💫 chapter 3

1.9K 289 28
                                    

පසු දින උදෑසන.....

ස්ථානය=jungkookගෙ නිවාස..

Kim Tae pov.

"Jungkook අද මට office එන්න වෙන්නේ නෑ.මම Jenny එක්ක අ..මේ.. පොඩි ගමනක් යනවා.අද Jenny එන්නෙත් නෑ හොදේ"( ටේ උදේම jungkookට කතා කරලා කිව්වා)

"ආහ්.. කොල්ලා කොහෙද මේ උදෙන්ම නැගිටලා Jenny එක්ක යන්නේ"(jungkook ඇසුවා)

"මේ පොඩි ගමනක්." (ටේ හිනාවෙලා කිව්වා)

"හරි හරි ,ඒ කියන්නේ අද මට කාලෙකට පස්සෙ ආයිත් office එකට යන්න වෙනවා කියන එකනෙ"(Jungkook පැවසුවේ වැඩි සතුටකින් නම් නෙවෙයි)

"අනේ sorry මං හින්දා office යන්න වෙනවට"(ටේ කිව්වා)

**මං කිව්වේ jungkook කියන්නේ vampire කෙනෙක් කියලා. සාමාන්‍යයෙන් vampire's ලා දවල් ට එලියට යනවා අඩුයි නේ. ඒ නිසා මෙයා company බලාගන්න මෙයාගෙ ඉන්න යාලුවන්ට තමයි කියලා තිබ්බෙ. එයාලනම් දන්නවා jungkook කියන්නේ vampire කෙනෙක් කියලා.ඒත් මේ ටේගෙ ඉල්ලීම නිසා මෙයා office එකට යන්න ලෑස්ති වෙනවා**

************

ස්ථානය=jk mountain, Seoul

Lee woshi's pov.

"අනේ... අදත් වැඩ කන්දක් තියෙනවා,මේ Jenny අද වැඩට ඇවිල්ලත් නෑ,ඒ මදිවට phone එකත් off " ( මම මටම කියා ගත්තා)

" Woshii... woshii... මේ අද 10 ට කලින් මේ වැඩ ටික කොහොම හරි ඉවර කරලා තියෙන්න ඕන"( මගේ ප්‍රධානියා Da shinwo මට තදින් කිව්වා)

*** Da shinwo කියන්නේ woshi වැඩ කරන කොටසේ වැඩ බලන කෙනාට***

"ඇයි අනේ මටම මෙහෙම වෙන්නෙ."(මම කිව්වා)

** හැබයි අද අපේ office එකේ ඔක්කොම වගේ හරි කලබලෙන් හැමෝම බරටම වැඩ.ඉතින් මමත් මගේ වැඩ ටික කලා. ඒත් ඉතින් ඔක්කොම වැඩ ටික නම් ඉවර කරන්න බැරි උනා..*

________________________________________
වෙලාව 9.55 ට වගේ...

ඔන්න ඉතින් Da shinwo එවලෙ ආවෙ මට දුන්න වැඩ ටික අරන් යන්න.ඉතින් මොනව කරන්නද මම බිම බලාගෙනම කිව්වා මට ඒ වැඩ ටික නම් ඉවර කරන්න බැරි උනා කියල...

ඔය කතාව නිසා Da shinwoට තරහ ගිහින් Woshi ට ගහන්න අත ඉස්සුවා,woshi බය වෙලා ඇස් දෙක වහගත්තා, ඒත් woshi නැවත ඇස් දෙක ඇරලා බැලුවෙ මුකුත් සිද්ද වුනේ නැති නිසයි,ඒත් woshi දැක්කේ කලින් දවසේ සවස..ටේ විසින් අපි වැඩ කරන office එකේ owner කියලා අපිට හදුන්වා දුන්
Jeon jungkookව , ඒ මේ පුද්ගලයාමයි කියලා woshiට අදුරගන්න නම් ගියේ ඉතා පොඩි කාලයක්.woshi කොහොමද එයාව අමතක කරන්නේ woshiට ඊයෙ රෑ නින්ද අහලකටවත් ආවෙ නැත්තේ මේ jungkookගෙ මූණ අමතක කරන්න බැරි උන නිසානේ.

