Episode 20🥀

916 228 2
                                    

Petalless Flower🥀
ටේහ්‍යුන් pov

එදා ඉදන් ගෙවුන හැමදවසකම මං හිටියෙ පිස්සෙක්ටත් අන්ත විදියට.. සමහර දවස් තිබුනා දවසට පැය ගනන් ඒ පොටෝ එක දිහා බලාගන ඒක බොරුවක් කියලා මගෙ හිත රවට්ට ගන්න හදපු.. ඒත් ඒක එඩිට් එකක් නෙවෙයි කියල නොතේරෙන්න තරම් මං බබෙක් නෙවෙයි..ඒත් ඒ පොටෝ එක දකින හැමසැරේම පලවෙනි පාරට ඒක දකිනවා වගේ වේදනාවක් මට දැනුනේ.. හිතේ මේවගේ දුකක් ඇතිවුන පලවෙනි පාර..

ජූරි කියන්නෙ මගෙ පලවෙනි ආදරේ නෙවෙයි.. ඒත් මං ලීසා එක්ක ඉද්දිවත් කවදාවත් මට මේතරම් රිදිලා නෑ.. ලීසා කියන්නෙ කොයිවගේ කෙල්ලෙක්ද කියලා දැනගත්ත ගමන් මට හරිම ලේසියෙන් එයාව අතෑරලා දාන්න පුලුවන් උනා..

ඒත් ජූරි.. මට බෑ ඒ කෙල්ලව හිතෙන් අමතක කරන්න. ඒ චූටි ඇස් ලස්සන හිනාව මට හැමවෙලේම මතක් වෙනවා.. පුලුන් ගුලියක් වගේ මගෙ පපුවට ගුලිවෙලා හිටිය හැටි අනන්තවත් මට මතක් වුනා..ගෙවුනෙ හරිම පොඩි කාලයක් වුනත් මට ඒ හුස්ම ඒ සුවද ඒ හිනාව අමතක කරන එක හීනයක් වගේ.. ඒත් එයා මාව රවට්ටනවා..

ඉස්සර මට මොන ප්‍රශ්නයක් ආවත් මං ඒක මුලින්ම කිව්වෙ ජිමින්ට. ඒත් දැන් මගේ ප්‍රශ්නෙම ජිමින්.. හිතේ කැකෑරෙන දේවල් කියන්න කිසිම කෙනෙක් නෑ.. ජන්ග්කුක්ට කියලා තේරුමක් නෑ.. මොකද ඌ මේවගේ දේවල් කවදාවත් සීරියස් හිතන එකෙන් නෙවෙයි.. මං මේක ඌට කිව්වත් ඌ දෙන උත්තරේ හොදාකාරවම මම දන්නවා.

"ඔන්න ඕක අතෑරලා දාහන් ටේ"

කුකා කියන්නෙ ඕක.














මේ දවස් වල ගෙදර කවුරුත්ම නැති එක මට ලොකු දෙයක් උනා.. හ්‍යුන් අප්පා එක්ක බිස්නස් වැඩ වලට ඇමරිකා ගිහින්. ඔම්මා සීයා එක්ක ඉටේවන් වල හදන අලුත් හොටෙල් එකේ වැඩ බලන්න ගිහින්.. ගෙදර හිටියෙ මායි අජුම්මයි විතරයි.

මුල් දවස් දෙක තුනම මං කලේ හවස අජුම්මා ගෙදර යනකල් ඉදලා හොරෙන්ම ක්ලබ් එකට ගිහින් පාන්දර වෙනකල් බීපු එක. ඒත් දවසක් අජුම්මට මගේ හොරේ අහුවුනේ උදේ අජුම්මා ගෙදර එද්දි හතරගාතේ දාලා මං ගේ ඇතුල්ට යාගන්න බැරුව දොර ඉස්සරහ වැටිලා ඉන්නවා දැක්කාම.

Petalless Flower✔️Dove le storie prendono vita. Scoprilo ora