💜️
කවුරුත් නොදැන හිටියට ජින් දැනගෙන හිටියා නම්ජුන් යූරාට පණවගේ ආදරේ කරනවා කියලා...
ඔව් , නම්ජුන් යූරාව දැක්ක දවසෙ ඉදන්ම තමයි යූරට ආදරේ කරන්න පටන් ගත්තේ...මුලින්ම නම්ජුන් යූරව දැක්කෙ අවුරුදු පහකට විතර කලින් යූරගෙ අප්පගෙයි,ඔම්මගෙයි Funeral එක දවසේ .......... එදා නම්ජුන්ට යූරා ගැන කැමැත්තක් ඇති උනත් ඒක එයාට කියන්න බැරි හේතු දෙකක් තිබුනා.......
පළවෙනි එක තමයි ....... මේ වෙනකොට නම්ජුන්, යූරා දෙන්නම පොඩියි...
දෙවනි එක තමයි ... ... යූරා ඒ වෙලාවෙ හිටියෙ මුලු ලෝකෙම තමන් ඉස්සරහ කඩාගෙන වැටුනා වගේ හැගීමකින්...
ඉතින් නම්ජුන් එයාගෙ අදහස හිතේම තියාගෙන වෙලාව ආවාම කියනවා කියලා තීය කරා.....අවුරුදු පහක් ගෙවිලා ගියත් නම්ජුන්ගෙ ආදරේ දවසින් දවස වැඩි වෙනවා මිසක් අඩුනම් උනේ නෑ..
මේ අවුරුදු පහ ඇතුලත නම්ජුන් යූරාව එකපාරක්වත් දැකලා තිබුනෙ නැති උනත් හියුන්ජුන් ගෙන් දැනගන්න ලැබුනු යූරගෙ විස්තර , යූරගෙ දගවැඩ ....... මේ හැමදේම එක්ක නම්ජුන් හැම මොහොතකම ජීවත් උනේ යූරා එක්ක....
ඒ වගේම වෙන කෙල්ලෙක් ගැන නම්ජුන් කිසිම වෙලාවක හිතුවෙ නෑ... කොච්චර කෙල්ලො ආදරෙයි කියාගෙන පස්සෙන් ආවත් නම්ජුන් නම් ගණන් ගත්තෙ නෑ ... මොකද එයා තමන්ගෙ මුලු හිතම නම්ජුන්ට දීලයි තිබුනෙ..නම්ජුන්ගේ ආදරෙත් එක්ක ගෙවුනු අවුරුදු පහකට විතර පස්සෙ ආයෙමත් නම්ජුන්ට යූරව දකින්න ලැබුනා...
කෙල්ල ලොකු වෙලා,ලස්සන වෙලා 😊ඒත් අද යූරව දකිද්දිත් යූරගෙ මාණසිකත්වය තිබුනෙ එදා තිබුන තැනමයි.. මොකද අද එයාගෙ හල්මොනී එයාව දාලා ගිහින්....
ඉතින් නම්ජුන්ගෙ හිතේ තියන දේ කියන්න කාලෙ හරි උනත් අවස්තාව හරි නැති නිසා නම්ජුන් ඒක ආය හිතේ හිරකරගත්තා.......මේම ඉන්නකොට තමයි නම්ජුන්ට දැනගන්න ලැබුනෙ වූබින් යූරව සෝල් වලට එක්කන් එනවා කියලා..
නම්ජුන්ට මේ දුන්න අවස්ථාවට දෙවියන්ට ස්තූති කරේ එයා මෙච්චර දවසක් දුරින් තියාගෙන ආදරේ කරපු චූටි කෙල්ලව එයාගෙ ලගට එව්ව නිසා....කෝමහරි හියුන්ජුන් ට කියලා යූරව තමන් යන School එකට දා ගත්තේ යූරව එයා ලගින්ම තියාගන්න ඕනෙ නිසා.....
School එකට අවට පස්සෙ යූරා තමන් එක්කම ඉද්දි නම්ජුන්ට දැනුනෙ මුළු ලෝකෙම එයා ගාව තියනවා වගේ සතුටක් 😊
යූරා නම්ජුන් ගාව හිටිය මේ ටික දවසට නම්ජුන් යූරට අසීමාන්තිකව ආදරේ කරන්න පටන් අරගෙනයි තිබුනේ.......... ඒකයි හැම වෙලාවකම නම්ජුන් යූරාව පරිස්සම් කරන්න හදන්නෙ . ❤️
YOU ARE READING
𝕃𝕀𝔽𝔼 ℙ𝔸ℝ𝕋ℕ𝔼ℝ [ ᴄᴏᴍᴘʟᴇᴛᴇ ]
Roman d'amourජීවිතේ කියන්නෙ අපිට තීරණය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි .... ඒ වගේම ආදරේ කියන්නෙ අපිට අයිති කරගන්නම ඕන දෙයක් නෙවෙයි දුරින් ඉඳන් හරි .. එයා සතුටින් ඉන්නවා කියන එක බලලා සැන සෙන්න පුළුවන් නම් ඒක තමයි ඇත්තම ආදරේ .... °°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°...