ජිමින් pov
අන්තිමෙ මං වෙනවා දකින්න අකමැතිම, නොවේවා කියලා හිතපු දේම සිද්ද වුනා..
මගෙ ජූරි ආදරේ කරන්නෙ මට නෙවෙයි ටේහ්යුන්ට.. එදා වුන දේවල්, මං දැක්ක දේවල් වලින් පස්සෙත් මගෙ හිතේ කොනක පුංචිම පුංචි බලාපොරොත්තුවක් තිබුනා ඒ ටේහ්යුන් නොවී මං වෙයි කියලා.. ඒත් ඒක එහෙම වුනේ නෑඒ දෙන්නට දෙන්නා ආදරෙයි කියලා දැනගත්තට පස්සෙ මට ඕනි වුනේ පුලුවන් තරම් ජූරි ව මගඇරලා ඉන්න. මොකද ඒ මූන බලාගන මට හිත හදාගන්න අමාරුයි..
මොන විදියකින් වත් ජූරි මට ආදරෙයි කියලවත් එහෙම දැනෙන්න හැසිරිලාවත් තිබුනෙ නැති වුනාට මං ඒ චූටි මූනට, ඒ හුරතල් හැසිරීමට ගොඩක් වශී වෙලා හිටියෙ ආපහු හැරෙන්න බැරි තරම්ම..
ඒක මට හොදටම තේරුනෙ මං එයාව වුවමනාවෙන්ම මගාරින්න උත්සහ කරද්දි.. මගෙ හිත කොහොම රිදුනත් ටේහ්යුන් වෙනුවෙන් මං ජූරි ව අමතක කරන්න ඕනෙ. අනික අපි අතරෙ අමතක කරන්න බැරි තරමෙ කිසිම දෙයක් වුනේ නෑ.. ඒ හින්දා මට ඉක්මනටම මේ හැමදේම අමතක කරන්න පුලුවන් වෙයි.
ඒත් එදා එයාව මියුසික් රූම් එකෙන් එලියෙ ටේහ්යුන් එක්ක දැක්ක වෙලාවෙ මගෙ හිත කෑලි කෑලි වලට කැඩුනා වගේ මට දැනුනෙ.. ඒ ඇස් මගෙ දිහා බලාගන හිටියෙ මට සමාවෙන්න ජිමින් කියන්න වගෙ.. එයා කිසිම වැරැද්දක් කලේ නෑ.. අපි කවුරුත් වැරදි කලේ නෑ.. ආදරේ කියන්නෙ මේකට..
--
"ජිමිනා.....!"
මායි ජූරි ඩාන්සින් ප්රැක්ටිස් කරපු දවස් ටික ගැන කල්පනා කර කර ඉද්දි ජන්ග්කුකා කෑගහගන ඇවිත් මගෙ ඇගට පැන්නා. මගෙ මනෝ ලෝකෙ එහෙම්ම බිම
"ආයිශ්.... ජන්ග්කුක්!! උබ මගෙ කොන්ද කඩන්නද හදන්නෙ!"
කුකි ඇගට පැන්න පාර මං ඒකා එක්කම සෙටියට වැටුනා..
"ඔව් කඩන්න තමයි හදන්නෙ.. එනවා!!"
කුකි මගෙ බෙල්ල වටේම අත් යවලා ඒකා ගෙ කකුල් දෙකත් මගෙ බඩ වටේට දාගත්තා වදුරෙක් වගේ
"ආආආශ් කුකී මොකද ඕයි මේ!! අයින් වෙනවා මරන්නද හදන්නෙ"
මං පුලුවන් තරම් හයියෙන් එහෙට මෙහෙට වැනිලා කුකියාව සෙටිය උඩට වට්ටලා ඌ ආයේ නැගිටින්න කලින් ඇගට පැනලා හිරකරගත්තා..මේකා එල්ලුනොත් කක්කුට්ටා වගෙ ආයෙ ගලෝනවා බොරු