💜️
සොංඊ ගෙ ඒ Message එක දැක්ක ගමන් මට උන් හිටි තැන් අමතක වෙලා බකස් ගාලා හිනා ගියා 😂😂😂
පස්සෙ තමයි මට මතක් උනේ මං ඉන්නෙ Bus stop එකේ කියලා.. 😑😑මම ඉන්න තැන මතක් වෙලා වටපිට බලද්දි එතන හිටපු මිනිස්සු ඔක්කොම මගෙ දිහා බලාගෙන ඉන්නවා....😑
ඔක්කොම මිනිස්සු බලාගෙන හිටියත් කමක් නෑ . අර හෝතබුවාත් ඇස් දෙකත් චූටි කරගෙන මං දිහේ බලාගෙන හිටියෙ හරියට මාණසික රෝගියෙක් දිහේ බලනවා වගේ 😑😒' ශික් යූරා......... ඇයි අනේ ඔයා ඕම... 😑.. ඉන්න තැන මතක තියාස්නිං ඊරියේ... දැං ඉතින් ලැජ්ජාව.......... 😑 අනේ මට බෑ...... 😶😶'
මම හිතින් මටම බැනගත්තේ බිම බලාගෙනමයි. බස් එකක් එනකන් ආය මමනම් ඔලුව ඉස්සුවෙ නෑ.
ටික වෙලාවකින් Bus එකක් ආවා... කට්ටියම නැගලා ඉවරට තමයි මායි යුන්ගි ඔප්පයි නැග්ගෙ.බස් එකේ හැමෝම ඉදගෙන හිටියෙ. තව එක ලග තිබුන සීට් දෙකක් හිස් වෙලා තිබුනා.මමනම් බල බල හිටියෙ නෑ ගිහින් ඉදගත්තා.ඒත් අරයා මුලු බස් එක වටේම බලලා මං ගාවින් ඉදගත්තෙ වෙන කරන්න දෙයක් නැති නිසාද කොහෙද 🤭
ටික දුරක් ගියත් එයානම් වචනයක් කතා කරනවා තියා මගෙ මූණ දිහේවත් බැලුවෙ නෑ. 😒 ඒ නිසා මමත් ජනේල්ලෙන් එළිය බලාගෙන ගියා.. 😒 නිකන් කාටවත් Second වෙන්න ඕනෙ නෑනෙ 😁
ඊලගට බස් එක නතර කරපු තැනින් වයසක හරාබොජි කෙනෙකුයි හල්මොනී කෙනෙකුයි නැග්ගා. ඉතින් එයාලට ඉදගන්න දෙන්න ඕනෙ නිසා අපි දෙන්නම නැගිටලා හිටගත්තා .
ඒ දෙන්නම ගොඩක් වයසයි.. 🤔 මං හිතන්නෙ බැදලත් අවුරුදු 30 ක් 40 ක් විතර ඇති. ඒත් එයාලා හරියට හැසිරුනේ අද බැන්ද Couple එකක් වගේ.
මට ඒක දැකලා හිනා ගියේ මෙච්චර වයසට ගිහිනුත් මේ දෙන්නගෙ කෝලම කියලා 🤭😂මං ඒ එක්කම බැලුවෙ යුන්ගි ඔප්පා දිහේ. එයත් හිටියෙ මේ හරාබොජියි හල්මොනියි දිහේ බලාගෙන.
එයාගෙ මූනෙත් ලස්සන හිනාවක් ඇදිලා තිබුනා.
හැබැයි එයාගෙ හිනාවෙනම් තිබුනෙ ඒ දෙන්නා ගැන මගේ හිතේ තිබුනු අදහසනම් නෙවෙයි . ඒ හිනාව කිව්වේ..... මෙච්චර කාලයක් ගිහිනුත් මෙයාලා තාම ආදරෙන් ඉන්න ලස්සන කියලා ❤
![](https://img.wattpad.com/cover/270100217-288-k708457.jpg)
YOU ARE READING
𝕃𝕀𝔽𝔼 ℙ𝔸ℝ𝕋ℕ𝔼ℝ [ ᴄᴏᴍᴘʟᴇᴛᴇ ]
Romansaජීවිතේ කියන්නෙ අපිට තීරණය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි .... ඒ වගේම ආදරේ කියන්නෙ අපිට අයිති කරගන්නම ඕන දෙයක් නෙවෙයි දුරින් ඉඳන් හරි .. එයා සතුටින් ඉන්නවා කියන එක බලලා සැන සෙන්න පුළුවන් නම් ඒක තමයි ඇත්තම ආදරේ .... °°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°...