"යූංගියා කොහෙද ඉන්නේ" attack එකකට මුහුණ දෙන්න තරම් ශක්තියක් නොවුන නිසාම කට්ටියම හෙව්වේ යූංගිව.නිකන්වත් ජැක්සන්ට අහු උනොත්... අන්තිමට සූ මින්ගේ ගෙදර යනවා කියලාත් තීරණය කරේ හොයාගන්න බැරිම නිසා. ඒත් කවුරුවත් හිතුවේ නෑ මේක තමයි අවසානයේ ආරම්භය කියලා.
*Yoongi p.o.v
සූ මින්ට උන පොරොන්දුව නිසාම මං ආවේ සූ මින්ගේ අප්පව හම්බෙන්න. මේක මං කරන්නේ එයා මගේ මේට් නිසාම විතරක් නෙමෙයි.. අනිත් එක ලොකු රහසක්...
මං දැනන් හිටියේ නෑ සූ මින්ට මේ වගේ මාලිගාවක් වගේ ගෙයක් තියෙනවා කියලා. ඒ වගේම මේ garden එකත් ගොඩක් ලොකුයි. හැමතැනම ගස් කොළන් වලින් පිරිලා තිබුණා. Garden එක පුරා වැවිලා තිබුණ තණකොල පාගමින් හිටපු කෙනා සු මින්ගේ අප්පා කියලා මං හිතුවේ ඒ තරම් ලොකු ගාම්භීරත්වයක් තියෙන කෙනෙක් සාමාන්ය කෙනෙක් වෙන්න බැරුව ඇති කියලා හිතමින්
"මිස්ට ලී" garden එකේ ඇවිදින ගමන් හිටපු සූ මින්ගේ අප්පා ගාවට ගිහින් මං හිමීට කතා කරද්දිම මගේ පැත්තට හැරුනා.
"ඔව් කවුද මේ?"
"මං මින් යූංගී, සූ මින්ගේ කැම්පස් එකේ lecturer කෙනෙක්"
"ඕ ඉතිං. සූ මින්වනම් මේ වෙලාවේ හම්බෙන්න බෑ. එයා පොඩි වැඩක ඉන්නේ"
"ඒකට කමක් නෑ. මිස්ට ලීව හම්බෙන්න මං ආවේ"
"මේ මාව? මාව හම්බෙන්න වැම්පයර් කෙනෙක් ආපු පළවෙනි වතාව මේ"
මං වැම්පයර් කෙනෙක් කියලා...නෑ සූ මින් කියන්නෑ.මගේ ඇස් උඩ ගියා ඒ වචනේ අහලා.
"මිස්ට ලී..මොකක්ද ඒ කතාවේ තේරුම?"
"තේරුම තමා මං මෙච්චරකල් බලන් හිටපු දවස උදා උනා කියන එක. මගේ ඉවට ඔයාගේ සුවඳ හොඳට දැනෙනවා.මං හිතුවේ ඔයාලා වඳ වෙලා යන්නැති කියලා.ඒත් කවුද දන්නේ අද මාව කෙනෙක් හොයාගෙනම ඇවිත්. නිකන් කෙනෙකුත් නෙමෙයි රාජකීයෙක්."
මේ මනුස්සයා මොකක්ද කියන්නේ කියලා හිතාගන්න බැරි උනත් මට දැනුනා වෙන්නේ හොඳ දෙයක් නෙමෙයි කියලා. එයාගේ කට කොනින් හිනා වෙන මූණ මට හුරු කමක් දැනුනා.