"ඒත් ඔයාලට විශ්වාසද මං මේක කාටවත් නොකියයි කියල" විනී ඇහුවෙ පොඩි හිනාවක් දාලා.
"විනී ඔයා මොනාද මේ කියන්නෙ.ඔයා අපේ හොඳම යාලුවා.එහෙම එකේ ඔයා කැමතිද මේක අනිත් අය දැනගන්නවට." යුවී ඇහුවෙ බය වෙලා.ඇත්තටම විනී කාටහරි කිව්වොත්.....?
"🤣🤣🤣ඔයාලා බය වුනා නේද? ඔයාල තමා මගෙ හොඳම යාලුවො.ඉතින් මං තව කාට කියන්නද"
"හම්මෝ ඔයා අපිව බය කළා." එහෙම කියල යුවී සැනසුම් සුසුමක් හෙළුවා.
"හරි එහෙනම් මට කියන්න දැන් ඔයාලා කතා කළේ මොනා ගැනද?"
"ම්ම්ම් මෙහෙමයි.අපේ ලෝකෙ තාක්ෂණය දියුණුයි කියල මං කලින් කිව්වනෙ.අපි අපේ ලෝකෙන් පිටතට ගියාම අපිට කරදරයක් නොවී ඉන්න විශේෂ ඇඳුම් ඕනි නෑ.ඒකට අපි ළඟ තියනවා විශේෂ බොත්තමක්.බොත්තමක් කිව්වට ඒක සාමාන්‍ය බොත්තමක් නෙවෙයි.ඒක අපේ ඇඟ ඇතුළෙ තැන්පත් කරනවා.ඒකට කියන්නෙ ලූටා බොත්තම කියල.හැබැයි ලූටා එකක් දෙන්නෙ ගවේෂණ කණ්ඩායම්වලට විතරයි.ඒ නිසා අපිටත් ලූටා තියනවා.ඒකෙන් එයාලා ඉන්නෙ කොහෙද කියල ආසන්න වශයෙන් කියන්න පුලුවන්.ඒ වගේම ඒ කෙනා මිය ගියාම් ලූටා බට්න් එක ඉබේම ක්‍රියා විරහිත වෙනවා"
"අපේ රජතුමාව මරන්න උත්සාහ කරපු වෙලාවෙ ආරක්ෂකයො ඩියෝල්ව අල්ලගත්තා.එයාලා මුලින්ම කළේ එයාගෙ ලූටා එක අයින් කරපු එක.කොහොමවුනත් එයා හිරෙන් පැනල වෙන ලෝකෙකට ගිහින්.අපි හිතුවෙ එයා මැරෙන්න ඇති කියල."
"ඒත් එයා ළඟ වීඩෝ ශක්තිය තියෙන්න ඇති.ඒකෙ රහස දන්නෙ එයා විතරයි.ඒකෙන් කෙනෙක් මරන්න වගේම ජීවත් කරවන්නත් පුලුවන්."
"වීඩෝ ශක්තිය අඳුනගන්න අපි වීඩෝ මීටරයක් පාවිච්චි කරනවා.මං ළඟ එයින් එකක් තියනවා.මං හිතන්නෙ වීරසිංහ සර් ළඟ වීඩෝ ශක්තිය තියනවා.ඒ කියන්නෙ ඒ ඉන්නෙ ඩියෝල් වෙන්නත් පුලුවන්."
"කොහොම වුනත් අපි තව වැඩි කාලයක් මෙහෙ ඉන්නෙ නෑනෙ.ඒ නිසා පුලුවන් තරම් ප්‍රශ්න දාගන්නෙ නැතුව ඉන්න ඕනි.ඒත් ඒ ඉන්නෙ මගෙ අම්මගෙයි තාත්තගෙයි මිනීමරුවා කියල මතක් වෙනකොට මට එහෙම නිකන් ඉන්න බෑ."
"හ්ම්ම්.......මට තේරුනා.ඔයාලා තව මාස හතරකින් ගෙදර යනවා.ඒ කියන්නෙ මට ඉන්න එකම යාලුවො දෙන්නත් නැති වෙනවා.එහෙම කියල ඔයාලට නවතින්න කියන්න මට බෑනෙ."විනී කිව්වෙ හැඬුම් ස්වරයෙන්.
"කොහොම හරි දැන් ඔයාලට ඕනි ප්‍රශ්න ඇති නොකරගෙන ගෙදර යන්න.ඒ වගේම ඩියෝල්ව නැති කරල දාන්න.මං ළඟ තියෙනවා විසඳුමක්."විනී කිව්වෙ ලොකු වැඩ්ඩෙක් වගේ.
"ඒ මොකක්ද?" යුවී කේශ් ඇහුවෙ බලාපොරොත්තු සහගත දෑසින්.
"අපි මුලින්ම හොයාගමු ඒ ඉන්නෙ ඇත්තටම ඩියෝල් ද කියල.ඊටපස්සෙ වීඩෝ ශක්තිය ගබඩා කරල තියෙන්නෙ කොහෙද කියල හොයාගෙන ඒක නැති කරල දාමු"
"විනී ඒක ඔයා ඔය කියන තරම් ලේසි නෑ."
"ඒත් ඒ ඉන්නෙ ඩියෝල් ද කියල නම් අපි කොහොම හරි හොයාගන්න ඕනි."
"ඒත් කොහොමද?"
"අපි එයා ගැන සෙවිල්ලෙන් ඉන්න ඕනි."
"අන්න බෙල් කලා.දැන් ක්ලාස් එකට යං.පස්සෙ මේ ගැන කතා කරමු."
"හරි එහෙනම්.දැන් යං."
YOU ARE READING
Star Wars [Completed]✅
Randomසහෝදරත්වයෙන් බැඳී උන් අයියෙකු සහ නංගියෙකුත් ඔවුන් දෙදෙනාට එකතු වෙන තවත් පුද්ගලයෙකුත් වටා දිවෙන සිදුවීම් දාමයක අවසානය කෙසේ වේවිද.....