නාරී අතුරුදහන් වෙලා අදට දවස් 5ක්.. යූන්ගිට උන පොරොන්දුව නිසා මං එළියට ගියේ නැති උනත් විනාඩියෙන් විනාඩිය හේසොන්ට call කරා.
~phone call .....📞
"සූ මිනා! මට ආරංචියක් ආවා නාරි ගැන. යුනිවර්සිටි ආවම මාව හම්බවෙන්න"
"ම්ම් Thanks හේසොන්"
උදේම නැගිටලා අදත් යූන්ගි එක්ක කැම්පස් එකට ආවා. මාව දකින සමහර අය කිව්වේ මං යූන්ගිව වශී කරගෙන කියලා.
ඒත් ඇත්තටම යූන්ගී මාව වශී කරේ. වශී විතරක් නෙමෙයි මං දැන් vampire කෙනෙකුත් වෙලා. මේවා රටේ ලෝකේ මිනිස්සු දැනගත්තොත් මට පිස්සු කියලා හිතයි. ඒක නිසාම යුන්ගිගෙන් ටිකක් ඈත් වෙලා ඉන්න තිරණය කරා. අඩුම ගානේ කැම්පස් එක ඇතුළේ විතරක් හරි :|
"Wow You look pretty" කොරිඩෝව දිගේ ඇවිදගෙන ආපු ලස්සන කොල්ලා හිමින් කිව්වේ මගෙ ළඟින් නවතින ගමන්
"Mm.. who are you?" පාඩුවේ පොතක් බලන් හිටපු මට දැන් ඒ ගමන කොල්ලොත් ලයින් දානවා
"මාව මතක නැද්ද ?" ඒත් ටිකක් දැකලත් පුරුදුයි වගේ
"අහ්ම්! දන්නෑ. හැබැයි ටිකක්..." එයාගේ හිනාවෙන ඇස් හරි හුරුපුරුදුයි.
"හා හා... මාව අමතක කරානේ සූමී?"
ඒ කොල්ලා මාව බදාගත්තා.
මොකක් මේ මගේ පුංචි කාලේ යාලුවා නේද? සූමී කියලා මට කතා කරපු එකම කෙනා එයා.කොච්චර කල් ගෙවුනත් මට අමතක වෙන්නෑ
අවුරුදු 10 කට කලින් මට හිටිය එකම, හොඳම යාලුවා. ගොඩක් යාලුවො ඉඳලා නැති නිසා මට ඒ සිඳුවීම් අද ඊයේ වගේ මතකයි.එයා පොඩි කාලේම china යන්න සිද්ද උනේ තාත්තගේ business වැඩ නිසා. මං ඊට පස්සේ ගොඩක් තනි උනා. ආයෙත් හොඳම යාලුවෙක් විදියට නාරි හම්බුනේ මේ කැම්පස් එකේදි.
"Jackson ඔයා? මෙහෙ?"
"මෙහෙ තමයි. Huh දැන් ලස්සන වෙලා කෙල්ල අම්මෝ.හැබැයි ටිකක් පැත්තෙන් බැලුවම යක්ෂනියක් වගේ. කෝ අර පුංචි කාලේ තිබ්බ පපී ෆේස් එක."
"යනවා යන්න. මෙච්චරකල් හෙව්වේ නෑනේ. ඇයි දන්නෑ දැන් ලස්සන බලන්නේ. ඒත් කෝමද මාව අදුරගත්තේ?"