හත් වෙනි පෙම් තාලම

32 3 25
                                    

                                        "උබ හිතන්නේ ඒ සිනෙත් කියල ද?"

                                        "හිතේ තියෙන බයත් ඒකමයි."

                                         "මොකද්ද ඒ කතාවේ තේරුම.ඇයි හෙන වැඩ්ඩි වගේ කිව්වේ මොන නීතිකාරයත් ඔය අක්කට ලොකු නෑ කියලා."

                                         "මාව විහිළුවකට ගත්ත ද ඒ පාර."

                                          "අපෝ නෑ.උබ කොහොමත් තනිකරම විහිළුවක් නේ.අනිත් එක මාරවිල උසාවියේ ඉන්න හැම ලෝයර්ම සිනෙත් ද? තමුසෙගේ ඔය ඕනවට වඩා හිතිල්ල තමා ඔය දහස් ගානක බාල්දිවලට හේතුව.නෙතුල් කිව්වනේ දැන් හැමදේම ඉවරයි කියලා.පාඩුවේ ඉදහන්."

                                           මල්ලිගෙන් දැනගත් තොරතුරුවලට අනුව මාරවිල උසාවියේ රාජකාරි කරනා හිරුශිගේ සහෝදරයා සිනෙත් යැයි සිතන්නට මට උවමනා නොවුණි.නමුදු එම සිතුවිල්ල සිත තුළ ගොඩ නැගීම වළක්වාලීමටද මට  නොහැකි වුණි.ඒ ඔහු නොවේවා යැයි ප්‍රාර්ථනා කළේ කුමන හේතුවක් මතද යන්න මම නොදැන සිටියෙමි.

                                           අම්මා,මල්ලීගේ වතෙහි වූ තැලුම් පාරවල් දුටුවේ ඉරිදා උදෑසනය.මල්ලී සහ ඔහුගේ යාලුවන්  අතර වූ ආරවුලක් හේතුවෙන් ඒවා ඇති වූ බව පවසා සිටියේ රාත්‍රියේ සැලසුම් කරගත් අදහසට අනුවය.සැලසුම් කරගෙන සිටි අයුරින් ඉරිදා දින ගත කිරීමට සයුරිට සහ මට නොහැකි වූ නමුදු මම සිටියේ ඈ සමඟින් සැලසුමක් දියත් කරමින් ය.

                                          මල්ලී පවසන ආකාරයට සියලු දේ විසඳුන ද ඔහුගේ සහෝදරිය හැටියට මේ ප්‍රශ්නය මට අතහැර දැමීමට නොහැකිය.සඳුදා උදෑසනින්ම සයුරි සහ මම,මල්ලීද කැටුව උසාවිය අසලට යාමට තීරණය කළෙමු.මාරවිල නගරය බලා ගමන් ගන්නා වූ බස් රථයක නැගගත් අපි උසාවිය අසලින් බැසගත්තෙමු.

                                        "පොර මෙතෙන්ට තමා ගොඩක් වෙලාවට එන්නේ.සයුරි අක්කේ මෑන් මේ පැත්තට එනකන් අපි මොනාහරි ඕඩර් කරමුද?"

                                        "අන්න ඒකනම් හොඳ අදහස මල්ලි.ඔයාගේ අක්කණ්ඩිටත් එනර්ජි එක එපැයි දැන් වලියක් දාගන්න.
මොනාහරි ඕඩර් කරානම් හොඳයි තමා."

පෙම් තාලම් || PEM THALAMWhere stories live. Discover now