Focus on me 31- Yugyeom 💚

309 69 1
                                    

Focus on me 31 පාටියෙන් පස්සෙ තව ටික දවසක් ගෙවිල ගියා...යාලුවො ටික මෙහෙ ඉන්නෙ තව සතියයි..... දෙසැම්බර් මාසෙ...ගොඩක් සීතලයි...හිම වැටෙනවා... ටිකක් හවස් වෙලා...අපෙ අම්ම කවුද මන්දා යාලුවෙක් ව හම්බවෙන්න ගියා...එයා ගියාට ලේසියෙන් එන පාටක් නෑ...ඉතින් මං Yugyeomගෙ ගෙදර ගියේ නංගිත් එහෙ ඉන්න නිසා... මං යද්දි Yugyeom සාලෙ සෝෆාව ලඟ බිම වාඩිවෙලා ටී.වී. බලනවා...මං එයාට නොදැනෙන්න ලඟට ගියා... බුහ්..........මං එයාගෙ කනට කරල කිව්වෙ බය කරන්න හිතාගෙන... Yugyeom මගේ පැත්ත හැරුනෙ චුට්ටක් වත් බය වෙන්නෙ  නැතුව..... ඒයි..පොඩ්ඩක් බය වෙනවකො හලෝ....අපරාදෙ මගෙ මහන්සිය....මං කිව්වා.... මං බැලුවා කවුද මේ ජෝකර් කියලා බලන් යද්දි myungi නෙ....Yugyeom එහෙම කියලා නැගිට්ටා...අදත් එයාගෙ ඇඳුමට මං හිනාවුනා...හරි හුරතල් අප්පා...... . තද දුඹුරු පාට short එකයි රෝසපාට tshirt එකයි...ඒකෙ ඉන්නෙ winnie the pooh.... අනේ Yugyeom ඔයාගෙ මේ කාටුන් tshirt සෙට් එකනම් ෂෝයි අනේ...මං කිව්වා... මොකෝ....මං හුරතල් ද....මං ඒක දන්නව...Yugyeom කිව්වා...එන්නකො myuna මාත් එක්ක frozen බලන්න.... අනේ මන්දා...ලොකු කොල්ලෙක් වෙලත් තාමත් බලන්නෙ frozenනෙ.... ඔයා බලන්න...මං නංගිව බලන්න ආවෙ...ඔයා නෙමෙයි හරිනම් නංගි තමයි ඔය කාටුන් බලන්න ඕනෙ...එහෙම කියල මං පඩිපෙල නගින්න පටන් ගත්තා.... Let it goooooooo.....let it gooooooooo...... Yugyeom අත පය විසිකරකර frozen theme song එක කියනව elsa එක්ක....මේ මොන කෝලමක්ද..... ආ අක්කා ඇවිත්...මං මේ කම්මැලිකමේ හිටියෙ...අපෙ මෝඩ අයිය උදේ ඉඳලා කාටුන් CD ගෙනත් බලනවා...පිස්සුනෙ....නංගි කිව්වා... අපෝ ඔව්...එයාට පිස්සු කියලා දැනගෙනත් මං යාලු වුනානෙ නංගි...මං කිව්වා...නංගියි මමයි සෙට් වුනාම වල්පල් කෝටියයි....කොහොමහරි අපි ඇවිත් නැවතුනේ Yugyeom jyp එකට යන කතාවෙන්.... අක්ක දන්නවද...අයිය කවදාවත් මාව දාල කොහෙවත් ගියෙ නෑ...ඒත් එයා ගියාම මට ගොඩක් පාලුයි....නංගි කිව්වා... මටත් එහෙම තමයි නංගා...මගෙ අයියත් යනවා...ඔයාගෙ අයියත් යනවා...මගෙ යාලුවො සේරම යනවනේ....මං කිව්වා... ඊයෙ අයිය මට කිව්වා මගේ තනියට අක්ක කෙනෙක් එයා හොයාගෙන ආපු නිසා දුක් වෙන්න එපා කියල...