පුස්තකාලයට ගියාම librarian පුස්තකාලයේ නොසිටි නිසා විනී ආපහු හැරිල ආවා.බිල්ඩින් එක පිටිපස්සෙ කේශ් කා එක්කහරි කතා කර කර ඉන්නවා දැක්ක නිසා ඒ පැත්තට ගියෙ කේශ් එක්කම පන්තියට යන්න.ඒත් එකපාරට ඇහුනු දේ නිසා විනී හිටි තැනම නැවතුනා.
"ඒක කොහොමද වෙන්නෙ.ඒ ශක්තිය තියෙන්නෙ අපේ ලෝකෙ විතරයි.මෙච්චර කාලෙකට වෙන කිසිම තැනකින් ඒක හොයාගෙන නෑ.ඒක ගැන හරියටම දන්නෙ ඩියෝල් විතරයි.ඒ කියන්නෙ එයා මෙහෙට ඇවිත්.😡මං එයාට යහතින් ඉන්න දෙන්නෙ නෑ.එයා නිසා මගෙ ජීවිතේ එහෙම පිටින්ම කණපිට පෙරළුනා.අපි ආයෙත් අපේ ලෝකෙට යන්න කලින් මං එයාව විනාශ කරනවා."
"යුවී මං ඔයාට කලිනුත් කිව්වා.අපි ඉවසන්න ඕනි.ඒ ඉන්නෙ ඩියෝල් වුනත් නොවුනත් අපිට ආයෙත් අපේ ලෝකෙට යන්න එයාව බාධාවක් කරගන්න බෑ.ඒත් ඔයා කියපු දේ ඇත්ත.අපේ පවුල මතකයකට විතරක් සීමා වුනේ ඩියෝල් නිසා."
ඒත් එක්කම කේශ් පුටුවකින් වාඩි වුන නිසා යුවී විනීව දැක්කා.
ඇත්තටම විනී හිටියෙ ගොඩක් පුදුම වෙලා.මොනාද මේ මෙයාලා කියන්නෙ කියල.
එහෙම්මම යුවී කේශ්ට අත දික් කරලා පෙන්නුවෙ විනීව.එකපාරටම කේශ් පුදුම වුනේ නෑ කිව්වොත් බොරු.හිස ගිනි ගත්තා වගේ හැඟීමක් දැනෙද්දි කේශ් තමන් මෙතෙක් වෙලා කතා කල දේවල් මතකාවර්ජනය කලේ පිස්සුවෙන් වගේ.
විනී හිමීට යුවී කේශ් ළඟට ගියා.ඒ දෙන්නත් හිටියෙ බය වෙලා.
"ඔයාලා දැන් මොනාද කිව්වෙ?😳ඔයාලගෙ ලෝකෙට යන්න ඕනි.ඒ කියන්නෙ ඔයාලා ඒලියන්ස්ලද?😳"
"වි..විනී මේකයි මේ මේ"යුවී කතාකරන්න හැදුවත් වචන ගොත ගැහුනෙ බයටම.
YOU ARE READING
Star Wars [Completed]✅
Randomසහෝදරත්වයෙන් බැඳී උන් අයියෙකු සහ නංගියෙකුත් ඔවුන් දෙදෙනාට එකතු වෙන තවත් පුද්ගලයෙකුත් වටා දිවෙන සිදුවීම් දාමයක අවසානය කෙසේ වේවිද.....