04 කොටහා

86 18 14
                                    








අරෙහෙ හැරිලා මෙහෙ බලන ඩිංගිත්තට සතියකුත් ගොහිල්ලා අහවරයි ඕන්. ඒ සතිය පුරාවටම කලූගෙයි මයෙයි අමනාපෙ දම්වැලක් වගේ ශක්තිමත් වුනා. කලූගෙයි මයෙයි කියෙලා දෙඩුවට කලූ නම් නෙවෙයි මා එක්කලා අමනාප ගතියක් පෙන්නුවේ. මන් තමයි ඉතින්. අපෙ පහළ කෑල්ලෙත් දැන් අපෙ අප්පුච්චි මුහන්දිරාම් උන්හැයියෙට ලස්සන ගෙයක් බැදලා දීලයි තියෙන්නේ.




" උබැහෙ දැන් මේ උඩ බලාන් ඉන්ටෙ කොස් ඇට සුද්ද කොරලා අහවරද ඈ ලොකු "

මන් උඩ විහික්කා වුනේ අපෙ අම්මගේ මේ කෑ ගැහිල්ලට.



" තව ඩිංගක් තියේ අම්මා "

" එහෙයි එහෙයි මට‍ පේනවා ඩිංග. හොද ඩිංග "


අපෙ අම්මා කුස්සියේ දිහාවට ගියාට පස්සේ මන් වට්ටියත් උස්සන් ගෑටුවේ මිදුලට. කිරි පුතත් මිදුලට වෙලා නිදි කිර කිර ඉද්දියි මට මතක් වුනේ උට‍ මන් එදා ගත්ත පුංචි සීනූ දෙකක් තියෙන මාලේ. අන්ගුගෙ කාමරේට ගොඩ වෙද්දියි මන් එයාගේ මේසේ තියෙන ඒ සීනූ දෙක තියෙන මාලේ දැක්කේ. එයා ඉස්සරහම මයෙ කටින් මේක නම් අපෙ ගොයිය පුතාට හොදයි කියෙලා පිට වෙද්දි එයයි කිව්වේ ගොයිය පුතාගේ බෙල්ලට දාන්නෙයි කියෙලා.





" අම්මේ අම්මේ.... "

" මොකෑ උබැහෙ දැන් බෙරිහන් දෙන්ටේ"

මන් මයෙ ගුහාව අස්සේ විපරම් කොරලා බැලුවත් මට‍ නෙවෙයි ඒ මාලේ මුලච්චි වුනේ.


" අම්මේ සීනූ දෙකක් තියෙන මාලේ දැක්කේ නැතුවාද "


" මන් පස්සේ හොයා දෙන්ටම්. අර සුද්ද කොරාපු ඇට ඩිංග මෙහාට ගෙනෙන් "

ඒව්ව් අපෙ අම්මා මයෙන් වැඩ ගන්ට තරම් අහළ ගම් හතෙන් මන් තරම් වැඩ කොරන කොල්ලෙක් හොයා ගන්ට වත් නැතුවා ඕන්. කවදා හරි මා එක්කලා දීග යන්ට එන කෙල්ලට තමයි ඕන් වාසි හොද හැටියට. මන් වගේ ස්වාමි පුරුෂයෙක් ලබන්ට පෙර පින් විතරක් මදි. ආත්මෙන් ආත්මෙට මාවම ලැබෙන්ට කියෙලා පෙරුම් පුරන්ටත් ඕනී. අපෙ අම්මා නිසා මට දර පලන්ට විතරක් නෙවෙයි උයන්ට රෙදි හෝදන්ට සුදාම්මිගෙන් කිරි දොවන්ට ලිපේ ගොම ගාන්ට මැටි බදින්ට එකී මේකී නොකී ගොඩක් දේවල් මට‍ යසට කරත හැකියි.



කටු ඉඹුල ( Ongoing )Where stories live. Discover now