* Yoongi p.o.v
"යූංගි ! මට මගේ සූ මින්ව බලාගන ඉඩ දෙනවා නේද?"
ජැකීගේ මේ හඬත් එක්කම සූ මින් ගැන හිත හිත හිටපු මං පියවි සිහියට ඇවිත් සූ මින් දිහා බලාගෙනම හිටියේ ජැකීගේ ප්රශ්නයට පිලිතුරු නොඳී..
'සූ මින් ! අපේ රූම් එකට එන්න' මං කාටවත් ඇහෙන්නැති වෙන්නම සූ මින්ට කතා කරලා පඩිපෙළ දිගේ ඉහළට නැග්ගා.
'අපේ නෙමෙයි කිව්වේ ?! ඔයාගේ එකද ? මගේ එකද ?'
'ආයි..ශ් මොකකට හරි කමක් නැ. උඩට එන්න'
මං එහෙම කියලා විනාඩි දෙකකට විතර පස්සේ පඩි දිගේ නගින් සද්දෙත් එක්කම මගේ කාමරේ දොර ගාවට දුවගෙන ආවේ සූ මින්
"මේ දේ කියන්න වෙලාව හරි"
"මොනදේ ද?"
"මං ඔයාට..කියන්න හදන දේ තේරෙනවද?" සූ මින් ලඟට හෙමින් හෙමින් යන ගමන් එහෙම ඇහුවත් සූ මින් තාමත් බය වෙලා මගේ දිහා බලන් ඉන්නවා.
"සු මිනා ! ඔයාව මං..ඔයාව මං වැම්පයර් කෙනෙක් කරෙ නෑ"
"එතකොට...?!"
"හ්ම්..ඔයා බය වෙන්න ඕන නෑ. ඔයාට කැමති තීරණයක් ගන්න පුලුවන්"
"මොනාද යූංගි මේ කියන්නේ?"
"සූ මින්! මංවත් ජැකීවත් පිටතින් පේනවා වගෙ මනුස්සයෝ නෙමෙයි කියලා ඔයා දන්නවා..මියානේ...මං ඔයාට බොරු කිව්වට"
"මට තේරෙන්නෑ යූංගි! තවත් මට මේ දේවල් දරාගන්න බෑ. මට කියනවද මේ දේවල් වල ඇත්ත කතාව"
සූ මින් එහෙම කිව්වේ කාමරේ කොනක තිබුණ පුටුවක් උඩ වාඩි වෙලා හයියෙන් හුස්මක් පිට කරමින්
"මින් සෝ උතුමාණන්.. අපේ පරපුරෙ හිටිය ශ්රේෂ්ඨ වැම්පයර් කෙනෙක් වගේම හිටපු කණ්ඩායම් නායකයෙක්"
මං දිහා කතාවක් අහගෙන වගේ බලා ගෙන හිටපු සූ මින් ගේ හිත ප්රශ්න ගොඩකින් පිරිලා තිබ්බා. ඒ එකින් එකට මං උත්තර දුන්නා.
"මතකද අර පොතේ හිටපු කෙනාව."
"එයා තමයි මින්සො උතුමාණන් කියන්නේ. ඒ පොතේ තිබ්බේ එතුමගේ ජීවිත කතාව. ඒක ලියලා තිබ්බේ පුරාණ වැම්පයර් භාෂාවකින්. ඒත් ඔයාට සමහර දේවල් තේරෙන්න ඇති රූප දැක්කම"