එයා හිටියෙ ස්කූල් යුනිෆෝම් එක ඇඳල බෑග් එක එල්ලගෙන.මූන සුදුමැලි වෙලා තිබුන එයාගෙන් පෙනුනෙ පළවෙනි වතාවට එළියට බැහැපු පෙනුමක්.කණ්ණාඩි දෙකට වැහිල තිබුනු ඒ දුඹුරු ඇස් යොමුවෙලා තිබුනෙ පන්තිය පැත්තට.
"ළමයි මේ ඉන්නෙ විනෙත්.එයාට ශිෂ්‍යත්වයක් ලැබිලා.ඒ නිසා එයා අපේ ස්කෝලෙට ආවා.හැමෝම එයාට හොඳින් සලකන්න."
"හරි එහෙනම්.මට හදිසි වැඩක් තියනවා.මං ඔෆිස් එකට යනවා.ඔයාලා කෑ නොගහ මේ ටියුට් එක කරන්න."එහෙම කියපු මිස් පන්තියෙන් ගියා.
පන්තියෙ හිටපු කවුරුත් අලුත් ළමයා ගැන වැඩිය සැලකිල්ලක් දැක්වුවෙ නෑ.මොකද එයාලා කාටවත් එයාගෙ ලොකු විශේෂත්වයක් පෙනුණේ නෑ.
පන්තිය වටේම දුවපු විනෙත්ගෙ ඇස් දෙක අන්තිමට නැවතුණේ කේශ්ගෙ එහාපැත්තෙ තිබුනු හිස් පුටුව ළඟ.හෙමීට එතනට ගියපු විනෙත් කේශ්ට කතා කළා.
"මං මෙතනින් වාඩි වුනාට කමක් නැද්ද"
"ආ කමක් නෑ.එන්න" එහෙම කියපු කේශ් ඩෙස් එකට ඔලුව තියාගෙන සිංදුවක් මුමුණන්න ගත්තා.
ඇත්තටම විනෙත්ගෙන් දිස්වුනේ හරිම අනුකම්පාසහගත පෙනුමක්.එයා හිටියෙ බය වෙලා වගේ.යුවීට මතක් වුනා තමන් ස්කෝලෙට ආපු මුල්ම දවස.එයා විනෙත් එක්ක හිනා වුනා.
YOU ARE READING
Star Wars [Completed]✅
Randomසහෝදරත්වයෙන් බැඳී උන් අයියෙකු සහ නංගියෙකුත් ඔවුන් දෙදෙනාට එකතු වෙන තවත් පුද්ගලයෙකුත් වටා දිවෙන සිදුවීම් දාමයක අවසානය කෙසේ වේවිද.....