ඊළඟ සතිය🌻🌻
"හෂි..ඔයා අරගත්ත ද ඇල්බම් එක" මගෙන් call කරල ඇහුවෙ නේත්‍රා..
"ඔව් බන්..අන්තිම එක ගත්තෙ වෙලාවට.."
"එහෙමද හෂී..වෙලාව තමා ඉතිං ඔයාගේ නැත්තම් ඒකත් නැති වෙනවනේ.."
"අම්මෝ ඔව්..පුදුම කට්ටක් කාලා මේකත් ගත්තේ "
"ඇත්තද?"
"ඔව්..ඒක නෙමේ..මේ වැඩේ නම් ඇත්තටම හොඳයි නේ..fan meeting එකකට වැඩිය..fan meeting එකේ BTS ලා එක්ක කතා කරන්න පුලුවන් විනාඩියයි නේ.."
"අනේ..ඔව් හෂි..fan meeting එකකට ලක්ෂ ගනන් වියදම් කරන් කොරියාවට යන එක බොරු වැඩක්"
"ඒකනේ..අහන්නකෝ..හෙට lucky army ගෙ අංකය announce කරනවලු.."
"අප්පට සිරි ඔව්නේ..තව ඩිංගෙන් අමතක වෙනවා..
"ඔයාගේ අංකේ මොකක්ද නේත්‍රා "
"1020"
"ඔයාගේ අංකේ මොකක්ද? "
ඇල්බම් එක ගත්තට මගේ අංකේ මට තාම බලන්න බැරිවුන බව මම කියන්න හදද්දිම නේත්‍රාගේ ඇමතුම විසන්ධි විය..
"Sorry හෂි..මට වෙන call එකක් ආවා" එවිටම නේත්‍රාගෙන් whatsapp message එකක් පැමිණියේය
"අයියෝ..කමක් නෑ..පස්සේ කතා කරන්න බැරියැ..මාත් මේ office එකේ ඉන්නේ..දැන් lunch time එක"
මට ඇයට reply කලාමේ සතියේ the lucky army කවුද කියලා announce කරන නිසා හැමෝම හිටියේ නොඉවසිල්ලෙන්..
හැම group chat එකකම පවා කතා උනේ ඒ ගැන..
BTS ලාව බලන්න යන්න army ලට කොච්චර ආසාවක්ද තිබ්බේ කිව්වොත් සමහරු ඇල්බම් 3ක් 4ක් මිලදී ගෙන තිබුනා..
ගන්න පුලුවන් අවම ඇල්බම් ගණන 4ක් නිසා අනිත් අයට සිදු වෙන ආසාධාරණය අඩු උනා..
එක්කෙනෙක් ඇල්බම් ගොඩක් ගත්තොත් ඒක තව කෙනෙක්ට වෙන ආසාධාරණයක් නේ..
මොකද ලංකාවටම තිබුනේ ඇල්බම් 100ක් විතරයි..Lucky army ගේ අංකය announce කරන දවස අදයි
අනිත් army ලාට අද විශේෂ දවසක් වුනත් මට නම් අද තවත් එක සාමාන්‍ය දවසක් විතරයි..
උදේම නැගිටලා office යන්න පිටත් උනේ ඒ ගැන මතක්වත් නොකර..
දිගට හරහට ඒ ගැන කිය කිය යාලුවන් messages එව්වත් මම බලන්න ගියේ නෑ..
KAMU SEDANG MEMBACA
The Lucky Army Girl 💜️ ( Completed ✔️)
Fiksi Penggemarඅපි හැමෝම හීන දකින්නේ BTS ලාව හම්බවෙලා එයාලා එක්ක කතා කරන්නනේ..මේ කතාව ඒ හීනය හැබෑකරගත්ත LUCKY ARMY GIRL කෙනෙක් ගැනයි. මෙයා කවදාවත් හිතුවේ නෑ එයාට මේ වගේ අවස්ථාවක් හම්බවෙයි කියලා..මේක කියවද්දි අපිටත් ඒ වගේ chance එකක් ලැබුනා නම් කියලා හිතෙයි🤭 මේක ම...