එදා හැමෝටම විශේෂ දවසක්. හැමෝටම තමන්ගේ නැති උන අයිතිය ආපහු ලබාගන්න පුළුවන් වෙන දවසක් NIS එකේ වැදගත් ම සහ විශේෂ ම කිහිප දෙනෙකු සහභාගි උන උත්සවයක් ....ඒ වෙන මොනවටවත් නෙමෙයි අවුරුදු 7 ක් පුරාවටම තමන්ගේ අනන්‍යතාව වත් හිමි නොවී ලෝකෙට මැරිච්ච මිනිස්සු විදියට ජීවත් උන ඒ වීරයෝ 8 දෙනාට එයාලගෙ අයිතිය ලබා දෙන්න තමයි හැමෝම සූදානම් වෙලා හිටියේ. උත්සවයයෙදී suzy වාඩි වෙලා හිටියේ අප්පා එක්ක, වම් අත පැත්තේ.. ඊට එහා දකුණු අත පැත්තේ තමයි අපේ Nj ලා ඉදගෙන හිටියේ .....හැමෝගෙම මූණූ ආඩම්බරෙන් පිරිලා ..... jimin සනීප වෙලා දවස් 2යි hospital ඉදන් ඇවිත් ඒත් මුකුත් නොවුණු ගානට හිනාවෙලා ඉන්නවා, Nj ලට එයාලගේ තනතුරු ආපහු ලැබුනා ....තිබුන තනතුරු වලට වඩා නිලයන් කිහිපයක් උසස් කලා, suzy ගේ අප්පා, suzy,ye ji, soo hyun වගේම චීෆ් ටත් උසස් වීම් ලැබුනා..හැමෝම කලින් හිතලා තිබුන මොකක්ද ඇත්තටම අනාගතේ කරන්න ඕන කියලා වෙනස් දෙයක් කරනවද, job එකක්, තමන්ගෙම business එකක්....ඒත් අන්තිමේදි හැමෝම තේරුගත්තා තමන්ගෙ මව් රටට සේවය කරනවට වඩා වටින වෙන කිසිම දෙයක් නෑ කියලා . ඉතිං එයාලා දිගටම NIS agents ලා වෙලා ඉන්න තීරණය කලා.suzy ගේ අප්පට director තනතුර නැවත භාරදුන්නයත් එයා විශ්‍රාම ගිහින් නිදහසේ ජීවත් වෙන්න තීරණය කරලයි තිබුනේ .
Suzy ගේ අප්පට suzy ගේ පොඩි වෙනසක් තේරුනා, නිතරම jungkook දිහා බලනවා, තනියම හිනාවෙනවා, එයාට තේරුනා එයාගේ චූටි කෙල්ල දැන් ලොකුවෙලා, වෙන කෙනෙක් ගේ වෙන්න කාලේ හරි කියලා ....ceremony එකේදී chief කතා කරනකොට suzy ගේ අප්ප suzy ට කතා කලා
මගේ දුව, jungkook පරිස්සමට ඉදියි, ඇයි නිතරම එයා දිහා ඔහොම බලන්නේ....
Suzy ට කට උත්තර නෑ ...
අප්පා.....
මගෙ දුවට මට වැදගත් දෙයක් කියන්න තියනවා වගේ....
YOU ARE READING
Remember My Name
FanfictionSouth korean NIS එක ඒ කියන්නේ National intelligence service agency එක මේ වෙනකන් අල්ලගෙන තියන අපරාධකාරයෝ ප්‍රමාණය අහ්හ්හ්හ් අපි ඒ ගැන කතා නොකර ඉමු, මාස 2 ක ඉදන් මේ agency එකේ special unit කිසිම එකකට හොයාගන්න බැරි අපරාධකාරයෙක් ඉන්නවා,කවුද ඒ? දන්න එකම...