කම්මැලියෝ

644 54 5
                                    

             "යුවී...කේශ්....මොකක්ද මේ වැඩේ තේරුම පන්තියෙ මෙච්චර ළමයි ඉඳලත් කවදාවත් කිසිම වැඩක් හරියට නොකරන්නෙ ඔය දෙන්න විතරයි."

                ගහක හිටපු කුරුල්ලෙක් දිහා බලාගෙන හිටපු යුවී පියවි ලෝකෙට ආවෙ මිස් කෑ ගහනකොට.මිස් දිහා බලල හෙමීට එහා පැත්ත බලපු යුවී දැක්කෙ මෙච්චර හයියෙන් මිස් කෑ ගහද්දිත් ඩෙස් එකට ඔලුව තියාගෙන නිදා ගෙන ඉන්න කේශ්ව.කේශ්ට කතා කලත් ඇහැරුනේ නැති නිසා අතේ තිබුනු පෑනෙන් යුවී කේශ්ගෙ අතට ඇන්නා.ඒ පාර නම් කේශ් ඇහැරුනා.හයියෙන් ඈනුමකුත් යවල පුටුවට හේත්තු වුනු කේශ් දැක්කෙ තමන් දිහා රවාගෙන බලන් ඉන්න මිස්ව.ඒත් ඉතින් කේශ් කලේ මිස්ටත් මොංගල් හිනාවක් දාපු එක.

                    "ස්කෝලෙදි දෙන කිසිම වැඩක් කරන්නෙත් නෑ.හෝම්වර්ක් කරන්නෙත් නෑ.යුවී,කේශ් ගිහින් අර එලියෙන් දණ ගහගන්නවා."

                   කවදාවත් උනන්දුවෙන් කිසිම වැඩක් නොකරන මේ දෙන්නට මේක අලුත් අත්දැකීමක් නෙවෙයි.ඉතින් ඒ නිසා දෙන්නම ගිහින් එලියෙන් දණ ගහගත්තා.

                   කවුද මේ යුවී,කේශ් කියන්නෙ.මේ දෙන්න අයියයි නංගියි.කේශ් අයියා.යුවී නංගි.හැබැයි ඉතින් මේ දෙන්න නිවුන්නු.යුවී කේශ්ට වඩා විනාඩි 8ක් බාලයි.

                    🔔  🔔   🔔   🔔     🔔

                     ස්කෝලෙ ඇරෙන සීනුව වැදුනට පස්සෙ දණගහගෙන හිටපු අයියයි නංගියි දෙන්න නැගිට්ටා.අනිත් අයට වගේ යාලුවො නොහිටිය නිසා දෙන්නා බෑග් දෙකත් අරන් හෙමීට ගෙදර ගියා.

Star Wars [Completed]✅Where stories live. Discover now