SPECIAL CHAPTER | 🧛🏻

1.2K 294 30
                                    

මේක කතාවට අදාළ වෙන තවත් විශේෂ කතාවක්... මනඃකල්පිතයි හොඳේ 😁  මට හිතෙන ඒවා තමයි ඔය දාන්නේ.

Vampire කෙනෙක් කියන්නේ අමරණීය, මිනිස් ලේ මත යැපෙන අය. ඒ වගේම එයාලට මනුශ්‍යන්ගේ මනස පාලනය කරන්න පුලුවන්. ඒක නිසා තමයි halloween party එකේ හිටපු හැමෝම වගේ මෝහනය වෙලා zombie වෙලා හිටියේ. 🧟🧟‍♀️🧟‍♂️ අපි මේ ජීවත් වෙන ලෝකයෙත් මිනිසුන් වගේ වෙස් වලාගෙන vampiresලා ඉන්න පුලුවන් සමහරවිට 🌚😧

vampiresලා වර්ග 3ක් ඉන්නවා . 🧛🏻

• Sunguinarians
• phychic
• hybird ( vampire+ werewolf)

මේ වර්ග ගැන මං වැඩියෙන් විස්තර කරන්නෑ හොඳේ.

විෂේශ දක්ෂතාවය

වවුල් වෙස් ගන්නවා වගේ හැම vampire කෙනෙක්ටම විශේෂ හැකියාවක් තියෙනවා.
අවු: 101 සම්පූර්ණ වෙද්දී මෙයාලට මේ දක්ෂතවය හිමි වෙනවා. සාමාන්‍ය vampire කෙනෙක් ඒ හැකියාව ලබගන්න ධ්‍යාන වඩන්න ඕන.
ඒත් රාජකීයයන්ට උපතින්ම හිමි වෙනවා. වෙස් මාරු කිරීම, සිත් කියවීම, එක ඇසි පියවිල්ලකින් වෙන කෙනෙක්ව ගල් කරන්න පුලුවන් වගේ ගොඩක් දක්ෂතාවයන් තියෙනවා.😳

රාජකීයයෙක් කියන්නේ වෙන vampire කෙනෙක්ගේ ග්‍රහණයකට ගොදුරු නොවී vampire රජ පෙළපතේ කෙනෙක්ගේ ලේ පිහිටන වගේම උපතින්ම vampire කෙනෙක් වෙන අයට. මේ වගේ අය ඉතාම දුලබයි.

මොකද ගොඩක් රාජකීයයෝ ඉපදෙන්නත් කලින්ම දෙමව්පියන් අතින්ම ඝාතනය වෙනවා. Vampire දරුවෙක් ඉපදෙනකොට උපතදෙන මව මරණයට පත් වෙන එක අනිවාර්‍යය නිසා. ඒ වගේම රාජකීය vampire ගෑනු දරුවන් ඉපදෙන එක පෙළපතේ අවාසානාව විදියට තමයි එයාලා දකින්නේ.

එතකොට මේ කතාවේ එන Yoongi නොහොත් අඳුරේ කුමාරයා : දැනට සිටින සියලුම vampires වරුන්ගේ රජු ලෙස අවු :121 දී කිරුළු පළදනවා. ඒත් කිරුළේ අයිතිය ලැබෙන්න නම් අවු : 121 ලබන වසරේ halloween දවසක සේවක බිෂොප් 🧟‍♂️ [zombie] එක්ක සංචාරයක යෙදිලා ධෛවය විසින් තමන්ට උරුම සුන්දර පිවිතුරු ( Virgin)  කාන්තාව විවාහ කරගන්න ඕන.  👰🏻💍🧛🏻‍♂️

මේ පිවිතුරු  කාන්තාව ශරීරයෙන් විතරක් නෙමෙයි හදවතිනුත් ❤️ පිවිතුරු වෙන්න ඕන. එදාම රාත්‍රියේ ඔවුන් එකිනෙකා mark කරගෙන විවාහ වෙනවා.

Mark කරනවා කියන්නේනම් අර කාන්තාවගේ බෙල්ලේ දත් සළකුණක් තියලා ලේ බීලා vampire කෙනෙක් කරලා mate ලෙස නම් කරන එක.

Mate කියන්නේ vampireගේ සහකාරියට. Halloween 🎃 දවසේ රෑ හොයාගන්න ඕන මෙන්න මේ mate කියන කෙනාව. නැත්තම් පෙළපතේ අයිතිය අහිමි වෙනවා

විවාහයෙන් පස්සේ ලැබෙන සුපිරි හැකියාව තමයි මිනිසුන් අතර උනත් සාමාන්‍ය ලෙස ජීවත් වෙන්න පුලුවන් වෙනවා.

හිරු එලියට නිරාවරණය නොවී☀️ ලේ පිපාසය පාලනය කරගන්න 🩸උල් දත් වල පිහිටීම පාලනය කරන්න🦷... වගේ vampire කෙනෙක්ට අහිතකරන සියලුම දේට සාමාන්‍ය ලෙස පෙනී සිටීමේ හැකියාව ලැබෙනවා. විශේෂයෙන් garlic වලින් බේරෙන්න පුලුවන්😁

Mate කෙනෙක්ව දෙන්නට දෙන්නා mark කරාට පස්සේ හිතන දේවල් දැනෙනවා. හරියට telepathy වගේ. වචනයක්වත් කතා නොකර අදහස් හුවමාරු කරගන්න පුලුවන්. ✨

Vampire කෙනෙක්ට mate කෙනෙක්ව mark කරන්න පුලුවන් එක පාරයි. එයා තමයි සදහටම තමන්ගේ සහකාරයා වෙන්නේ. තමන්ගේ mate නැති උනොත් සඳහටම ඒ vampire තනි වෙනවා.

❎ Hypnotic scent Mateව අඳුරගන්න vampireට පුලුවන් වෙන්නේ ලේ සුවඳ එක්ක එන අමුතු සුවඳ නිසයි. ඒකයි එදා Yoongi සූමින් ගාවට halloween party එකේදි වෙස් වලාගෙන ඇවිත් ළං උනේ. Mate ටත් එයාගේ vampire ගාවින් අමුතු සුවදක් දැනෙනවා. ඒ සුවඳ හරියට visky එක්ක මුසු උන rose සුවදක් වගේ මත් සුවදකට සමාන සුවදක් එන්නේ. 🍾+🌹

clan එකක් කියන්නේ vampire කණ්ඩායමක් හඳුන්වන නම. මේකට brood , pack කියලත් කියනවා.

werewolf ගොඩක් අයනම් දන්නවා ඇති. මෙයාලටත් vampiresලා  වගේම විශෙෂ හැකියා තියෙනාවා. මෙයාලාව වෘක මිනිස්සු කියලාත් කියනවා. Werewolf + vampire ලා එකතු උනාම hybrid vampiresලා ඇති වෙනවා. සාමාන්‍ය අයට වඩා එයාලා වෙනස් වෙන්නේ ද්විත්ව හැකියා පිහිටන නිසා.

ඒ ගැන ගොඩක් දැනගන්න ඕනනම් ගොඩක් තැන් තියෙනවා හොයන්න පුලුවන්.

මේ වචන ටික ටිකක් ඔලුවේ තියාගන්න කතාව පුරාම තැනින් තැන එයි 🦇️🖤

කතාව එක්ක දිගටම ඉන්න චිංගූලා  :|🧛🏻✨👰🏻♡

𝐌𝐫. 𝐃𝐫𝐚𝐜𝐮𝐥𝐚 ♡ [sᴜɢᴀ] ✅ | Sinhala Donde viven las historias. Descúbrelo ahora