අයිය එයාගෙ girlfriend විදියට ඔයාවම තෝරගත්තු එකට මං ගොඩක් කැමතියි අක්කෙ...මං ඉස්කෝලෙ යද්දිත් ඔයා ඉන්නවා...මං බය නෑ දැන්... ඔව්...අයිය කවදහරි idol කෙනෙක් වුනාම කාටද ආඩම්බර...ඔයා කියයි මං තමයි අර අහවල් group එකේ kim Yugyeom ගෙ නංගි කියල..... ඔව්...ඒත් එයා එහෙම වුනොත් ගොඩක් busy වෙයි...ඉස්සර වගේ මාත් එක්ක ඉන්නත් බැරිවෙයි...මට මගෙ ඉස්සර හිටපු අයිය ආයෙත් ලැබේවිද කියලා සැකයි...නංගි කිව්වා...එයාගෙ ඇස්වල කඳුලු පිරිලා... එයා කොහොම කෙනෙක් වුනත් එයාගෙ නංගි නැතුව නම් ඉන්න බෑ...මං ඒක හොඳටම දන්නවා...එයාගෙ ෆෝන් ගැලරි එකේ එයා ගොඩක්ම ආස ෆොටෝ එක තමයි අර ඔයා අයියගෙ බෙල්ල බදාගෙන ඉන්න එක...එයා ඒ ගැන මට කිව්වා.....මං නංගිගෙ කරට අත දාගෙන කිව්වා... ඔය ඇත්තමද කියන්නෙ...නංගි ඇහුවා... ඔව් පැටියො...මං කිව්වා... ඒත් අයිය කෙල්ලෙක් එක්ක යාලුවෙනවට වත් මං කැමති වුනේ නෑ...ඒත් අක්කා....ඔයා අනිත් අය වගේ කුහක නෑ....ඒකයි මං ඔයා එක්ක අයියා යාලුවෙනවට කැමති වුනේ...ඒත් අයිය මං ලඟ නැති අඩුව මකන්න කාටවත්ම බෑ අක්කෙ....එහෙම කියපු නංගි අඬන්න ගත්තා... මට අඩි සද්දයක් ඇහුන නිසා මං දොර දිහා බැලුවා...Yugyeom දොරලඟ හිටගෙන ඉන්නවා...නංගි අඬද්දි එයා දුවගෙන ඇවිත් නංගිව එයාගෙ පපුවට තුරුළු කරගත්තා...එයා නංගිගෙ හිත හදන්න උත්සාහ කලා....මං ඒ දෙන්නට එහෙම ඉන්න දීල පල්ලෙහාට ආවා... මං එනකොට Yugyeomගෙ තාත්තා පහල හිටියා...මං තාමත් එයා එක්ක හරියට කතාකරල නෑ... දුව...මට ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද...එයා මගෙන් ඇහුවා...මං එයාට තාත්තා කියන්න ඕනිද...මං කල්පනා කලා... ඔව් තාත්තෙ...මං අමාරුවෙන් වුනත් කිව්වා... දුවත් මා එක්ක තරහ ඇති...ඒ මං කරපු ජරා වැඩ නිසා...ඒත් මං ඒවට ඇති තරම් විඳෙව්වා...මං ඔයාට ස්තූති කරනව දුවේ...ඔයා නිසයි මගෙ පුතා මට ආයෙත් තාත්තා කිව්වෙ...එයා කිව්වා... එයා මට ගොඩක් දේවල් කිව්වා...එයාගෙ හිත වෙනස්වුන හැටි...wonbin ගැන...එයා මැරුනම වෙච්ච දේවල්....මාත් සේරම අහන් හිටියම මටත් එයා ගොඩක් අසරණ වෙලා හිටියද කියලා තේරුනා... දුවගෙ තාත්ත im son pil නේද...එයා ඇහුවා..ඔව් තාත්තා...මං උත්තර දුන්නා... Son pil මගෙ හොඳම යාලුවෙක්..එක ඉස්කෝලෙ හිටියෙ...