උදේ වරුවම ප්‍රැක්ටිස් කරපු හින්දා හෝබි ඔප්පා අපිට ටිකක් වෙලා rest කරන්න කියලා හේ වොන් එක්ක කැෆටේරියා එකට ගියා.. බඩගින්නක් තිබ්බත් නැගිටලා යන්න කම්මැලි වගේ හින්දා මං බිමින් ඉදගත්තේ මහන්සි ඇරලා යනවා කියලා හිතාගන.. මුලු ඇගේම දාඩිය.. ඕනෙ එකක් කියලා මං ඇස් දෙක පියාගන බිත්තියට හේත්තු වුනා..
"ඒයි මෝඩි!! කන්නැද්ද?"
විනාඩියක්වත් ඇස් පියාගන ඉන්න වුනේ නෑ
"ආආ ජිමින්!! හැමවෙලේම මොකද අනේ ඇස් පියාගන ඉන්න වෙලාවටම ඇවිත් කතාකරන්නෙ"
මං බොරු තරහක් අරන් කෑගැහුවා.. මෙයාටනම් ගානක්වත් නෑ හිනාවෙනව.
"නිදාගන්න ඕනෙනන් ගෙදර ඉන්නෙපැයි.. මං ඉද්දි නම් ඔයාට නිදාගන්න වෙන්නෙ නෑ"
"මං නිදාගත්තෙ නෑ.. මහන්සි හින්දා ඉදගත්තෙ"
"ගොඩක් මහන්සිද?""නෑ ටිකයි"
"මුලු මූනෙම දාඩිය!! කෝ එනවා"
එහෙම කියලා ජිමින් මගේ මූන ඇදල අරන් එයාගෙ ලේන්සුවෙන් මගෙ මූන පිහිදාන්න ගත්තා.. මේ කොල්ලට පිස්සුද මන්දා.එයා එකපාරට මූන පිහිදන එක නවත්තලා කෙලින්ම මගෙ ඇස් දෙක දිහා බැලුවා.. ඒ ඇස් දිලිසෙනවා..
මාත් එයාගෙ දිහා කෙලින්ම බලන් හිටියා ඒ ඇස් ටික ටික පහලට හැරෙනවා! ඒ බැල්මට මට මොකද්දෝ අපහසුතාවයක් දැනුනා. මං කවදාවත් කොල්ලෙක් එක්ක මෙච්චර ලගින් මෙහෙම ඉදලා නෑ..
"යා.. මට පුලුවන් ඕක කරගන්න!!"
තවත් මෙහෙම ඉන්න එක හොද නෑ වගේ දැනුන හින්දා මං ජිමින් ගෙ අතේ තිබ්බ ලේන්සුව ඇදලා අරන් මූන පිහිද ගත්තා.. මං කෑගහපු සද්දෙට එයත් ගැස්සුනා..
"අහ් ම්ම් මේ පි.. පිහිදගන එනවා කන්න යං"
එහෙම කියලා ජිමින් කලබලෙන් වගේ නැගිලට ඔලුවත් කස කස එලියට ගියා.. මේ කොල්ලට මොන යකෙක් වැහිලද?
කාලා ඉවරවෙලා ආයෙ හෝල් එකට ආවත් හෝල් එකේ කවුරුත් හිටියේ නෑ
"ජිමින්.. අපි යුන්ගි ඔප්පාගෙ ප්‍රැක්ටිස් බලන්න යං?"
හනා ට එන්නම් කිව්වට යන්න බැරිවුන හින්දා මායු ජිමිනුයි auditorium එකට ගියා. කට්ටිය බරටම ප්‍රැක්ටිස්.. හනා කිව්වා හරි යුන්ගි ඔප්පා නම් මාරයි!