මාව ඇදලා ගත්ත පාර මං නොවැටී බේරුනේ පියානෝ එක අල්ලගත්ත හින්දා.."සලාආආආං"
පියානෝ එක උඩ අත් දෙක තිබ්බ හින්දා ඒකෙන් ආව සද්දෙට මාව තව ටිකක් උඩ ගියා.. කෙලින් වෙලා මං පිටිපස්ස හැරිලා බැලුවෙ මොකාද මාව මරන්න හදන්නෙ කියලා.
ඇදලා ගත්ත කොල්ලා මියුසික් රූම් එකේ උඩ ලොක් එක දානවා..
මට බලහත්කාරකමක් කරන්නද හදන්නෙ මං කෑගහන්න කට අරිනකොටම ඒ කොල්ලා පිටිපස්ස හැරුනා..
"ටේහ්‍යුන්!!"
ඒ මූන දැක්කා විතරයි මගෙ කකුලෙ මහපට ඇගිල්ලෙ ඉදන් උඩට පූජියාමා ගිනිකන්ද වගේ රත්වීගන ආවා.. ටේහ්‍යුන් මේක සෙල්ලමකට අරන්ද කොහෙද! කීවෙනිපාරද මේ මාව බයකලේ.. දොරත් ලොක් කරලා මං ගාවට හිනාවෙවී එනවා! මං මට පුලුවන් උපරිමෙ එරෙව්වා..
"මොකද රවන්නෙ?"
"මොකද රවන්නෙ?! මොකද හැමවෙලේම මාව බයකරන්නෙ?"
"අහ් බයත් වුනාද?"
"ඔව් වුනා!"
"මං බයකරන්න හැදුවෙ නම් නෑ.. හැබැයි බයවුනාට කමක් නෑ.. පනිශ්මන්ට්!"
"පනිශ්මන්ට්?? ඒ මොකටද?"
මං එහෙම කිව්වාම ටේහ්‍යුන් එකපාරට මගෙ මුනට එබුනා..පියානෝ එක හින්දා පස්සට යන්න විදියකුත් නෑ.. ටිකක් වෙලා මූන දිහා බලාගන ඉදලා එයා එකපාරට එයාගෙ අත් දෙකම මගෙ කම්මුල් දෙක දෙපැත්තෙන් තියලා මගෙ මූන මිරිකුවා
"මං මගෙ නම්බර් එක sticky note එකක අලෝලා එව්වා. හම්බුනේ නැද්ද?"
"හම්භුනා"
"අහ්හ් හම්බුනාද? හම්බුනානම් කෝල් එකක්වත් මැසේජ් එකක් වත් දාන්න ඕනේ කියලා හිතුනෙ නැද්ද?"
ටේහ්‍යුන් එහෙම කිව්වාමයි මට ඒක ඔලුවට ආවෙ.. සේව් කරගත්තට මට මැසේජ් එකක් දාන්න අමතක වුනා.
"ම් මට අමතක වුනානෙ.."
මං එහෙම කිව්වාම ටේහ්‍යුන් ඇස් දෙකත් ලොකු කරගන මගෙ මූනෙන් අත් දෙක අරන් අඩියක් විතර පස්සට වුනා.
"අමතක වුනා!! මේ මාව??"
ඒක කිව්ව විදියට නම් මට හිනාත් ගියා.. පොඩි ලමයෙක් වගේ.
STAI LEGGENDO
Petalless Flower✔️
Storie d'amoreපිපෙන්නට පෙර පෙති හැලී ගිය මලක්... Petalless Flower🥀