21 කොටහා

41 12 14
                                    

" අම්මා "

" මක්කද ලොකු... බඩගිනිද "


අම්මා හොද්ද හැදි ගාලා පොල් කටු හැන්දෙන් රහත් බලලා මයෙන් එහෙම ඇහැව්වේ ඇසුත් පොඩි කර කර ආපු මන් ඈනුමකුත් ඇරලා උඩ බැම්මේ සරමත් කැහැපොට ගහන් ඉද ගනිද්දී.



" නැතුවා අම්මේ... කෝ පොඩී උන්දැ ඉස්කෝලේ ගියාද "


" ඔව් බන් ලොකු....  උන්දැ උදේන්ම ඉස්කෝලෙට ගියා නොවෑ. අතු ගාන්ඩත් තියෙනවා කියලා "

අම්මා දවල්ට කන්ඩ උයනවා. මන් නැගිටිද්දී එකොළහටත් කිට්ටුයි නොවෑ. ඊයේ පාන්දර තුනටත් කිට්ටු වුනා ගෙදර එද්දි.




" මක්කද උයන්ඩේ සුවදේ බැරුවා අම්මේ "


" තක්කාලි හාල්මැස්සෝ හොද්ද දරුවෝ. ඕන් අප්පච්චි මයියොක්කොළ කෙටුවා උදේ මට හදන්ඩ කියලා "


බඩගිනි නැතුවා කියලා දෙඩුවට මක්කද මට ලොකු බඩගින්නක් ආවා හින්දා පිගානයක් ගත්ත මන් බත් බෙදා ගත්තා. පෙරේදා පොඩීට පුංචි මුගටි පැට්ටෙක් කුස්සියේ පෝරනුව ළග ඉදලා හම්බෙලා. ඒකා හරියටම මයේ අල්ල ගානට ඇති. වැඩිය ඇවිද ගන්ඩ වත් බැරි තරමට පොඩියි ඒකා.


" අප්පේ ඕන් උයලා අහවරයි. දැන් ඉතින් අරකට කිරි ඩිංගිත්තක් පොවන්ඩත් එපැයි "


" ඒ පැටියයේ අම්මා ආවේ නැතුවද අම්මේ "

හොද්ද බේරෙන්ඩ බත් ලොකු අහුරක් දාගෙන මන් එහෙම ඇහැව්වේ අම්මා පහන් තිරයක් ඇරන් අර පොඩි මුගටි පැට්ටට කිරි පොවන්ඩ හදද්දී



" නැතුවා බන්. අම්මා කොහේද දන් නැතුවා මුගේ. පොඩිත් පාන්දර මුට කිරි පොවලයි ගියේ ලොකු. බඩ ඉතින් බෝලෙ වයේ තියෙන්ඩ එපැයි බන්ටියගේ "


" අප්පච්චි හන්දියේ පැත්තට ගොහිල්ලද "

" ඔව් පුතා පුවක් වලු ටිකකුයි සීනි කෙහෙල් කැන් තුනකුයි ගෙනිච්චා ඕන් අප්පච්චි. එද්දි මස් මාළු ටිකකුත් අරන් එන්ඩම් කිව්වෙ උබැහෙලාට කන්ඩ දෙන්ට "


මට කෙසේ වෙතත් මල්ලිට නම් කොහොමත් මස් කෑල්ලක් හරි තියෙන්ඩ ඕනි බත් එකට. මන් නම් මාළු වලටත් ආසයි.






කටු ඉඹුල ( Ongoing )Where stories live. Discover now