Focus on me 13-මට දෙයක් හිතෙනව අක්කෙ 😂

372 81 13
                                    

Focus on me 13

මං ගොඩක් බයවුනා...මේ මිනිහ මට කරදරයක් කරයිද....
ඒ වෙලාවෙ මට කෑගහන්න වත් බැරිවුනා...
ඒත් මට මතක් වුනා මගේ අත් දෙක නිදහස් කියලා...ඉතින් මං මගේ වැලමිටෙන් එයාගෙ බඩට හයියෙන් පාරක් ගැහුවා.......

ආව්..........ඔහොමත් ගහනවද....
ඒ මනුස්සය කිව්වම මං හැරිල බැලුවා....
එයා මගෙ පාරෙ සැරට බඩත් අල්ලගෙන දෙකට නැමිල හිටියෙ කෙලින් වෙන්නත් අමාරු නිසා......

ආයෙත් තමුසෙද හලෝ........මං කෑගැහුවා....
මං හිතුවෙ නෑ අපේ myuna මෙච්චර සැරයි කියලා..........

ඒ හිටියෙ yugyeom.....මාව පණ යන්න බයකලා මේකා.....ගහන්න නෙමෙයි පට්ට ගහන්න ඕනෙ....
බයවුනා නේ....තව හිනාවෙවී අහනවත් එක්ක....
ඔයා මොකද්ද මෙහෙ කරන්නෙ yugyeom...මං ඇහුවා....
මං ආවෙ කඩේ... අපෙ නංගිට බඩු වගයක් ගන්න....එයාට එන්න බෑනෙ ඉතින්...පව් කෙල්ල....yugyeom කිව්වෙ දුකින්....තාමත් බඩ අල්ලගෙන....

ඒයි....රිදුනද....සොරි හොඳේ....ඔයා මොකෝ මාව බයකලේ....ඒකනෙ මං ගැහුවෙ....මං කිව්වා....
අයියෝ...මගෙනෙ වැරැද්ද....සොරි කියන්න එපා....හැබැයි ෂොට් එක නම් රිදෙන්න වැදුනා....මං හිතන්නෙ මගෙ ආමාශෙ කණපිට හැරිල වගේ......yugyeom කිව්වා...

ඒයි...yugyeom මං මේ practice යන්නෙ...එන්නෙ නැද්ද...මං ඇහුවා...
ආ අද practice නෑ කියන්න කිව්වා....මට මගදි dahyun ව හම්බෙල කිව්වෙ....ඔයාට කෝල් ගත්තට ආන්සර් කලේ නෑ කිව්වා.....
අපි හැමෝටම කිව්වා..ඔයා ආන්සර් කලේ නෑ....

ඔව්නෙ...missed call 13ක්...
ඒත් අයියෝ....අපෙ අම්ම ගෙදර නෑ....ගෙදර යතුරත් එයා ගාව...මං practice කිව්ව නිසා අමතර යතුර අරන් ආවෙ නෑ....මං කිව්වා...

දැන් ඉතින් කොහෙද යන්නෙ ඔයා...yugyeom ඇහුවා...
මං පාක් එකේ ඉන්නම්...මං කිව්වා...
ඒක හරියන්නෙ නෑ....ලොකු වැස්සක් එන්න වගේ...yugyeom කිව්වෙ අහස දිහා බලලා...
අයියො...කුඩෙත් ගෙනල්ල නෑ මං........මං කිව්වා....

මෙහෙම කරමු....යමු අපේ ගෙදර...අම්ම ඉන්නව...නංගිත් කැමති වෙයි...මොකද ඔයයි අපෙ නංගියි ගොඩක් සමානයි....yugyeom කිව්වා....

ඒත් yugyeom.........
යමුකො...අද බයිසිකලේ නෑ...පාද යාත්‍රාවේ තමයි යන්න වෙන්නෙ....yugyeom කිව්වා..
මං ඉතින් කැමති වුනේ අපෙ අම්මගෙනුත් අහලා.....

🌹ᖴOᑕᑌՏ Oᑎ ᗰᗴ🌹[COMPLETED]Where stories live. Discover now