දුඹුරු ඇස්

342 55 0
                                    

        "සීයා අපි ආවා" කේශ් කෑ ගැහුවෙ ගෙට ගොඩ වෙන ගමන්.🚶‍♂️

            "ආ...ඔයාලා ආවද.මොකද අද පරක්කු"

           " එනගමන් මගදි මේ යුවී මොකක්ද පැළයක් දැකල ඒක බලන්න ගත්තා.දන්නවනෙ ඉතින් එයාගෙ හැටි"  😏

             "අනේ යනවා යන්න"🙄

"හා හා දැන් ආපු ගමන් රන්ඩු කරන්න ගත්තද.කෝ කෝ ඇඳුම් මාරු කරගෙන කෑම කන්න එන්න."

🌸         🌸           🌸           🌸           🌸           

"ම්.....කොහොමද අද ස්කෝලෙ විස්තර"

"වරදක් නෑ සීයෙ.වෙනද වගේම බැනුමුයි,දඬුවමුයි.ඊයෙ නම් පිට්ටනියේ තණකොළ ගැලෙව්වා.ඊට වඩා නම් හොඳයි අද.විනාඩි 45ක් දනගහගෙන හිටියා"

" වැඩිය ගනන් ගන්න එපා ඕවා.ඔයාලගෙම හොඳට තමයි මං ඔයාලට ඒ විදියට ඉන්න කිව්වෙ.මෙච්චර කල් හිටියා වගේ මේ මාස 4ත් ඔහොම්ම ඉන්න"

"අපි ඒක දන්නවා සීයෙ.තව මාස 4කින් මේ කරදර ඔක්කොම ඉවරයි "

🌸          🌸            🌸            🌸       🌸

පහුවදා දෙන්නත් එක්ක ඉස්කෝලේ ගියේ පුරුදු විදියටම.

"ආ....මේ ඉන්නෙ අපේ අයිය නගෝ.අද මොනව කරන්නද හිතන් ආවෙ.දණ ගහන්නද,තණකොළ ගලවන්නද නැත්නම් ග්‍රවුන්ඩ් එක වටේ දුවන්නද"ගේට්ටුව ළඟ හිටපු නිකී කට කොනකින් හිනාවෙලා එහෙම කිව්වෙ නක්කලේට වගේ.

                                නිකී

                                නිකී

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

නිකී කිව්වට මෙයාගෙ නම නිකේශි.ඒත් හැමෝම වගේ කතා කරන්නෙ නිකී කියල.ඉගෙන ගන්න ගොඩක් දක්‍ෂයි.හැමදාම ක්ලාස් ෆස්ට්.විෂය බාහිර වැඩවලටත් දක්‍ෂයි.හැබැයි ඉතින් මේ නිසාම මෙයා ටිකක් ආඩම්බරයි.ගොඩක් අයට මෙයාව පෙන්නන්න බෑ.ඒ වගේම පන්තියෙ cctv මෙයා තමා.කොටින්ම කිව්වොත් මිස්ගෙ ගොට්ට.

හැබැයි ඉතින් අපේ අයිය නගෝ දෙන්න නම් නිකීව තඹේකට ගනන් ගන්නෑ.ඒ නිසා එයා කියපු දේවල් නෑහුනා වගේ එයාලා පන්තියට ගියා.

🌸          🌸           🌸              🌸            🌸

පළවෙනි පීරියඩ් එකේදි පන්තිභාර කවිතා මිස් පන්තියට ආවා.ඒත් එක්කම තවත් කෙනෙක් ආවා.

එයා හිටියෙ ස්කූල් යුනිෆෝම් එක ඇඳල බෑග් එක එල්ලගෙන.මූන සුදුමැලි වෙලා තිබුන එයාගෙන් පෙනුනෙ පළවෙනි වතාවට එළියට බැහැපු පෙනුමක්.කණ්ණාඩි දෙකට වැහිල තිබුනු ඒ දුඹුරු ඇස් යොමුවෙලා තිබුනෙ පන්තිය පැත්තට.

🌸         🌸            🌸         🌸            🌸   

කවුරු වෙන්න ඇතිද ඒ දුඹුරු ඇස්වල අයිතිකාරයා

Star Wars [Completed]✅Onde histórias criam vida. Descubra agora