වාහ් ලස්සන බංගලාවක්.. රාජ මාලිගාවක් වගේ.. පුදුම ලස්සනයි.. මේ මල් ව්ව්ව්වාහ් මං කවදාවත් දැකලා නෑ මේවගේ මල්..මං කොහෙද මේ ඉන්නේ අම්මෝ මේ පොකුනෙ ලොකු..අප්පේ ඒත් ලොකු කැලෑවක්නේ වටේම බයේ බෑ.. !!!
ම්ම්ම්ම් මොකද්ද ඒ සද්දේ.. කන් දෙකත් බීරි වෙනවා ඒ සද්දෙටනම්. කවුරුහරි අඩනවා නේද?? මෙච්චර ලස්සන තැනක ඉදන් කව්ද අනේ අඩන්නෙ??"
ඒ සද්දෙ ලග ලගම ඇහුනා ටික ටික ඔක්කොම කලු වෙලා ඔලුව බර වුනා.. දැන්නම් ඒ බෙරිහන් දෙන්නෙ මොකා වුනත් මගෙ කන උඩ නැගහෙන තමා ඒකා ඒ වැඩේ කරන්නේ..මං හිමීට ඇස් ඇරියා
මෙන්න බොලේ සොන් හී මගෙ මූනට එබීගෙන අඩනවා.. ඇයි ඒයි ඔයා අඩන්නෙ? සොන් හී විතරක් නෙවෙ මිනිස්සු ගොඩක් වටවෙලා මට හිතාගන්න බෑ.. එකපාරට මගෙ ඔලුවට ආවා
රතු ජීප් එක!!!
චූටි බබා!!ඒ කියන්නේ මං මැරිලා
එතකොට කෝ බබා.. අනේ එයා කෝ??
ඒත් සොන් හී මැරුනෙ කොහොමද??"ඔයත් මැරුනද සොන් හී??"
මං එහෙම ඇහුවම සොන් හී ගේ මූන හතරැස් වුනා
"යා.... මං මැරිල නෑ. ඔයා මැරිලත් නෑ""එතකොට කෝ බබා?? මොකද වුනේ?"
මං අමාරුවෙන් නැගිට්ටා එතකොටයි මං දැක්කෙ මං හිටියෙ මං වැඩකරන කැෆේ එකේ!
එකපාරටම ඔන්නි කෙනෙක් මගෙ අතින් අල්ලගත්තා
"අනේ ඔයාට ගොඩක් පිං.. මගෙ දරුවා බේරලා දුන්නට.. ගුමාවෝ..ගුමාවෝ"
එයා අඩ අඩම එහෙම කිව්වා.. පව්
"ඒක සුලු දෙයක්.. බබා හොදින් නේද?"
"ඔව් එයා හොදින්"එහෙම කියලා එයා මගේ අත ඉබලා මූන අතගෑවා..
ඒත් කෝ බබා. මං වටපිට් බැලුවා.. අහ්.. මේ ඉන්නේ අම්මගෙ පිටිපස්සට වෙලා පුලුන් බෝලයක් වගේ.. මං බබාගෙ ඔලුව අතගෑවා.. එතන තව කට්ටිය හිටියා...හැමෝම වගේ මට ස්තූති කලා කරපු වැඩේට..ඇත්තටම ඒ පැටියගෙ මූන දැක්කාම මටත් පුදුම සතුටක් ආවෙ.. අහින්සක මූනක්.. හරිම ලස්සනයි එයාගෙ චූටි ඇස්.. මං එයාව බේරගත්තා කියල හිතෙද්දි හරිම සතුටුයි..