"කාගෙන් අහල ද ඕයි එකේකාට මගේ නම්බර් එක දුන්නේ."
මම කෑගැසුවෙමි.
"මොකෝ සද්දේ.
හරියට අදුරන්නේ නැති මනුස්සයෙක්ට මං තමුසෙගේ නම්බර් එක දුන්නා වගේනේ කතාව.""බොරුවට ඒ ළමයට කෑ ගහන්නේ නැතුව ඉන්නවා නෙතුලි.එකේකා කියන්නේ කොච්චර කාලයක් තිස්සෙද තමුසෙ සිනෙත්ව අදුරන්නේ.ඊයෙත් කිය කියනේ හිටියේ වෙච්ච දේට සිනෙත්ගෙන් සමාව ගන්න තිබ්බා ෆෝන් නම්බර් එක තිබ්බනම් කියලා.දැන් මල්ලිම නම්බර් එක දීලා තියෙන එකේ සිනෙත් මැසේජ් එකක් දැම්මම සමාව ගන්න එකයි ඇත්තේ."
මම මුව ද හැර සයුරි දෙස බැලුවේ ඇය පවසන්නා වූ අපභ්රංශයේ තේරුම කුමක් ද යන්න දැනගැනීමටය.ඈ මදෙස බලා ඇසක් ඉගි කර තොල් තද කරගත්තා ය.
"දැක්කනේ සයුරි අක්කේ අපේ එකී දාන බොරු ලයින්වල සයිස් එක.කාලයක් තිස්සෙම අදුරනවලු.
හැබැයි ඉන්නේ නිකන් එහෙම
මනුස්සයෙක් ඉන්නවද කියලවත් දන්නේ නෑ වගේ.""මෙන්න වැන්දා.
ඔය අක්කයි මල්ලි කටවහගෙන දැන්වත් නූඩ්ල්ස් ටික කාලා ඉවර කරනවද?බලන් යද්දි මමයි සයුරි."ඔවුන් දෙදෙනාම එකවර සිනහසෙන්නට ගත්තෝ ය.
පිටතට නොපෙන්නුව ද මගේ සිත තුළ සැනසීමක් වූයේ සෑම මොහොතකම වුව අප අතරෙහි සතුට ගැවසීම ගැන ය.ඒ අතරට සිනෙත් ගේ සිනහව පිරි වත මතකයට නැගී මාගේ මුව මත මන්දස්මිතියක් ඉතුරු වූ බව මට ද දැනුණි.මල්ලිගේ කතාවෙන් පසු මුළු රාත්රිය පුරාම,නූල් බෝලයක් මෙන් පැටලි තිබූ සිතුවිලි එකිනෙක ලෙහී තිබුණි.ඔහු කුමන හේතුවක් මත මට එහි පැමිණෙන්නට කීවද එම ආරාධනාව මා හටම බව මම තහවුරු කරගතිමි.මල්ලී විසින් ලබා දුන් මාගේ දුරකතන අංකය ඔහු ළඟ තිබෙන්නට ඇත.එබැවින් මා යැවූ පණිවුඩය හඳුනා ගැනීමට ඔහුට වෙනත් සාක්ෂි අවශ්යවන්නට නැත.මල්ලී නිවසෙහි සිටියදීම මම, සයුරි සමඟින් මාරවිල නගරය බලා පිටත්ව යන බස් රථයකට නැගුනෙමි.පාසල් යන සිසුන්ගෙන් බස් රථය පිරී තිබුණි.එක් ආසනයක් හෝ ඉතුරු නොවන්නට ආසනවල සිසුහු අසුන්ගෙන සිටියෝ ය.මා අසලම සිටි සයුරි කන් කෙදිරි ගාන්නට වූයේ ඇයට ගමනාන්තය දක්වා සිටගෙන යාමට නොහැකි බව පවසා ය.
YOU ARE READING
පෙම් තාලම් || PEM THALAM
Romance"කොල්ලාගේ ඇස් තිබ්බෙම උබ ළඟ!" "සියුමි අක්කා වගේ ලස්සන කෙල්ලෙක්ව රිජෙක්ට් කරපු කොල්ලෙක් මං වගේ කෙල්ලෙක්ට කැමති වෙයිද බං.පිස්සු කියවන්න එපා." "හරි මට මේක කියපන්කෝ.උබේ හිතේ සිනෙත්ට කැමැත්තක් නැතුව නෙමේනේ." සයුරිගෙන් සැඟවීමට තරම් දේවල් මා සතු නොවුණි.මම...