තහවුරුයි

218 42 0
                                    

වීඩෝ ශක්තිය ගැන යුවීට කිව්වට පස්සෙ කේශ් හිතන්න ගත්තෙ එතන තිබුනෙ වීඩෝ ශක්තියමද කියල තහවුරු කරගන්න ක්‍රමයක්.ඒක ගැන හොයන්න නම් අනිවාර්යයෙන් වීරසිංහ සර් ළඟට යන්න වෙනවා.හේතුවක් නැතුව සර් ළඟට යන එක වැඩකට නැති දෙයක්.තමන් එච්චර දක්‍ෂ කෙනෙක් විදියට පන්තියෙ පිළිගැනීමක් නැති නිසා පාඩමක් අහගන්න වගේ දෙයකට සර් ළඟට ගියොත් ඒක අනිත් අයගෙ අවධානයට යොමු වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.ඔළුව ඇතුළේ ඒ ප්‍රශ්නෙ විතරක් කැරකෙද්දි නින්ද අහලකටවත් නොආවෙ ඒ නිසාම වෙන්න ඇති.අන්තිමට ගොඩක් වෙලා කල්පනා කළාට පස්සෙ හිතට ආපු අදහසකට අනුව පුංචි සැලැස්මක් ක්‍රියාත්මක කරන්න කේශ් හිතුවා.

පහුවෙනිදා සර් පන්තියට ආවට පස්සෙ සර්ගෙ අවධානය තමන් වෙතට යොමු වෙනකන් ඉඳල තමන් පාඩම අහගෙන නෙවෙයි ඉන්නෙ කියල සර්ට දැනෙන්න හැරියෙ ඒ නිසයි.වීරසිංහ සර් කියන්නෙ ඒ වගේ දේවල්වලට පොඩ්ඩක්වත් කැමති නැති ඉක්මනට කේන්ති ගන්න කෙනෙක් කියල කේශ් තේරුම් අරන් හිටියෙ.ඉතින් ඒ නිසා අනිවාර්යයෙන් සර් එක්කො තමන් ළඟට එනවා නැත්නම් තමන්ට එතනට යන්න වෙනවා කියල කේශ් දැනගෙන හිටියා.හිතපු විදියටම සර් කෝපාවිෂ්ඨ වෙලා පොත අරන් එන්න කිව්වෙ සැලසුමේ එක් පියවරක් සාර්ථක කරමින්.සර් පොත අතට අරගෙන පරීක්ෂා කරද්දි ලද සුළු අවසරයෙන් කේශ් වීඩෝ මීටරය බැලුවෙ මොකද වෙන්නෙ කියල.වීඩෝ මීටරයෙ කටුව උත්ක්‍රමණය වුනේ පිස්සුවෙන් වගේ.දැක්ක දෙයින් ටිකක් තිගැස්සුනත් අනිවාර්යයෙන් එතන වීඩෝ ශක්තිය තියනවා කියල කේශ්ට තහවුරු වුනා.

සර් කේශ්ගෙ පොත බලල ආයෙත් අතට  දුන්නෙ පිළිවෙළක් නැතත් වැඩ ටික කරල තිබුනු නිසා.

සර් කේශ්ගෙ පොත බලල ආයෙත් අතට  දුන්නෙ පිළිවෙළක් නැතත් වැඩ ටික කරල තිබුනු නිසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


පොතත් අරගෙන කේශ් පුටුවෙන් වාඩිවුනේ මේ ඉන්නෙ ඩියෝල්මයි කියන හැඟීමෙන්.

පීරියඩ් එක ඉවර වුනාට පස්සෙ සර් ගියේ ගෙදර වැඩ ගොඩකුත් දීලා.ඊටපස්සෙ ඉන්ටර්වල් තිබුනු නිසා ගොඩක් අය කැන්ටීන් එකටත් තවත් අය ග්‍රවුන්ඩ් එකටත් ගියා.

