Chapter 6

1.6K 247 32
                                    

"තීරණයක්? මොකක්ද" මම කලබලෙන් ඇහුවා

" මායි තාත්තායි තීරණේ කලා ඔයාව රට යවන්න😌"

"මොකක්ද 😱😭?? අනේ ඇත්තමද අම්මේ...යේ...හුරේ.....🤩🙈"

"ඔව් හැබැයි තනියම නෙමෙයි..
අර ඔයාගේ යාලුවා චනුකි එක්ක..
මම ඊයේ ඔයාගෙයි මල්ලිගෙයි කතාව අහගෙන හිටියේ..අද මායි තාත්තායි එහේ යනවා මේ ගැන කතා කරන්න"

"Oops..චනුකි එයා මගේ යාලුවෙක්මත් නෙමේ අනේ..එකිගේ නංගි නම් අපේ මල්ලිගේ යාලුවෙක්😂..එයාගේ හෙන ඇඩ් එක අම්මේ😐 මම ආස නෑ එයාට"

" මොකා උනත් කමක් නෑ දැන් උඹට ඕනේ වැඩේ වෙන්නනේ..
වැඩට ගිහිං ඇවිල්ලා එහේ යන්න ලෑස්ති වෙන්න..
ආහ්..තව එකක්..තාත්තා pass port එක හදලා දෙන වැඩේ කරලා දෙයි"

"හාහා අම්මේ🤭...මට නම් දැන් කෑගහන්න හිතෙනෝ....
🥺මම එහෙනම් මගේ BTS ලාව බලන්න යනෝ...V මම එනෝ ඔයාව බලන්න 🤭"

" ඔයාගේ එකම ආසාව නිසායි මායි තාත්තායි කැමති උනේ.."

අම්මා ඒ කියපු දෙයින් මම ගොඩාක් සතුටු උනා..
තමන් මෙච්චර ආදරේ කරන BTS ලාව බලන්න යන්න ලැබුනා කියන්නේ ඒක තමයි Army කෙනෙක් මේ ලෝකේ ලබන ලොකුම සතුට..
කොච්චර සතුටුද කිව්වොත් එදා දවස ගෙවෙනවා වත් මට දැනුනේ නෑ..

මම office ගිහිං ගෙදර ඇවිල්ලා ලෑස්ති උනේ චනුකිගේ ගෙදර යන්න

At Chanuki 's Home

තාත්තායි අම්මායි ඔක්කොම විස්තර චනුකිගේ අම්මාටයි තාත්තාටයි කිව්වා..
ඒත් පේන විදියට මේක ගැන චනුකිගේ කැමැත්තක් තිබුනේ නෑ

"අනේ තාත්තී..මම යන්න ඉන්නේ ලබන මාසේ 5 වෙනිදාටනේ..මට නම් බෑ ඊට කලින් යන්න"
චනුකි ඇයගේ තාත්තාට අදි මදි කරමින් කිව්වා

"Its okay චනූ..ඔයාලාගේ exhibition එක තියෙන දවස වෙනකන් ඔයාට පුලුවන් නේ ඔයාගේ යාලුවෝ එක්ක enjoy කරන්න"

"ඔව් තාත්ති කියන කතාව ඇත්ත. හොඳට ඇවිදින්න ,shopping කරන්නත් පුලුවන් නේ චනූ ඔයාට.."
චනුකිගේ අම්මාත් චනුකිට කිව්වා

"අනේ මන්දා එහෙනම් මම යන්නම්කෝ..seoul ඉතිං මට නුපුරුදු තැනක් නෙමෙයිනේ..මම කලිනුත් එහේ හිටියනේ😏"

The Lucky Army Girl 💜️ ( Completed ✔️)Where stories live. Discover now