"ජූ... ටේහ්යුන් ඔයාව හොයයි.. අපිට තිබුනෙ එයා එනකල් ඉදලා එන්න"
ඩේසි මල් පිරුනු තැනිතලාව දිහා බලාගන ඉන්න ජූරි ලගට ගිය ජිමින් ජූරි ගෙ එහාපැත්තෙන් හිටගත්තා.. මොන දේ වුනත් කාටවත් නොකියා ජූරි ව හොස්පිටල් එකෙන් එක්කන් ආව එක ගැන ජිමින් ගෙ හිතේ තිබ්බෙ පොඩි කනස්සලයක්..
"ටේ මාව හොයන හින්දම තමා ජිමින් මං නොකියම ආවෙ.. අනික ඩොක්ටර් කිව්වනෙ මට ගෙදර යන්න පුලුවන් කියලා"
ජූරි හිටියෙ ඈත අහස දිහා බලාගන
"ඒත් ජූ...."
"නෑ ජිමින්..... මට ටේ දිහා බලාගන මගේ හිත හදාගන්න අමාරුයි.. මට එයා නැතුව ඉන්න හිතහදාගන්න අවුරුදු දෙකක් ගියත් බැරිවුනා.. ඒකට යන්තම් හරි හිත හදාගද්දි ටේ ආයෙත් ආව..ඒ වෙලාවෙ මගෙ හිත ආයෙත් බලාපොරොත්තු මහ ගොඩකින් පිරුනා ජිමින්..ඒත් දැන් මට යන්න වෙලා.. මං කොහොමද ඒ මූන බලාගන යන්න හිත හදාගන්නෙ.. ඔයාට නම් මේවා විහිලු වගේ ඇති.. ඒත් මට තවත් මේ දුක දරාගන්න අමාරුයි ජිමින්"
ජූරි ගෙ ඇස් වලින් සීතල කදුලු බිංදු එක පේලියට කඩාගෙන වැටුනා..ජූරි ගෙ හිතේ තියනවට වඩා දහස් ගුනයක දුකක් ජිමින් ගෙ හිතේ තියනව කියලා ජූරි දැනගන හිටියෙ නෑ...ජූරි ගෙ තත්වෙ ජිමින් ගෙ හිත තාමත් පිලිගන්න ලෑස්ති නෑ..ජූරිට ආදරේ නොකිව්වට දුරින් ඉදන් හරි ජූරි දිහා බලන් ඉන්න පුලුවන් හින්දයි ජිමින් මේ තරම් කාලයක් සතුටින් හිටියෙ.. ඒත් දැන් ඒකත් ජිමින්ට අහිමි වෙන්නයි හදන්නෙ..
ජූරිත් අනිත් හුගදෙනා වගේම තමන්ට ආදරේ කරන කෙනා ගැන නොහිතා තමන් ආදරේ කරන කෙනා ගැනයි හිතුවේ.. කාටවත් දොස් කියන්න බෑ.. මොකද ආදරේ හැටි එහෙමයි.. ඒක බලෙන් ලබාගන්න බෑ..ඒක හැගීමක්.. ඒ හැගීම අපිට දැනෙන්න ඕනි.. ඇත්තම ආදරේ කවදාවත් නැතිවෙන්නෙ නෑ.. කාලයත් එක්ක යටපත් උනත් හිතේ කොනක හරි ඒ හැගීම හැමදාමත් අපි එක්කම තියනවා. ජූරි ගෙ ආදරේ ටේ.. ඒක මොන දේ වුනත් වෙනස් කරන්න ජූරිට බැරිවුනා...
ජිමින් අහසට යොමු වෙලා තිබ්බ එයාගෙ ඇස් ජූරි දිහාට ගෙනාවා..
"ඔයාට මාව දාලා යන්න දුක නැද්ද ජූ...?"