නික්ම යාම

215 40 29
                                    

තාත්තා කතාව අවසන් කළාට පස්සෙ යුවීටයි කේශ්ටයි තාත්තාගෙන් අහන්න ගොඩක් ප්‍රශ්න තිබුනා.ඒ අතරතුරේ සීයා උදේ කෑම ලෑස්ති කළා.

"තාත්තේ,එතකොට කොහොමද වීඩෝ ශක්තිය ඔයා ළඟ තියෙන්නෙ."යුවී ඇහුවෙ මෙතෙක් වෙලා හිතේ කැකෑරෙමින් තිබුනු ප්‍රශ්නයක්.

"ඒක මෙහෙමයි.මං කිව්වනෙ මං වීඩෝ ශක්තිය ගැන යම් තරමක් දැන ගත්තා කියල.ඒකෙන් කෙනෙක්ව මරන්න වගේම ජීවත් කරවන්නත් පුලුවන්.ඉතින් මං මැරුනු බව අඟවන්න ඕනි නිසා මගේ ලූටා එක මං අයින් කළා.ඊටපස්සෙ මුද්දක ගබඩා කරගත්ත වීඩෝ ශක්තිය මාව ආරක්ෂා කළා.මේ තියෙන්නෙ ඒ මුදුව." එහෙම කියල තාත්තා ඉදිරියට දිගු කළේ අතේ පැළඳ සිටි මුදුවක්.

කලින් දවසෙ විනීවත් එක්කන් එන්න කියල තාත්තා කිව්වත් කේශ්ටත් ඒක අමතක වුනේ හදිසිය නිසාමයි.ඉතින් කේශ් විනීගෙ ගෙදර ගිහින් එයාව එක්කන් ආවා.පසුව තාත්තා විනීට ආයෙමත් මුලු කතාවම සම්පූර්ණයෙන් කිව්වා.

කතාවට සවන්දෙන අතරෙදි විනීගෙ මුහුණෙ ඉරියව් මොහොතින් මොහොත වෙනස් වෙන අයුරු යුවී කේශ් බලන් හිටියෙ හිනා වෙවී.

"කෑම ලෑස්තියි.එන්න අපි කාලා ඉමු."

විසිත්ත කාමරයට විත් සීයා කියන තෙක්ම කිසිවෙකුට කුසගිනි දැනුණේ නෑ.ඒ ඔවුන් කතාවට එතරම් උනන්දු වූ නිසා.ඒ අතරේ මෑණියන් සිහි ව යුවී ඉකිබින්දේ පපුවේ යමක් සිර වී ඇතිවාක් මෙන් හැඟීමක් දැනෙද්දි.කේශ් ද දෙනෙතට නැගුණු කඳුලු පොකුරු පිස දා ගත්තේ කාටත් හොරෙන්.

සියල්ලන්ම උදේ ආහාරය ගෙන නිම කළේ මහත් වූ චිත්ත ප්‍රීතියෙන්.විනීත් හිටියෙ බොහෝ සංතෝෂයෙන්.මන්ද යත් තම හොඳම මිතුරන් දෙදෙනාගෙ පියාණන් නැවත ඔවුන්ට හිමි වූ නිසා.

එදා ඒ නිවසින් ඇසුණු සතුටු සිනා හඬ අමතක නොවන මතකයක් ලෙසින් සැමගේ සිත් තුළ තැන්පත් වුණා.

දවස් ගත වෙලා ළං වුණේ වසර අවසාන විභාගය.මෙය වෙනදාට වඩා විශේෂ වුණේ මුළු ශ්‍රේණියෙන්ම දක්‍ෂයන් තෝරන විභාගය මෙය වීමයි.මේ නිසා සියල්ලෙන් පාඩම් කටයුතුවල නිරත වුණේ යුහුසුළුව.

Star Wars [Completed]✅Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