Focus on me 11
මං අම්මටත් කෝල් කරලා එලියට එද්දි හරියටම 3යි...මොනව නැතත් කොල්ලා වෙලාවට වැඩ...මං එද්දි yugyeom එයාගෙ බයිසිකලෙත් තියාගෙන ඉන්නවා...
ආ......මං හිතුවෙ මට තව ටිකක් වෙලා ඉන්නවෙයි කියල.......එයා කිව්වා....
මං වෙලාවට වැඩ......ඔය බෑග් එකේ මොකද්ද.........මං ඇහුවෙ එයා කරේ දාගෙන හිටපු ගිටාර් කේස් එක දැකලා.....අනේ බං.....ගිටාර් කේස් එකේ ගිටාර් එක නැතුව මොනව දාගෙන යන්නද....එයා කිව්වා.....
ඒත් කියන්න බෑනෙ...ඔයා ත්‍රස්තවාදියෙක්ද කියලා.....
ඔව් ඔව්...මං එහෙමයි....නගින්න යුද්ද ටැංකියට....බංකරේට යන්න.......yugyeom ගෙ කට නම්ඇත්තටම................අපි දෙන්න කඩේට ආවා...කඩේ කිව්වට මේක පොඩි රෙස්ටුරන්ට් එකක්....street foods ,short eats,sweets වගේ පොඩි පොඩි කෑම ජාති තමයි තියෙන්නෙ....මං හරිම ආසයි මෙහෙට....ඒ නැන්දගෙ කෑම ජාති හරි රසයි...ඒ වගේම එයත් හරිම හොඳ කෙනෙක්....එයා හරි ලස්සනට කඩේ කරනවා....ඇතුල පොඩි උනත් ටේබල් 5ක් 6ක් දාලා තියෙනවා ලස්සනට....හවසට ඒව මිනිස්සුන්ගෙන් පිරෙනවා...
කොහෙද ඉතින්...මං දන්නෙ නෑනෙ ඒ yugyeom ගෙ අම්ම බව......
ඉතින් yugyeom අම්මට කිව්වා මං එයාගෙ යාලුවෙක් බව........අනේ දුව....
ගොඩක් කාලෙකින් නේ........මට හිතුනා ඔයාල අදුරනව ඇතිකියලා..........
මං ඉස්කෝලෙට ඇවිත් මාස 3ක් වගේ තාම...මෙයා මට exams වලට එහෙම උදව් කරනව නැන්දෙ....ආ....අර concert එකෙත් මෙයා තමයි මගෙ පාට්නර්.......මං කියාගෙන ගියා......ආ....ඒකනෙ....අර මෙයාගෙ කොල්ලො ගැන්සියත් මෙහෙ එනව නිතර.....හරි හොඳ කොල්ලො ටිකක්...හැබැයි හරි දඟයි.....නැන්දා කිව්වා.........
අපි තවත් කතා කලා...මගෙ අයිය ගැන පවා............
Yugyeom පුතේ.....අද අර වැඩේ කරනව නේ....
ඔව් අම්මෙ....මං මේ පටන් ගන්න හැදුවෙ....
හා හරි කරගෙන යන්නකො...මොකද්ද yugyeom කරන්නෙ...මං ඇහුවා....
මං මාසෙකට විතර කලින් වැඩක් පටන් ගත්තා.....මං මට පුලුවන් වෙලාවට ඇවිත් මෙතන සින්දු කියනවා........yugyeom කිව්වා...අද සිකුරාදා නෙ....මිනිස්සු ටිකක් වැඩියි......ඒක නිසා අද කියනවා...........අනේ ශෝක්නෙ.......මං කිව්වා...
Yugyeom මාත් එක්ක හිනාවෙලා කඩේ එක තැනක බංකුවක් තියාගෙන වාඩිවුනා........
YOU ARE READING
🌹ᖴOᑕᑌՏ Oᑎ ᗰᗴ🌹[COMPLETED]
Fanfictionදඟකාර කෙල්ලො කොල්ලො සෙට් එකක්...එයාලගෙ ජීවිතේ හීන හොයාගෙන යනවා...ඒ යන අතරෙ එයාලගෙ ජීවිතේ ගොඩක් වෙනස්කම් වෙනව...එයාලට සතුට,දුක,ආදරේ වගේ ගොඩක් දේවල් ඒ අතරෙ හමුවෙනවා...බලමු...එයාල එයාලගෙ හීන කොහොම හැබෑ කරගනීවිද කියලා.....🌸🌸🌸