Focus on me 17- මං පනිනවා....😅

374 71 5
                                    

Focus on me 17

ඒ දැක්ක දෙයින් මාත් කලබල වුනා....ඇත්තටම ප්‍රශ්නෙ තිබුනෙ තට්ටු තුනක් උඩ බැල්කනි එකේ හදපු කොන්ක්‍රීට් අත්වැල උඩ........

ආ.......ඔය දැන් ආවෙ......මං අද මැරුනොත් වගකියන්න ඕනෙ මේ දැන් ආපු කෙල්ල තමයි.......

ඒයි......yugyeom තමුසෙට පිස්සුද මනුස්සයො...ඔතනින් බිමට බහිනවා....dahyun කෑගහලා කිව්වා.......

මේ yugyeom නම් මහම මහ පිස්සෙක්....මෙයා මං නිසයි උඩ බැල්කනි එකේ අත්වැලට නැගලා ඇවිදින්නෙ....මං එයාට අකමැති වුනොත් පනිනවලු....එතනින් පැන්නොත් නම් කෑලි පංචිකාවත්තෙන් වත් හොයනව බොරු .........දෙයියනේ මං මොකද කරන්නෙ අද අයිය ඉස්කෝලෙ ආවෙත්නෑ........
ඒ අතරෙ එයා තව මොනවද කියවනවා.....

ඒයි....මිස් im myun gi.....මං හොඳටම දන්නව ඔයාත් මට කැමතියි කියල......ඒත් ඇයි එදා මට බොරු කලේ ආ.........ඒ නිසයි මං අද මෙහෙම කරන්නෙ......මොකද මං ඔයාට ආදරේ කරන නිසා....මං දන්නවා.....ඔයා මට කැමති බව ඔයාගෙ ලඟම කෙනෙක්ගෙන් මං දැනගත්තා.........

Yugyeom , කවුද ඔයාට එහෙම දෙයක් කිව්වෙ ආ......? මාත් මහ හයියෙන් කෑගහලා ඇහුවා.......බහිනවා මෝඩයො.........
මං yugyeom ට කැමති බව දන්නෙ දෙන්නයි...එක්කෙනෙක් අයියා...අනිත් කෙනා sana.......ඒත් ඒ sana වෙන්න බෑ...මොකද මං එයාට කිව්වෙ දැන් ටිකකට කලින්......ඉතින්...
අයියද මෙයාට කිව්වෙ........

ඒයි...myuna.......පේනවනෙ මෙතනින් මං පැන්නම මොනව වෙයිද කියල.....තීරණේ ඔයාගෙ අතේ.......yugyeom කිව්වෙ අත්වැට දිගේ යන ගමන්......

ඒයි...මේකට ඔය ඉල්ලන කැමැත්ත දීල දාන්න...මේ සීරියස් කියන්නෙ හොඳේ....මොකෝ මේ මං පොඩි කාලෙ ඉඳන් දන්න එකා.......දෙයක් කිව්වොත් කරලයි පස්ස බලන්නෙ.......youngjae මට කිව්වෙ ටිකක් සීරියස් මූඩ් එකෙන්.......
යකෝ...පිස්සුද තමුසෙට බැහැපන් මිනිහො ඔතනින්....jinyoung කෑගැහුවා....

මාව බස්සන්න හරි...බිමට පන්නන්න හරි පුලුවන් myun giට විතරයි.....yugyeom කිව්වා...ඇත්තටම මං බයේ හිටියෙ....
ඒ අතරෙ බැල්කනියෙ හිටපු yugyeom ගෙ කකුල ලිස්සලා වැටෙන්න ගියා.....

Yugyeomaa...මට කෑගැහුනෙ ඒ වෙලාවෙ....එතන වටවෙලා හිටපු ඔක්කොමල මගෙ දිහා බැලුවා.....

🌹ᖴOᑕᑌՏ Oᑎ ᗰᗴ🌹[COMPLETED]Where stories live. Discover now