එදා හවස සීයා කියපු දෙයින් පස්සේ දෙන්නම ඒ ගැන ගොඩක් හිතුවා.මෙච්චර කාලයක් යාළුවෙක් නැති වුනාට ඒක එච්චර ලොකු අඩුවක් වුනේ නෑ.තමන්ගේ රහස් කවුරුත් දැනගත්තෙත් නෑ.ඇත්තටම තව කෙනෙක්ව ජීවිතයට ළං කර ගන්න එක අනතුරුදායක වැඩක් නෙවෙයි ද?තමන්ගෙ නිදහස් ජීවිතේට බලෙන් අනතුරක් ළං කරගත්තද කියල දෙන්නටම හිතුනා.
ගොඩක් වෙලා ඒ ගැන හිතුවට පස්සෙ දෙන්නට හිතුනෙ විනී කියන්නෙ නරක කෙනෙක් නෙවෙයි කියල.ඒ නිසාම විනීව යාලුවෙක් විදියට ආශ්‍රය කරන්න එයාලා තීරණය කළා.හැබැයි මොනම විදියකින්වත් එයාට තමන්ගෙ රහස ගැන දැනගන්න දෙන්නෙ නෑ කියලත් හිතාගත්තා.
පහුවදා යුවී,කේශ්,විනී තුන්දෙනාම ස්කෝලෙ ගියේ එකට.
විනී උද්භිද විද්‍යාවට ගොඩක් කැමති කෙනෙක් කියල එයත් එක්ක කතා කරනකොට යුවීට තේරුනා.යුවීගෙත් කැමතිම ක්ෂේත්රයක් තමයි උද්භිද විද්‍යාව.යුවීට තමන්ගෙම හරිතාගාරයක් තියනවා කිව්වම විනීට ගොඩක් සතුටු හිතුනා.ඊටපස්සෙ දෙන්නත් එක්ක කතා කරන්න ගත්තෙ ඒවා ගැන.කේශ් නම් ඕවට කැමති නෑ.ඒ නිසා එයා කතාවට ඇහුම්කන් දුන්නෙ නෑ.
එදා පන්තියට අලුත් සර් කෙනෙක් ආවා විද්‍යාව උගන්වන්න.එයා තමන්ව හඳුන්වලා දුන්නෙ වීරසිංහ කියල.එයා කියපු විදියට කලින් හිටපු විද්‍යාව මිස් ට්‍රාන්සර් වෙලා.පන්තියෙ හිටපු ගොඩක් ළමයි විද්‍යාව මිස්ට හරිම කැමැත්තෙන් හිටියෙ.මොකද එයා හරිම ප්‍රියමනාපයි.ඒත් මේ අලුතින් ආපු වීරසිංහ සර්ගෙ නම් කිසිම ප්‍රියමනාප පාටක් තිබුනෙ නෑ.එයාව දැක්කම මතක් වෙන්නෙ චිත්‍රපටිවල ඉන්න රාක්ෂයන්ව.ඒ තරම් නපුරු පාටක් එයාට තිබුනෙ.
ඒත් එයාව දැක්කම කේශ්ට දෙයක් දැනුණා.ඒ ගැන යුවීට කියන්න හිටියත් එයා විනී එක්ක කතා කර කර හිටපු නිසා ඒක පස්සෙ කියනවා කියල හිතාගත්තා.
ස්කෝලෙ ඇරිලා ගෙදර ගියාට පස්සෙ විනී ආවා යුවීගෙ හරිතාගාරෙ බලන්න.ඒ නිසා යුවීට කියන්න හිටිය දේ ගැන කියන්න කේශ්ට බැරි වුනා.
ගොඩක් වෙලා කතා කර කර ඉඳල විනී ගෙදර යනකොට රෑ වෙලා.
තමන් හොයාගත්ත දේ ගැන කියන්න කේශ් යුවීට කතා කළා.
ESTÁS LEYENDO
Star Wars [Completed]✅
De Todoසහෝදරත්වයෙන් බැඳී උන් අයියෙකු සහ නංගියෙකුත් ඔවුන් දෙදෙනාට එකතු වෙන තවත් පුද්ගලයෙකුත් වටා දිවෙන සිදුවීම් දාමයක අවසානය කෙසේ වේවිද.....