මට ගොඩාක් සතුටු උනත් මම BTS ලාව හම්බවෙන්න යන බවක් කාටවත් කිව්වේ නෑ..
අඩුම ගානේ මගේ හොඳම යාලුවා උන අනුත්තරාටවත්..
ලංකාවේ army ලා තාමත් හොයනවා කවුද lucky army කියලා..
මම නම් ඒ ගැන කටක් හෙල්ලුවේ නෑ🙁
(දන්නවනේ ඉතිම් ඕක කියන්න ගියොත්)කාලය වේගෙන් ගෙවුණා..
South Korea යන්න තව දවසයි..
මම office එකෙන් සතියක නිවාඩුවක් ගත්තා..
මොකද මම කොරියාවේ ඉන්නේ සතියක් නිසා..
මම පහුගිය සතිය ඇතුලත රට යන්න ඔක්කොම සූදානම් කරගත්තා..
මම එයාලාව හම්බවෙන්න යද්දි අඳින්න ලස්සන, චාම් ගවුමක් ගත්තා🤭ඊළඟ දවස🌻🌻
අද රෑ මගේ එක හීනයක් ඉෂ්ට වෙන්න යන්නේ..🥺
ඒ තමයි south korea යන එක..
කවුද හිතුවේ අවුරුදු 19න් මට එහේ යන්න පුලුවන් වෙයි කියලා.. 🙈
අපි උදේම පන්සල් ගිහිල්ලා ප්‍රාර්ථනා කලේ මට පරිස්සමෙන් යන්න ලැබෙන්න කියලා..At bandaranayak international Airport
අම්මායි තාත්තායි මල්ලියි නාමල් මාමායි සීතා නැන්දායි මාව ඇරලාවන්න air port එකට ආවා..චනුකිගේ අම්මායි තාත්තායි නංගිත් ඒ අතරම උනා..ඒ චනුකියි මායි දෙන්නා ගමන යන්නේ එකට නිසා..
"තාම වෙලාව 7යි නේ..තව පැය 2කින් flight එක" නාමල් මාමා කිව්වා
"එහෙනම් ඇතුලට ගියා නම් හරි දැන්" චනුකිගේ තාත්තා කිව්වා
"අපි යනවා එහෙනම් "
මම අම්මාටයි තාත්තාටයි නාමල් මාමාමටයි සීතා නැන්දාටයි දණ ගහලා වැන්ඳා.."මම යනවා..bye"
චනුකි එයාගේ අම්මාවයි තාත්තාවයි hug කලා මිස වැන්ඳේ නෑ.."අක්කේ මේ..ඔයා rap monster ව හම්බ වුනාම කියන්න මම එයාට ගොඩාක් ආසයි කියලා🤭 හාද? "
මල්ලි මගේ කනට කරලා කිව්වා
YOU ARE READING
The Lucky Army Girl 💜️ ( Completed ✔️)
Fanfictionඅපි හැමෝම හීන දකින්නේ BTS ලාව හම්බවෙලා එයාලා එක්ක කතා කරන්නනේ..මේ කතාව ඒ හීනය හැබෑකරගත්ත LUCKY ARMY GIRL කෙනෙක් ගැනයි. මෙයා කවදාවත් හිතුවේ නෑ එයාට මේ වගේ අවස්ථාවක් හම්බවෙයි කියලා..මේක කියවද්දි අපිටත් ඒ වගේ chance එකක් ලැබුනා නම් කියලා හිතෙයි🤭 මේක ම...