කාලය හරි ඉක්මනට යනවා.අයියයි මායි හම්බ වෙලා දැන් මාසයක් වගේ වෙනවා.මං ගැන දන්නවනේ මට වැඩි පුරම ඕනෙ එයා එක්ක ඉන්න.ඒකට ඉතින් මං පොඩි කට්ට වැඩක් කරා.ඒ තමයි දෙන්නා එක්ක එකට පාඩම් කරන්න අයියව කැමති කර ගත්ත එක.එක්කො මං එයාලගෙ ගෙදර යනවා.නැත්තන් අයියා අපේ ගෙදර එනවා.ගොඩක් වෙලාවට මං එහේ තමයි යන්න ආස.අයියලාගෙ ගෙදර හරිම නිස්කලන්කයි.අපේ ගෙදර වගේ නෙවෙයි.අපේ ගෙදරට නිතරම වගේ අනිත් ගෙවල් වල සද්ද ඇහෙනවා.ඒත් අයියලාගෙ පැත්තෙ ගෙවල් තිබ්බෙ හරි දුරින්.අනික එහේ හිටියේ නැන්දයි අයියයි විතරයි.අයියලාගේ තාත්තා රට.එයාට තව අයියා කෙනෙක් හිටියා.මගෙ මස්සිනා.එයා හිටියෙ කොළඹ.මොරටු ඉන්ජිනේරින් ෆැකල්ටි එකේ තර්ඩ් ඉයර් ස්ටුඩන්ට් කෙනෙක්.ඉතින් එයා එන්නෙත් නිවාඩුවට විතරයි.තව මං එහේ යන්න ආසම හේතුව තමයි අයියලාගෙ අම්මා.ඔව් ඔව් නැන්දාම්මා තමයි.එයා නම් මටම කියාපු නැන්දාම්මා තමයි.
මං එහේ ගියහම ගොඩක් වෙලාවට කරන්නේ කුස්සියේ ෆැන්ට්‍රිය උඩ වාඩි වෙලා නැන්දා එක්ක කියවන එක.
අද අපි දෙන්නා පාඩම් කරන්න දාගෙන තිබ්බේ බයෝ වල ශාකය පාඩම පාඩම.දන්නවද ඒක තමයි මං මේ ලෝකේ අකමැතිම පාඩම.නෑ...නෑ.....මං ගස් වලට හරි කැමති...ගොඩක් කැමතී බට් අර පාඩම හරිම බෝරින්....සෙලජිනෙල්ලා,පොගොනාටුම්,නෙප්ප්‍රොලෙපිස්
,මාකන්ටියා වලින් පටන් ගත්තහම ඉවර වෙන තැන්...ජල විභව,පූටිකා,රසෝද්ගමන, එකී මෙකී නොකී ගස් ගැන.ගහක් හැදෙන්නේ කොහොමද? ගහක ප්‍රාථමික වර්ධනය,ද්විතීයික වර්ධනය , ආලෝකය සදහා ශාක දක්වන අනුවර්තන....ඇයි පරම්පරා....අනෙ අම්මේ මට පේන්නම බෑ....ඒව තියෙන්නෙ ඉංග්‍රීසියෙන් නෑ නෑ ලතින් නම් ද කොහෙද? හව් එවර් අයි කාන්ට් ප්‍රනවුන්ස් දෙම්...සෝ අයියා ඒ වචන වලට උඩින් පැන්සලෙන් ඒවා ප්‍රනවුන්ස් කරන්නේ කොහොමද කියලා ලියලා දුන්නා.ඒක හරිම ආදරණීයයි.කිව්වට මොකද ආදරේදී අපිට දැනෙන්නෙ අපිට ආදරේ කරන කෙනා දෙන ලොකු ලොකු තෑගි නෙවෙයි.එයා ආදරෙන් කියපු එක වචනයක්,එතකොට අපි වෙනුවෙන් කරන පුංචි පුංචි දේවල්.ගොඩක් අයට ඒවා හරිම නෝමල් දේවල් වුණාට මට ඒවා ලොකු දේවල්.හැමදාම පන්ති ගිහින් එද්දි අයියා අරන් දෙන ටොෆි තුන.එයා ඒවා දෙන්නේ අපේ මල්ලිටයි,නංගිටයි එක්ක , ඒකයි තුනක්.අනේ මං මොකටද උන්ට දෙන්නේ.තුනම මං කනවා.අයියත් ඒක දන්නවා හොදටම.කොහොම හරී මං ගොඩක්ම ආස කරේ ඒ දේවල් වලට.පාරෙ යද්දී මාව පාරෙ කොනට කරලා එයා පාර පැත්තෙන් යද්දි.ක්ලාස් එකේ වුණත් මාව බිත්තිය අයිනට දාලා එයා ඊට පස්සෙ වාඩි වෙද්දි.ඇත්තටම මාව බිත්තිය අයිනට දැම්මෙ වෙන හේතුවක් නිසා.මං පේපරේ ලියන්න කම්මැලි හිතුනහම මං මැදදි නැගිටලා යනවා.හී.....ඒක නිසා එයා මාව බිත්තිය කොනට දැම්මා...සෝ එයා නැගිටිනකම් මට නැගිටින්න බෑ....මාත් ඉතින් එයා ඉවර වෙනකම් පේපර් එක ලියනවා.මොනවා වුණත් අයියා කරන පොඩි පොඩි දේවල් වලින් වුණේ මගේ හිතේ එයා ගැන තිබ්බ ඒ කැමැත්ත,ආදරේ තව තව වැඩි වුණ එක.වෙලාවකට හිතෙනවා සමහරක් විට එයත් මට කැමති ඇති කියලා.ඒත් මගේ හිත ඒක පිලිගන්න බයයි.
YOU ARE READING
A/ලෙවල් (Ongoing)
Romanceකියවලම බලන්න A/ලෙවල් හිතන තරම් අමාරු නෑ.....ඊට වඩා අමාරුයි.... බයෝ පොත් තුළින් රිංගන.... අනුමාපන ප්ලාස්කු අතරින් දෝරෙ ගලන.... කැලරි මීටර් රත් කරපු.... අයාන්ගෙයි මිණිදුගෙයි ආදරේ .........❤ නිහඩවම ආදරේ කරන sunflower මල සිතුම්.... මල දැවෙයි කියන බයට ඒ...