හරි .







" හොද වෙලාවට අප්පා... මන් පාඩම් කරලා කරලා මහන්සි වෙලා හිටියේ හොදටම "


" අදත් පාන්දර නැගිට්ටද ආ බන් "

යට කලිසමට උඩින් කොට නිල් පාට කලිසමක්‌ ඇද ගත්තු කලූ අත් දිග සුදු කමිසයක් දා ගත්තා. ඊටපස්සේ සමනල අරන් දුන්ඩු නූල අතේ ගැට ගහ ගෙන ඇද රොදේ දාලා දෙපැත්තට පීර ගත්තා.



" ඔව් බන්. මට විගහට පාඩම් ටික අහවර කර ගන්ඩත් එපැයි බන් ජිනේ "

" හොදයි හොදයි උබ හොදට පාඩම් වැඩ ටික කරන් දොස්තර මහත්තයෙක් වෙන්ඩ බලහන්. පස්සේ අපිටත් බැරිඈ බෙහෙත් ගන්ඩ එන්ට "



" ඕන් ඉතින්... යන් යන් මන් හරි "

කලු පාට බාටා කෑලි දෙකත් දාන් මන් විගහට කලූ එක්කලා නැග්ගා කරත්තේ පිටිපස්සට. කිරි පුතාට බඩගිනි හැදුනොත් කන්ඩ දෙන්ඩ කියලා කන්කුන් මාන කොළ මිටි තුනක් අයිනෙන් ගොඩ ගහලා තියෙනවා කරත්තේ . අපෙ කරත්තේ අනිත් කරත්ත වලට වඩා ඩිංගක් පොඩියි. ඒ හින්දා කිරි පුතාට හොදයි ඉතින්.


" අන්ගු අයියට විභාගේ කොහොමද දන්ඩේ නැතුවා නේද ජිනේ.. "


" ම් හවසට හයට විතර තමයි අහන්ඩ වෙන්ඩේ කලූ. මන් ඒ වෙලාවට එන්ඩේ කියලා කිව්වා "

කොහොමත් ආයේ දවස් තුනකට පස්සේ නොවෑ ලොකු විභාගේ තියෙන්ඩේ අන්ගුට. හවසට දුවලා ගොහිල්ලා අහලා එන්ඩ ඕනි ඉතින් කොහොමැයි විභාගේ කියලා .

වෙල පාර දිගේ ඉස්සරහට ඇදුනු අපි ලොකු ඇල වංගුවත් පහු කොරන් ජිරිබිරිස් උන්හැයියෙගේ පොල් අතු කඩේ ළගටත් ආවා. මේ දවස් වල වෙනදට වඩා හුළං තියෙනවා.


කටු ඉඹුල ( Ongoing )Where stories live. Discover now