17 කොටහා

74 13 34
                                    

" ලොකු ලොකු... මේ දරුවෝ මට උයන්ඩ පරක්කු වෙනවා. සුදාම්මිගෙන් කිරි ඩිංගක් දොවන්ඩ යන්ඩකෝ.... ලොකු...... ලොකු... "

" ම් ම්... මන් එන් ඩ ම් "

එක ඇහැක් ඇරලා මන් අම්මට එහෙම කියලා අනිත් පැත්තට හැරුණා. මල පාන්දර නැගිටින්ඩ ඩිංගක් අමාරුයි නොවෑ .



" ලොකු...... වතුර බාල්දියක් ගහන්ඩ කලින් නැගිටපන්.... "


" අනේ අප්පා මන් විතරයද කිරි දොවන්ඩ ඉන්ටෙ.... මල්ලිටත් කතා කොරන්ඩකෝ "

මට ඩිංගක් කේන්ති ගියා ඇයි අප්පා.. සෙනසුරාදා ඉරිදා දවස් දෙක ගෙවිලා ගියා හිතා ගන්ඩ බැරි විදිහට.



" උන්දැ පොල් ගානවා බන් පොළොස් ඇඹුල හදන්ඩ "

අම්මා එහෙම දොඩලා ගියාට පස්සේ සරමත් හදා ගෙන ඇසුත් පොඩි කොර කොර ගෑටුවේ කුස්සියේ දිහාට්ට. ඔය ඉන්ඩේ පොඩි පඩත්තරේ පොල් ගගා.. මන් කුස්සියේ හෝදලා තිබ්බ ලොකු බාල්දියයි පෙරේනෙයි අරන් ගෑටුවේ සුදු අම්මි ඉන්ඩ මඩුව දිහාට්ට. ගොයිය පුතා කිරි පුතා ළග දොයි.

ගෙනාපු උණු වතුර ඩිංගෙන් මන් සුදු අම්මිගේ තන් ගැටන් හේදුවා. එතකොට තමයි කැට වෙලා තියෙන කිරි එරෙන්ඩේ හොදට. එහෙම කොරලා මන් ගියේ සුදු අම්මිගේ මූණ ඉස්සරහට. ඌට කතා කොරලා තමයි අපි කිරි දොවන්ඩ ඕනි. නැත්තම් සමහර වැස්සියෝ කිරි හංගනවයි කියලා කියනවනේ.


" සුදාම්මි... උබැහෙගේ කිරි ඩිංගක් දීහන්කෝ මැණිකෙ... උබැහෙ අපේ කිරි අම්මා නොවෑ... උබැහෙට ජාති ජාතිත් පින් අත් වෙන්ඩ ඕනි බන්.. හොද මැණිකෙ වයේ කිරි ඩිංගක් දීහන් පැටියෝ.... "

ඒකි මට ආදරේ පෙන්ඩන්ට උගේ ඔලුව මයෙ ඇගේ අතුල්ලනවා. මට එතකොට නම් ඩිංගක් බයයි. ඒකිගේ අං දෙක වත් මයෙ ඇනෙයි කියලා. සතාට තේරුමක්‌ නැතුවානේ ඒ ගැන. වෙන මිනිස්සු නම් වැස්සිගේ කකුලුත් ගැට ගහලා තමයි කිරි ගන්ඩේ. අපි නම් එහෙම කොරන්ඩේ නැතුවා..

" සුදාම්මි අයියා ගොහිල්ලා එන්ඩම් මැණිකෙ... කිරි පුතා... ගොයිය පුතා යනවා මන් "

මන් විගහට විගහට ලාම්පු වත් අරන් ගියේ කුස්සියේ දිහාට්ට. මල්ලි පොල් ගාලා පරිප්පු හෝදනවා. ඒක නම් බලන් ඉද්දි මහ වෙනවා නොවෑ.. හැබැයි මට වඩා උන්දැ තාම උස නම් නැතිවා.


කටු ඉඹුල ( Ongoing )Where stories live. Discover now