මං නරක පාරෙ යද්දි මාව හොඳ පාරට ගන්න එයා පුලුවන් තරම් උත්සාහ කලා...මං ඇහුවෙ නෑ...මං විනාස වුනා...එයා හොඳ මනුස්සයෙක්...අකාලෙ නැතිවෙච්ච එක පාඩුවක්...ඒත් අද මගෙ පුතාගෙ ජීවිතේ ලස්සන කරන්න එයාගෙ දුව ඇවිත්...මං දැන් යන්න ඕනෙ දුව....එයා එහෙම කියලා මගෙ ඔලුවත් අතගාලා වැඩකට ගියා.... ටික වෙලාවකින් Yugyeom නංගිගෙ කරටත් අත දාගෙන පල්ලෙහාට ආවා... කොහෙද බං ගියේ...මං බැලුව මේකි කොහේ ගිහින්ද කියලා...Yugyeom කිව්වා... මං ඔයාලගෙ තාත්තා එක්ක කතා කරකර හිටියෙ...මං කිව්වා... අම්මෝ එහෙමද...මොනවද මාමණ්ඩි කිව්වෙ ලේලිට ආ..... ලේලි...?එහෙම වෙන්න බෑ...අපි තාම බැඳල නෑනෙ...මං කිව්වා... ඒ වුනාට එහෙම වෙයිනෙ කවදහරි... Yugyeom කිව්වා...නංගිත් තව වැඩිකල් යන්න කලින් කොල්ලෙක් අල්ලගනීවි...නේ...Yugyeom කිව්වා... මට එච්චර අහේනියක් නෑ...නංගි කිව්වෙ Yugyeomට එකක් ගහලා...ඒකනෙ නංගි...මෙයාට පුදුම අමාරුවක් තියෙන්නෙ...මං කිව්වා.... ඔව් ඉතින්...මට ඒ අමාරුව හැදුවෙ කවුද ඉතින්..ඔයානෙ...Yugyeom මගේ දිහා බලල කිව්වා.... ඔයාට පිස්සු...විකාර දොඩවන්නෙ මොනවහරි බීලද ඉන්නෙ ඔයා ආ...මං ඇහුවා... එහෙමද පේන්නෙ ආ...Yugyeom ඇහුවා... ඔව්...ඔයා හැසිරෙන්නෙ බීපු මිනිහෙක් වගේ නෙ....නේද නංගි...මං කිව්වා... ඔව් අක්කෙ...මෙයාට මොනවහරි වෙලා...නංගි මගෙ කතාවට සප් එක දුන්නා... ඔව්.. ඔව්...අක්කල නංගිල සෙට් වෙලා මට පිස්සු වට්ටවල කියනව මං බීලලු....ඔහොම යන්කො දෙන්නම....Yugyeom කිව්වා....මෙයාට යකෙක් වැහිලා...මං එහෙම කියලා හිනාවුනා...යකෙක් නෙමෙයි යකින්නියෙක්...එහෙම කියලා Yugyeom එක අතකින් නංගිගෙ කරට අත දාගෙන අනිත් අතින් මාව ලං කරගෙන මගේ ඉණ වටේට අත දාගත්තා.. මං කොහොමද ඔයාල නැතුව ඉන්නෙ...ඔයාල හිතුවද මට පාලු නෑ කියලා ආ...මට හැම වෙලාවෙම ඔයාල මතක් වෙයි...අනිත් යාලුවො කපල් ඉන්නකොට මට ඔයා නැතුව පාලු දැනෙයි...dance practice කරද්දි ඉස්සර නංගි මට ice choco හදල ලඟටම ගෙනත් දීල මං නටන හැටි බලන් හිටපුව මතක් වෙයි....මටත් එහෙ ඉන්න අමාරුවෙයි...ඔයාල නැතුව.....එහෙම කියපු Yugyeom අපි දෙන්නවම තුරුළු කරගෙන දෙන්නගෙම නළලට හාදුවක් ගානෙ දුන්නා....




කතාව ඉවර වෙන්න ලඟයි🌸

😂

🌹ᖴOᑕᑌՏ Oᑎ ᗰᗴ🌹[COMPLETED]Where stories live. Discover now