විනීට පුස්තකාලයට යන්න ඕනි නිසා තමන් එක්ක එන්න පුලුවන්ද කියල යුවීගෙන් ඇහුවා.නැගිටල විනී එක්ක යන්න හදපු යුවී නැවතුනේ කේශ් නවතින්න කියල හිසින් කරපු සංඥාව නිසා.

"මල්කාන්ති මිස් මට එන්න කිව්වා ස්පෝට්ස් රූම් එකට.මං දැන් යන්න ඕනි.ඔයා යන්නකො." යුවී පුංචි බොරුවක් ගෙතුවා.

"ම්ම්....එහෙමද? හරි කමක් නෑ මං යන්නම්." එහෙම කියල විනී ගියා.

"ඇයි නවතින්න කිව්වෙ."

"එතන වීඩෝ ශක්තිය තිබුනා.වීඩෝ මීටරය වැඩ කළා.ඒක ස්වාභාවික ව හම්බෙනවා වගේ නෙවෙයි.එතන ප්‍රමාණයෙන් ගොඩක් තිබුනා.ඒ කියන්නෙ ගබඩා කරල තිබුනා.අනිවාර්යයෙන් ම සර් ළඟ වීඩෝ ශක්තිය තිබුනා."

"ඒක කොහොමද වෙන්නෙ.ඒ ශක්තිය තියෙන්නෙ අපේ ලෝකෙ විතරයි.මෙච්චර කාලෙකට වෙන කිසිම තැනකින් ඒක හොයාගෙන නෑ.ඒක ගැන  හරියටම දන්නෙ ඩියෝල් විතරයි.ඒ කියන්නෙ එයා මෙහෙට ඇවිත්.😡මං එයාට යහතින් ඉන්න දෙන්නෙ නෑ.එයා නිසා මගෙ ජීවිතේ එහෙම පිටින්ම කණපිට පෙරළුනා.අපි ආයෙත් අපේ ලෝකෙට යන්න කලින් මං එයාව විනාශ කරනවා."

"යුවී මං ඔයාට කලිනුත් කිව්වා.අපි ඉවසන්න ඕනි.ඒ ඉන්නෙ ඩියෝල් වුනත් නොවුනත් අපිට ආයෙත් අපේ ලෝකෙට යන්න එයාව බාධාවක් කරගන්න බෑ.ඒත් ඔයා කියපු දේ ඇත්ත.අපේ පවුල  මතකයකට විතරක් සීමා වුනේ ඩියෝල් නිසා."

කේශ්ගෙ ඇස්වලට කඳුලු ඉනුවෙ උල්පතක් වගේ.එයා දෑතින්ම මූන වහගත්තෙ තමන්ගෙ සහෝදරිය ඉදිරියෙ කඳුලු පෙන්නන්න තිබුනු අකමැත්තට වගේ.මෙච්චර වෙලා හිටගෙන හිටිය කේශ් පස්සෙන් පස්සට ගිහින් පුටුවකට වාරු වුණේ පරන දුක්බර මතක හදවත පාරන නිසා.

කේශ් නිසා මෙතෙක් වෙලා නොපෙනුණ, තමන්ගෙ ඉදිරියේ මුව විවර කරගෙන බලාගෙන ඉන්න කෙනා දැකල යුවීගෙ වචනත් ගොළු වුණා.වාඩිවෙලා හිටිය කේශ්ට ඉදිරියෙන් හිටපු කෙනාව යුවී පෙන්නුවෙ අතක් දික් කරල.එහෙම්මම කේශ් පිටුපස හැරිල බලලා දැක්ක දෙයින් පස්සෙ තමන් මෙපමණ වෙලා කතා කළ දේවල් නැවත ආවර්ජනය කළේ හිස ගිනිගන්නවා වගේ හැඟීමක් දැනෙද්දි.

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

මෙය මනඃකල්පිත කතාවක් බැවින් මෙහි එන සිදුවීම් සත්‍ය ජීවිතය සමඟ සංසන්දනය නොකරන්න.

Star Wars [Completed]✅Where stories live. Discover now