ටේහ්යුන් povඑදා වුන සිද්දියෙන් පස්සෙ මං පුලුවන් තරම් අර කොට කෙල්ලව මගාරින්නමයි හැදුවෙ.. මොකද මට ඒ කෙලල්ව දැක්කම මං වැරදිකාරයෙක් වගේ හැගීමක් එනවා.. අනික ඒ කොට කෙල්ල මං දිහා බලන්නෙත් ඇස් ගෙඩි දෙක ලොකු කරගන හරියට යකෙක් දිහා බලනවා වගේ.
ටේහ්යුන් දිහා වෙන කෙල්ලො බලන්නෙ හරියට මී පැණි දැක්ක ඇබලයො වගේ.. ඒකට මේකි!! හැබැයි ඉතින් දැක්ක පලවෙනි දවසෙම මං කෙල්ලට කරපු ඒවට ඔහොම හරි බලන එක මදැයි!!
Annual concert එකට ටීම් බෙදන්න main hall එකට එන්න කියලා announcement එක දුන්න විතරයි කොලේජ් එකේම ලමයි නැට්ට ගිනිඅරන් වගේ main hall එකට දුවන්න ගත්තා.. මං ජින් හ්යුන් ගෙ අයිටම් එකට යන්න හිතාගන හිටියෙ ඒත් කුකියා මාවයි ජිමිනවයි ඇදගන හෝබි හ්යුන් ගාවට ආවෙ මේ අපේ හ්යුන්ලගෙ අන්තිම කොන්සට් එක හින්දා තුනටම යන්න ඕනෙ කියලා. මේ සැරේ හ්යුන්ලා තමයි වැඩේ ලීඩ් කරන්නේ.. හෝබි,යුන්ගි, ජින් කියන්නෙ හරියට අපේ සහෝදරයො වගේ..
අපිට වඩා අවුරුද්දක් සීනියර් වුනාට අපේ පවුල් ඔක්කොම වගේ බිස්නස් කරන්නෙ. ඉතින් පවුල් පැත්තෙනුත් අපි හුගක් ලගයි.. පොඩි කාලෙ ඉදලම එකටමයි අපි හත්දෙනාම හිටියේ.. දැනට කොලේජ් එකේ ඉන්නෙ හයයි.. මගෙ හ්යුන් ඒ කියන්නේ නම්ජූන් ගිය අවුරුද්දෙ කොලේජ් එකෙන් අවුට් වුනා..
අපි හෝල් එකට එනකොට ඔක්කොම ඇවිත් ඉවරයි.. මාව දැක්ක ගමන් හෝබි හ්යුන් ඇවිත් මගෙ කරට පැන්නා..
කොට කෙල්ල!!! එයා මොකද මෙතන කරන්නේ.. එයත් හෝබි හ්යුන් ගේ අයිටම් එකක ඉන්නවද දන්නෙ නෑ.. අපෝ එහෙනම් මේ අයිටම් එකට නොගිහින් ඉන්න එකමයි හොද!
මොකද ටේහ්යුන් මේ.. මේ කෙල්ලව දැකලා උබ පස්ස ගහන්නෙ මොකද! මට මොනා වෙලාද කියලා මටම හිතාගන්න බෑ.. මේ බටු කෙල්ලව දකිනකොට මට පැනල යන්නමයි හිතෙන්නේ!
"අනික මෙයාව දැක්කමනම් සින්දු කියන්නවත් ජිම්නාස්ටික් කරන්නවත් පුලුවන් කියලා පේන්නෙ නැ.නේද ටේ"
කුකියා කෙල්ලට නෝන්ඩියක් දාන ගමන් මගෙන් අහනවා.. ඔය රෙද්දට මාව ගාවගන්නෙ මොකටද ! මං කුකියට හිතෙන් බැන බැනම කෙල්ල දිහා බැලුවා.. කෙල්ලත් උබ මොකද කියන්නෙ වගේ මං දිහා බැලුවා... මූන නිකන් කෝච්චියට අහුවුන සතපහ වගේ. ඒ මූන දැක්කාමනම් මටත් හිනායනවා හැබැයි!
![](https://img.wattpad.com/cover/254095721-288-k371783.jpg)