තාත්තා

153 34 0
                                    

"ම්ම් ඔයා හිතාගෙන ඉන්නෙ මං ඩියෝල් කියල.එහෙම නේද"

"ඇයි එහෙම නෙවෙයිද.ඔයා ඩියෝල් නෙවෙයි නම් කවුද.ඔයා ළඟ කොහොමද වීඩෝ ශක්තිය තියෙන්නෙ."සර් අහපු දෙයින් හිතට ඇති වුනු චකිතය මදක් සඟවගෙන කේශ් ඇහුවෙ පෙර කෝපය නැවත ආරූඪ කරගෙන.

"ඒ කියන්නෙ ඔය දෙන්නගෙන් කාටවත් මාව අඳුරගන්න බැරි වුනා.කමක් නෑ ඒකෙ ලොකු පුදුමයකුත් නෑ.පොඩ්ඩක් ඉන්න එහෙනම්"

කේශ් නම් හිටියෙ සර් මේ මොනවද කියන්නෙ කියල තේරුම් ගන්න බැරුව.

ඒ අතරෙ සර් ඔලුව උඩින් අත තියල දාගෙන හිටිය විග් එකක් ගැලෙව්වෙ කේශ් මුව අයාගනිද්දි.ඊටපස්සෙ මූණෙ අලවල තිබුනු කෘත්‍රිම සමක් ගලවද්දි කේශ්ගෙ එක් අතක් මුවට ගියේ නිරායාසයෙන්.

හුන් තැනම මොහොතක් ගල් වෙලා සිටි කේශ්ගෙ මුවින් අවසානයේදී පිට වුණේ එක වචනයක් විතරයි.

"තාත්තා"

"හ්ම් ඔව් මං තමයි."එයා කිව්වෙ දෑත් දෙපසට දිගු කර හිනා වෙලා.

දෙවරක් නොසිතාම කේශ් ගියෙ තාත්තාගෙ දෑත් අතරට.වසර ගණනක් තිස්සෙ විඳ ගැනීමට නොහැකි වූ පිය උණුසුම විඳ ගැනීමට ලැබීමේ ප්‍රීතිය සැමරීමට මෙන් කේශ්ගේ දෑස්වලින් කඳුලු කැට වැටෙන්න ගත්තේ නොනවත්වාම.වැටෙන කඳුලු නවත්වන්නට කිසිඳු ප්‍රයත්නයක් නොදරමින් හැකි පමණ වැර යොදා ඔහු පියාව වැළඳගෙන සිටියේ නැවත ඔහු තමන් හැර දා යාවි යැයි බියෙන් වගේ.

"කේශ් මට සමාවෙන්න.මීට කලින් ඔයාලට ඇත්ත නොකිව්වට."

"ඒත් තාත්තා ඔයා කොහොමද බේරුණේ.එතකොට අම්මත් ඉන්නවද.කෝ එයා."

"මං දන්නවා ඔයාලට මගෙන් අහන්න ගොඩක් ප්‍රශ්න තියනවා කියල.මං හෙට උදේම එන්නම් ඔයාලව බලන්න.අර ඔයාලගෙ යාලුවටත් එන්න කියන්න."කේශ් නොනවත්වා අසන පැනයන්ට මද විරාමයක් තබමින් තාත්තා එහෙම කිව්වේ සිනහවකින් මුව  සරසාගෙන.

"හරි එහෙනම් දැන් ඔයා පරිස්සමින් ගෙදර යන්නකො.ආ තව දෙයක්.යුවීට කියන්න එපා මං කවුද කියල.මං එයාව පුදුම කරන්නම්."😉

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

සුපුරුදු පරිදි වෙස් වළාගෙන තාත්තා කේශ්ලාගෙ නිවසට විත් බෙල් එක නාද කළා.දෙතුන් විටක් බෙල් කරද්දි සීයා එළියට ඇවිත් බැලුවෙ කවුද ඇවිත් ඉන්නෙ කියල.හුරුපුරුදු මුහුණක් නොවන නිසා කණ්නාඩි දෙකත් මදක් පාත් කරල බැලුවෙ කවුද මේ කියල.

Star Wars [Completed]✅Donde viven las historias. Descúbrelo ahora