13 කොටහා

75 17 31
                                    

" අහ් මයෙ ඔලුව "

කුකුල්ලු ටිකගේ කන්දොස් කිරියාවත් එක්කලා මට‍ නැගිට්ටුනේ ඔලුවත් කකියගෙන එද්දි.. දැන් නම් හුළං සැර අඩු හින්දා මන් ඇරියේ ජනෙල් දෙක. අමෙ අම්මේ බලන්ඩ වටිනවා නොවෑ අපෙ මිදුල. කොළ මදිවට අතු කෑළි හිටන් වැටිලා ගන්ඩ දෙයක් නැතුවා.

මන් විගහට විගහට සරමත් ඇදන් ඇගේ තියෙන කර ගටත් චටස් පටස් ගාලා කඩලා දොරත් ඇරලා දිව්වේ ඉස්තෝප්පුවට.

" ලොකු පෙනේද බන් මිදුලේ හැටි. යසට මිදුල ජරා වෙලා නොවෑ "

" ඒකනේ අප්පච්චි. අර කොස් ගෙඩියකුත් වැටිලා "

ඊයේ දෙඩුව විදිහටම කොස් ගෙඩියක් වැටිලා නොවෑ මිදුලේ. අප්පච්චි ඉස්තෝප්පු පඩියේ ඈදී ගෙන සුදාම්මිගේ කිරි බොනවා.


" කොස් ගෙඩියක් විතරක්‌ නම් මදැයි ලොකු. යස වැල ගෙඩියකුත් වැටිලා නොවෑ තිබ්බේ. මන් බලද්දී ගොයිය පුතයි කිරි පුතයි කනවා. මන් ආයේ උන්ටම කෑලි කොරලා කොටා බාන්ඩ දුන්ඩා ඉතින් "

එහෙනම් අද සුදාම්මිගේ යසට කිරි එරෙයි. අප්පච්චි සුදාම්මිගේ කිරි එරෙන්ඩ කියලා නොවෑ කන්කුන් හිටන් ගේන්ඩේ මිටි බැදලා.

" ගොයිය පුතා ඒක තමයි පේන්ඩ නැත්තේ "

" ලොකු.... උබැහෙ නැගිට්ටද බම්. ආ න් මන් කෝප්පෙට කිරි වක් කොරා. මූණ ඩිංගක් හෝදන් බීලා හිටහන් "

මායි අප්පච්චියි දොඩ මලු වෙවී ඉද්දැද්දි ආවේ අම්මා. තාම උයන ගමන්ද කොහෙදෝ ඉදලා තියෙන්ඩේ. පොල් කටු හැන්දත් අතේ තියන් අම්මත් තාම මිදුල විපරම් කොරනවා.


රැවුලත් ඩිංගක් වැවිලා තියෙන හින්දා රැවුල දැලි ගාන්ඩ කක්කුස්සිය ළගට ගොහිල්ලා කක්කුස්සි බිත්තියේ ගහලා තියෙන කුඩේ බැලුවත් හරි නෙවෙයි මයෙ දැලි පිහිය තිබ්බේ. අර පඩත්තරේ වත් ගත්තවද්ද

" කෝ මයෙ දැලි පිහිය. අම්මේ...... අම්මේ....... මයෙ දැලි පිහිය කෝ "

" මන් රැවුල දැලි ගාන්ඩ ගත්තනේ ලොකු... ඩිංගක් ඇස් දෙක ඇරලා බලපන් බන්. උබැහෙලායෙ යට කලිසමේ ඉදලා අතට ගෙනල්ලා දෙන්ඩ අම්මම ඉන්ඩ ඕනී. තේරෙයි ඉලන්දාරියෝ දෙන්නට දීගේ ගිය දවසට. එතකොටත් අම්මා හුම්මා ගාහල්ලකෝ බලන්ඩ "

කටු ඉඹුල ( Ongoing )Where stories live. Discover now