ඉස්කෝලේ අහවර වෙලා ගෙදරට ගොඩ වැදුනත් තාම මයෙ පපු කැලත්ත පත්තු වෙවී තියෙන්ටේ. එහෙම කියෙලා මොකදැයි මන් මයෙ හැගීම් වලට කොරන්නේ. ජින්නෙ නම් මන් ආයේ මුලච්චි වෙනවටවත් මනාපයක් නැතුවා . මයෙ හිත නිදහස් කොරන්න හිතන් මේ කාරණාව ජින්නෙට දෙඩුවයින් වුනේ මට මයෙ යාලුවත් තොලොංචි වුන එක . ආයේ නම් මේ කාරණාව මොකෙක්ටවත් දොඩන්න නරකයි .මයෙ හිත කොල්ලොන්ට මනාපයි කියෙලා මන් දැන ගත්තෙත් මන් නවය වසර ඉද්දී මට මුලච්චි වුනු එයා නිසයි . ඒ කාරණාව හරි හැටි තේරුම් ගන්ටත් මට අවුරුදුද්දක් විතර ගියා නොවෑ. අද වගේ මට මතකයි මන් එයාව ඉස්ස ඉස්සල්ලම මුලච්චි වුනු දවස.
අවුරුදු තුනකට කලින්
" කළු කළු විගහට නැගපන් බලන් නොඉද. "
අම්මයි මායි කොළඹ ආච්චිලා දිහා ගොහිල්ලා ඉදලා අද තමයි ඕන් අපෙ ගෙදර යන්ටෙ . කෝච්චිය සූ ගාගෙන ඇවිදිල්ලා නතර කොරත් හරි මිනිස්සු ඒකට ගොඩ වෙන්ට මාළු බත් ඇටේකට කා කොටා ගන්ටවා වයේ පොර කනවානේ ඉතින්.
අපෙ අම්මත් කොහොම හරි පොර කාලා කෝච්චියට ගොඩවෙද්දී මාත් එක නැන්දා කෙනෙක් ව තල්ලුත් කරන් නගින්න හැදුවත් මාව විහික්කා වෙලා පත බෑවුනේ මයෙ කකුලත් ඒ පාරට උලුක් වෙද්දී. මයෙ බාටා කෑල්ලත් පියාඹලා කොහේ පත බෑවුනාද මන්දා.
'' යෝ තුවාල වුනාද. උබැහෙගේ අම්මා කෑ ගැහුව පාර තමයි අපිත් දැක්කේ "
කොල්ලෙක් ඇවිල්ලා මයෙ අත් යටින් අත් දාලා එක එක එව්වා දොඩව දොඩව මාව උඩට ඉස්සුවත් මට මයෙ කකුල කැක්කුම නිසා මට කෑ ගැස්සුනා.
" මොකෑ කකුල ඇදුන ද "
" ඔ ව් "
මන් එහෙම කියලා ආයේ නැගිටලා එයාගේ ඇගටත් වාරු වෙලා ඇතුළට ගොහිල්ලා අම්මා ඉන්ට තැනින් ඈදී ගත්තේ අර කොල්ලත් ඇවිදිල්ලා මයෙ එහා පැත්තේ ඈදී ගද්දි.
" දරුවට තුවාල එහෙම නැතුවනේ නංගි "
" ඒක තමයි අක්කේ මාත් මේ ඩිංගක් බැලුවේ. මේ කොල්ලත් අක්කේ මේ ලෝකේ සිහියෙන් නෙවෙයි නේ ඉන්ටෙ"
YOU ARE READING
කටු ඉඹුල ( Ongoing )
Non-Fiction" මම කී ලෙසටම ආයේ හමුවෙන එක වෙනවාමයි මායාවක් මයි ආදරේ.......... " - අන්ගුලු මුහන්දිරාම් -