කොහොම හරි ඉතින් jungkook මේ ප්‍රශ්නෙ විසදලා දැම්මා.ඒත් jungkook දැන් woshiට කැමතියි.jungkookට ඕනෙ woshiට මේ ගැන කියන්නයි.

________________________________________

හොදටම හවස් වෙලා තිබ්බෙ.. හැමෝම වැඩ ඉවර වෙලා ගෙවල් වලට ගියා.ඒත් woshi නම් තාම වැඩ. ඉතින් jungkook එතනට ඇවිත් woshiට වැඩ ටික ඉවර කරන්න උදව් කලා.. දැන් දෙන්න හොඳ යාළුවෝ.මේ දෙන්න වැඩ ඉවර කරලා රෑ වෙනකල් කතා කර කර හිටියා.ඔහොම කතා කර කර ඉන්නකොට woshi ට හොඳටම නින්ද ගිහින්.

Jungkook, woshiව ඇහැරවලා car එකට එක්කන් ගියේ woshiව ගෙදරට ඇරලවන්නයි.

ඔහොම ටික දුරක් යනකොට අපේ jungkookට මතක් උනේ එයා woshiගෙ, ගේ දනනෙ නෑ කියලා.woshiව ඇහැරවල ඇහුවත් woshi නම් හිටියෙ මර නින්දේ..
මොනව කරන්නද jungkook ඉතින් woshiව, jungkookලගෙ ගෙදර එක්කගෙන ගියා..
ඔන්න ඉතින් jungkook වතුර ටිකක් අරගෙන woshiගෙ මුණට දැම්මේ එයාව ඇහැරවන්නයි .ඔන්න ඉතින් එවලෙ නම් woshi ඇහැරුනා...
හැබැයි woshi නම් හොදටම බය වෙලයි හිටියෙ.

"දැන් ගොඩක් රෑ වෙලානෙ,අද මෙහෙ ඉදලා හෙට යන්න" (jungkook කිව්වා)

"මෙහෙ.." (woshi ඒක පාරම පැවසුවා)

" මම ඔයාට guest room එක ලෑස්ති කලා, ඒක තියෙන්නේ මගෙ කාමරේට ටිකක් එහායින්" (jungkook ,woshiට කාමරේ යතුර දෙන අතර කිව්වා)

Woshiත් ඒකට කැමති උනා.. ඊට පස්සේ දෙන්නම කාමර වලට යන්න හදද්දී jungkook,woshiව අල්ලාගෙන සෙමින් බිත්තියට හේත්තු කලා .

"මොනවද මේ කරන්නේ අ...."
Woshiට ඉතුරු ටික කියන්න බැරි උනේ jungkookගේ මුහුණ woshiගේ අසලට සෙමින් ලං වූ නිසායි. ඒත් එක්කම jungkookගේ තොල් woshiගෙ තොල් වලට බර වූයේ දෙදෙනා අතර තිබූ පරතරය මොහොතකට බිද දමමින් ය.
ඒත් එක්කම jungkook,woshiගෙන් ඈත් වෙලා woshiගෙන් ඇහුවේ ," woshi,මම ඔයාට ගොඩක් ආදරෙයි.ඔයත් මට ආදරෙයි ද" කියලා....

************************************************************************

ඔන්න ඉතින් අද chapter ඒක ඉවරයි 🙃

ඔයාලා මොකද හිතන්නේ,
# woshi, jungkookට මොනවගේද උත්තරයක් දෙන්න ඇතිද...🤔
# එතකොට Jenny and Tae කොහෙද යන්න ඇත්තේ...🙄
කියමු බලන්න.....

හොරෙන් යන්නෙ නැතුව comment එකක් දාල vote කරන් යන්න හොදේ☺️

එහෙනම් මම යනවා 🙂

Bye 👋

VAMPIRE FLOWER ||JJK|| [COMPLETED]Where stories live. Discover now