පහුවදා ඉර එළිය පාසල් බිමට වැටෙන්නත් කලින්ම ගොඩක් දෙනා පාසලට ඇවිත් හිටියා.හැමෝම කඩිමුඩියේ වැඩ කටයුතුවල නිරත වෙමින් සිටි නිසා දිස්වුණේ කලබලකාරී ස්වරූපයක්.අද පාසලේ ලොකු උත්සවයක්.විශේෂත්වය තමයි ප්‍රධාන ආරාධිත අමුත්තා විදියට ඇමති කෙනෙක් එනවලු.ඒක තමයි මේ කලබලේ.යුවීත් පන්තියෙ ගෑනු ලමයි එක්ක එක එක වැඩවලට ගිය නිසා උදේ ඉඳලම විනී,කේශ් එක්ක හරියට කතා කරන්න බැරි වුනා.කේශ් නම් ඔහේ පැත්තකට වෙලා හිටියෙ වෙනදා වගේම අලස විදියට.
"ආ හා 😏 අපි මෙච්චර මහන්සි වෙලා වැඩ කරනවා.මෙයා මෙතන නිදි."හැමවෙලාවෙම වගේ නිකී ඇනුම් පදයක් කිව්වා.
"කේශ් මෙහෙ එනවා.විනී එක්ක ගිහින් මේ පුටු ටික ස්ටෝර් රූම් එකෙන් තියන්න."නිකී කිව්වෙ අණ කිරීමක ස්වරූපයෙන්.
"හරි මිස්"නිකීගෙ ලොකුකම් නොඉවසුවත් කතාව ඇත්ත නිසා පොඩි ඈනුමකුත් යවලා කේශ් නැගිටල ආවෙ නක්කලේට වගේ එහෙම කියාගෙන.
"හහ්😏"
පුටු ටිකත් ස්ටෝර් රූම් එකෙන් තියල විනී දොර වහනකොට කේශ් දැක්කෙ ඊට එහා පැත්තෙ තියෙන වීරසිංහ සර්ගෙ ස්ටාෆ් රූම් එක.ඒක වෙන් කරල තිබුණෙ වීරසිංහ සර්ටයි තව සර් කෙනෙක්ටයි.පේන්න කවුරුත් නොහිටිය නිසා කේශ් ඇතුළට ගියෙ ලද සුළු අවසරයෙන්.විනී මේ වැඩේට අකමැති වුනත් කේශ් ඒක ගනන් නොගත්තෙ මේ වගේ අවස්ථාවක් ආයි නොඑන බව දන්න නිසා.මොනවහරි හොයාගන්න ලැබෙයි කියල ලොකු විශ්වාසයක් නොතිබුණත් ලැබුනු අවස්තාව ලේසියෙන් අතාරින්න බැරි නිසා විනීත් කේශ් එක්ක ඇතුලට ගියා.
කේශ් ගියෙ වීරසිංහ සර්ගෙ ටේබල් එක ළඟට.ඒක දැක්කම විනීට හිතුනෙ වීරසිංහ සර් පිළිවෙළට වැඩ කරන කෙනෙක් කියල.
YOU ARE READING
Star Wars [Completed]✅
Randomසහෝදරත්වයෙන් බැඳී උන් අයියෙකු සහ නංගියෙකුත් ඔවුන් දෙදෙනාට එකතු වෙන තවත් පුද්ගලයෙකුත් වටා දිවෙන සිදුවීම් දාමයක අවසානය කෙසේ වේවිද.....