අටවෙනි පෙම් තාලම

25 3 10
                                    

                                            "සිනෙත් මං ගැන මොනවා හිතනවා ඇත් ද?"

                                            "මොනා හිතන්න ද ඉතින්.තමුසේ වගේ කටකැඩිච්ච කතා කියන අම්මණ්ඩියෙක් නාත්තන්ඩි පොලේවත් නැතුව ඇති කියලා හිතනවා මිසක්."

                                            මම ඈ දෙස රවා බැලුවෙමි.ඇය මා වෙත එකදු බැල්මක් හෙලුවේ නැත.මගේ රැවීම පවා ඇයට නොපෙනුණි.අප සිටියේ බැල්කනියේ බිම මත වාඩි වී රෑ අහස දෙස බලාගෙනය.
මාගේ කාමරයේ මේස ලාම්පුවෙහි එළිය අපට හොඳ හැටි ප්‍රමාණවත් ය.නිවසට පැමිණි මොහොතේ සිට මල්ලි කිසිවක් මා සමඟින් කතා නොකළේ ය.එබැවින් සිනෙත් සහ ඔහු අතර වූ සංවාදය කුමක් ද යන්න දැන ගැනීමේ අවස්තාව මට මග හැරී ගියේ ය.

                                          "නෙතුලි...යමු බං නිදාගන්න.දොළහත් පහුවෙලා ද කොහෙද.
හෙට උදෙන්ම නැගිටින්නත් එපැයි."

                                           "උබ ගිහින් නිදාගනින් බන් මං ටික වෙලාවක් ඉඳලා එන්නම්."

                                           "හරි මේ...
ඕනාවට වඩා කල්පනා කරලා බොරුවට ඔලුව අවුල් කරගන්නේ නැතුව ඉන්නවා හොඳ ද?"

                                            සයුරි ගොස් ටික වේලාවක් ගතවන්නට මත්තෙන් පහළවූ අදහසකට මම මාගේ මේසය පීරා සෙවූයේ
සිනෙත්ගේ දුරකතන අංකය ලියා තිබූ කාඩ් පතය.හොඳ හැටි පොරවන් නිදාගෙන ඉන්නා සයුරිට බාධාවක් නොවන්න දුරකතනය ද ගෙන නැවතත් මම බැල්කනියට පැමිණියෙමි.ඔහුට කුමක් ලියා පණිවිඩයක් තබන්නේ දැයි සිතමින් මම තැවුණෙමි.අවසානයේ 'සිනෙත් අයිම් රියලි සොරි' යැයි ටයිප් කර නැවතත් එය වෙනස් කිරීමට යාමේ දී මාගේ අතින් පණිවුඩය ඔහු වෙත ගියේ ය.එය ඔහුට නොපෙනෙන්නට මකා දමා වෙනත් යමක් යැවිය යුතු යැයි සිතද්දීම වයිබ්‍රේට් දමා තිබූ දුරකතනය දෙදරන්නට ගත්තේ සිනෙත්ගේ නමිනි.මම තිගැස්සී ගියෙමි.හදගැස්මෙහි වේගය පාලනයකින් තොරවම වැඩිවෙද්දී මම දුරකතනයේ සටහන් වේලාව බැලුවෙමි.රෑ දොළහ පසුවී විනාඩි විස්සකි.
එසේනම් ඔහු තවමත් නිදි නැතිය.

පෙම් තාලම් || PEM THALAMWhere stories live. Discover now